රියෝ ඔලිම්පික් තරග බිමේ අවසන් ශ්‍රී ලංකා නියෝජනය අද තරග බිමට පිවිසීමට නියමිතයි. අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සහභාගී වන පිරිමි මැරතන් තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6ට ආරම්භ වනු ඇත. මෙරට වේලාවෙන් අද උදෑසන අවසන් වූ රියෝ ඔලිම්පික් උළෙලේ අවසානයට පෙර දිනයේ තොරතුරු කිහිපයක් අදත් රියෝ උණුසුම තුලින්.
පසුගිය ලිපි: රියෝ උණුසුම – නව ඔලිම්පික් ශූරයෙක් ඕනෑ කර තිබේ
ෆෙලික්ස් විශිෂ්ටයන් අතරට

ඇමරිකාවෙන් බිහිවූ 30 හැවිරිදි මේ සුපිරි ක්‍රීඩිකාව අද උදෑසන රියෝ ඔලිම්පික් තරග බිමට පිවිසියේ බොහෝ විට තම අවසන් ඔලිම්පික් ඉසව්ව විය හැකි කාන්තා මීටර් 400×4 අවසන් තරගයට සහභාගී වන්නටයි. කිසිදු අභියෝගයකින් තොරව එම ඉසව්වේ රන් පදක්කම ඇමරිකානු ක්‍රීඩිකාවන් සතුවීම හේතුවෙන් ෆෙලික්ස් තම 6වන ඔලිම්පික් රන් පදක්කම ගෙල පැළදීමේ භාග්‍ය ලැබීය.
ඇමරිකානුවන් තරගය අවසන් කරන්නට ගත කළ කාලය මිනිත්තු 3යි තත්ත්පර 19.06ක්. එම ඉසව්වේ දෙවන ස්ථානය ජමෙයිකාවටත් ලෝකඩ පදක්කම මහා බ්‍රිතාන්‍යටත් හිමි විය.
මේ අනුව ඇලිසන් ෆෙලික්ස් ද ඔලිම්පික් මලල ක්‍රීඩා තරග බිමේ උසෙයින් බෝල්ට් හා සමාන පදක්කම් සංඛ්‍යාවක් දිනාගෙන ඇති අතර එකම වෙනස වන්නේ ඉන් පදක්කම් 3ක් රිදී පදක්කම් වීමයි.
400×4 පිරිමි ජයත් ඇමරිකාවට.

එම ඉසව්වෙත් රිදී පදක්කම දිනා ගත්තේ ජමෙයිකා කණ්ඩායමයි. පසුගිය ඔලිම්පික් උළෙලේ මෙම ඉසව්වේ රන් පදක්කම් ලාභීන් වන බහාමාස් කණ්ඩායමට මෙවර ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත් වන්නට සිදුවිය.
මෝ ෆාරා බ්‍රිතාන්‍ය ඉතිහාසයට එක්වෙයි.

ෆාරා අද පිරිමි මීටර් 5000 ඉසව්ව කිසිදු අභියෝගයකින් තොරව ජය ගත්තේ මිනිත්තු 13 තත්පර 03.30ක කාලයක් වාර්තා කරමිනුයි. ඉසව්වේ රිදී පදක්කම ඇමරිකාව නියෝජනය කරන පෝල් චෙලිමෝ හටත් ලෝකඩ පදක්කම ඉතියෝපියාවේ හාගොස් ජෙබ්රිවෙට් හටත් හිමිවිය.
ෆාරා 2012 වසරේ දිනා ගත් පිරිමි මීටර් 10,000 සහ 5,000 රන් පදක්කම් දෙකම මෙවරද ආරක්ෂා කර ගත්තා පමණක් නොව සමස්ත පදක්කම් සටහනේ චීනය අභිබවා ඉදිරියෙන් රැඳී සිටින්නට මහා බ්‍රිතාන්‍ය කණ්ඩායමට අනගි දායකත්වයක් ලබා දෙන්නටද සමත් විය.
ඔලිම්පික් පාපන්දු ඉතිහාසයේ පළමු වරට රන් පදක්කම බ්‍රසීලයට

ලෝක ශූර ජර්මානු කණ්ඩායම සමග බ්‍රසීලය රන් පදක්කම් සටනට එක් වුනේ මරකානා ක්‍රීඩාංගනයේදී. මෙම තරගයේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම එක් ගෝලය බැගින් ලබා සම 
දඬුවම් පහර 5-4ක් ලෙස සාර්ථක කරගත් බ්‍රසීල ක්‍රීඩකයන් ඉතිහාසය අලුතින් ලියන්නට සමත් විය.
චීන ක්‍රීඩිකාවන් සර්බියාව හඬවයි

කෙසේ වෙතත් චීන පුහුණුකාරිය පිටියේ වෙනස්කම් කිහිපයක් සිදු කරමින් සර්බියාවේ ප්‍රබලතම ප්‍රහාරක ක්‍රීඩිකාව ආවරණය කිරීමත් සමග ඔවුන්ට තරග සැලසුම් වෙනස් කර ගැනීමට නොහැකිව අසරණ වීම නිසා චීනය ඉදිරි තරග වට 3ම ජය ගත්තේ රන් පදක්කමේ අයිතියද තහවුරු කර ගනිමිනුයි.
වොලිබෝල් රන් පදක්කම සමග මහා බ්‍රිතාන්‍ය සමග රන් පදක්කම් පරතරය 1ක් දක්වා අඩු කර ගන්නට චීනය සමත් වුවත් සමස්ත පදක්කම් සටහනේ දෙවන ස්ථානය තහවුරු කර ගැනීමට නම් චීනයට, අවසන් දිනය තුලදී ඉතා ඉහල දස්කම් දැක්වීමට සිදු වනු ඇති.
රියෝ උණුසුම රැගත් අවසන් ලිපියත් සමඟින් හෙටත් හමුවෙමු. ඔබට ක්‍රීඩාශීලී දවසක්!
– අද දිනය නිමාවන විට පදක්කම් සටහන –
තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට


























