ශ්‍රී ලංකා පාසල් රග්බි කැලැන්ඩරයේ අතිඋත්කර්ශවත් පෙළහැර පෑම හෙවත් පාසල් රග්බි තරගාවලිය ලබන මාර්තු මස 9 වැනිදා සිට ආරම්භ වන ඇත.
මෙවර තරගාවලිය සඳහා කාණ්ඩ 3ක් යටතේ පාසල් 87කට අධික සංඛ්‍යාවක් සහභාගි වන අතර එය ලබන මාර්තු සිට ලබන ජුනි දක්වා පැවැත්වෙනු ඇත.
අළු මතින් නැඟිටීමට වෙර දරන කන්නංගරයට පිහිටක් වන්න
කොළඹ සී. ඩබ්. ඩබ්. කන්නංගර විද්‍යාලයේ රග්බි ක්‍රීඩාවේ පුහුණු සහ ක්‍රීඩා උපකරණ කුටිය ගින්නකින් විනාශ වී යාම නිසා එහි තිබූ ක්‍රීඩා උපකරණ…
තරගාවලියේ තිබෙන උද්වේගකරම තරග කාණ්ඩය වන A කාණ්ඩය යටතේ පාසල් 12ක් මෙවර ශූරතා කුසලාන සඳහා තරග කරනු ලබයි. එසේම ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය පවසන පරිදි ලබන මාර්තු මස 9 වැනිදා ආරම්භ වන මෙම පාසල් රග්බි සැණකෙළිය මාර්තු 29-31 දක්වා මෙන්ම අප්‍රේල් 13 සහ 14 යන දිනවල දී පමණක් නොපැවැත්වේ. ඒ සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය නිසාවෙනි.
පෙර වසරේ පරිදීම මෙවරත් තරගාවලියේ මූලික වටය අවසන් වූ පසුව I A කොටසේ පළමු කණ්ඩායම් 4 හා II A පළමු කණ්ඩායම් 4 ශූරතා කුසලාන තරග වටයට සුදුසුකම් ලබාගනු ඇත.
එම අවස්ථාව මඟ හැරෙන අනෙකුත් කණ්ඩායම් 4 B කාණ්ඩයෙන් තේරී පත්වන කණ්ඩායම් සමඟින් පලිහ කුසලානය සඳහා තරග වදිනු ඇත.
A කාණ්ඩය
| IA | IIA |
| කොළඹ රාජකීය විද්‍යාලය | ඉසිපතන විද්‍යාලය |
| ත්‍රිත්ව විද්‍යාලය | වෙස්ලි විද්‍යාලය |
| සාන්ත ජෝසප් විද්‍යාලය | සාන්ත පීතර විද්‍යාලය |
| ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය | සහිරා විද්‍යාලය |
| මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය | ධර්මරාජ විද්‍යාලය |
| කිංග්ස්වුඩ් විද්‍යාලය | ඩී.එස්.සේනානායක විද්‍යාලය |
B කාණ්ඩය
| IA | IIA |
| ගල්කිස්ස විද්‍යා විද්‍යාලය | කොළඹ ලුම්බිණි විදුහල |
| විද්‍යාර්ථ විද්‍යාලය මහනුවර | වේල්ස් කුමර විදුහල මොරටුව |
| ආනන්ද විදුහල | මලියදේව විදුහල |
| සාන්ත බෙනඩික්ට් විදුහල | තර්ස්ටන් විදුහල |
| සාන්ත සිල්වෙස්ටර් විදුහල | කොළඹ මහානාම විදුහල |
| පිළියන්දල ම.ම. විද්‍යාලය | ගාල්ල රිච්මන්ඩ් විදුහල |
‘A’ කාණ්ඩයේ තරග කාලසටහන (පැවැත්වෙන ස්ථාන වෙනස් විය හැක)
| 1 වන සතිය මාර්තු 5 – 12 දක්වා | |||
| සත්කාරක කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | ස්ථානය | |
| 1 | කොළඹ රාජකීය විද්‍යාලය | කිංග්ස්වුඩ් විද්‍යාලය | රාජකීය ක්‍රී.ස. |
| 2 | මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය | ත්‍රිත්ව විද්‍යාලය | නිත්තවෙල |
| 3 | සාන්ත ජෝසප් විද්‍යාලය | ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය | CR & FC |
| 4 | ඉසිපතන විද්‍යාලය | ඩී.එස්.සේනානායක විද්‍යාලය | හැව්ලොක් |
| 5 | වෙස්ලි විද්‍යාලය | ධර්මරාජ විද්‍යාලය | CR & FC |
| 6 | සාන්ත පීතර විද්‍යාලය | සහිරා විද්‍යාලය | බම්බලපිටිය |
| 2 වන සතිය මාර්තු 13 – 19 දක්වා | |||
| සත්කාරක කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | ස්ථානය | |
| 7 | මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය | කොළඹ රාජකීය විද්‍යාලය | නිත්තවෙල |
| 8 | කිංග්ස්වුඩ් විද්‍යාලය | ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය | බෝගම්බර |
| 9 | ත්‍රිත්ව විද්‍යාලය | සාන්ත ජෝසප් විද්‍යාලය | පල්ලෙකැලේ |
| 10 | ඉසිපතන විද්‍යාලය | ධර්මරාජ විද්‍යාලය | හැව්ලොක් |
| 11 | ඩී. එස්. සේනානායක විද්‍යාලය | සහිරා විද්‍යාලය | TBC |
| 12 | සාන්ත පීතර විද්‍යාලය | වෙස්ලි විද්‍යාලය | බම්බලපිටිය |
| 3 වන සතිය මාර්තු 20 – 26 දක්වා | |||
| සත්කාරක කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | ස්ථානය | |
| 13 | කොළඹ රාජකීය විද්‍යාලය | ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය | රාජකීය පිටිය |
| 14 | සාන්ත ජෝසප් විද්‍යාලය | මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය | CR & FC |
| 15 | කිංග්ස්වුඩ් විද්‍යාලය | ත්‍රිත්ව විද්‍යාලය | බෝගම්බර |
| 16 | සහිරා විද්‍යාලය | ඉසිපතන විද්‍යාලය | සහිරා පිටිය |
| 17 | සාන්ත පීතර විද්‍යාලය | ධර්මරාජ විද්‍යාලය | බම්බලපිටිය |
| 18 | ඩී.එස්.සේනානායක විද්‍යාලය | වෙස්ලි විද්‍යාලය | TBC |
| 4 වන සතිය අප්‍රේල් 02 – 10 දක්වා | |||
| සත්කාරක කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | ස්ථානය | |
| 19 | සාන්ත ජෝසප් විද්‍යාලය | කොළඹ රාජකීය විද්‍යාලය | CR & FC |
| 20 | ත්‍රිත්ව විද්‍යාලය | ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය | පල්ලෙකැලේ |
| 21 | මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය | කිංග්ස්වුඩ් විද්‍යාලය | නිත්තවෙල |
| 22 | සාන්ත පීතර විද්‍යාලය | ඉසිපතන විද්‍යාලය | හැව්ලොක් පිටිය |
| 23 | සහිරා විද්‍යාලය | වෙස්ලි විද්‍යාලය | සහිරා පිටිය |
| 24 | ධර්මරාජ විද්‍යාලය | ඩී.එස්.සේනානායක විද්‍යාලය | TBC |
| 5 වන සතිය අප්‍රේල් 19 – 25 දක්වා | |||
| සත්කාරක කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | ස්ථානය | |
| 25 | කොළඹ රාජකීය විද්‍යාලය | ත්‍රිත්ව විද්‍යාලය | රාජකීය පිටිය |
| 26 | සාන්ත ජෝසප් විද්‍යාලය | කිංග්ස්වුඩ් විද්‍යාලය | CR & FC |
| 27 | ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය | මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය | ගල්කිස්ස |
| 28 | ඉසිපතන විද්‍යාලය | වෙස්ලි විද්‍යාලය | CR & FC |
| 29 | සාන්ත පීතර විද්‍යාලය | ඩී.එස්.සේනානායක විද්‍යාලය | බම්බලපිටිය |
| 30 | සහිරා විද්‍යාලය | ධර්මරාජ විද්‍යාලය | සහිරා පිටිය |
තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට




















