මෙවර ඔලිම්පික් රග්බි පිටියේ පෙරලිකාරයන් වූ ජපානයට සත් සාමාජික රග්බි ඉසව්වෙන් සිවුවන ස්ථානයෙන් සෑහීමකට පත් වන්නට සිදු විය. ඒ ලෝකඩ පදක්කම සඳහා පැවතී තරගයේ දී දකුණු අප්‍රිකාව හමුවේ පරාජය වීමත් සමගයි.
පසුගිය ලිපි: නවසීලන්තයට සහ ආර්ජන්ටිනාවට රග්බි පදක්කම් අහිමි වෙයි

මේ අනුව ඔවුන් තරගය ජය ගත්තේ ලකුණු 43 : 07 ක් ලෙසිනි. උත්සාහක දිනුම් 7ක් සහ ප්‍රවර්තන 4ක් සමගින් ජයග්‍රාහී ෆීජී ක්‍රීඩකයින් ලකුණු රැස් ලදී. ශ්‍රී ලංකාවෙන් 1/20 ක පමණ ජනගහනයක් වෙසෙන කුඩා පැසිෆික් දූපතක් වන ෆීජී රාජ්‍යය ඔලිම්පික් ඉතිහාසයේ දිනාගත් පළමු පදක්කම මෙයයි. සැබවින්ම එය රන් පදක්කමකි.
ලෝකඩ පදක්කම සඳහා පැවති තරගයේදී පෙරළිකාර ජපානය ලකුණු 54 -14 ක් ලෙස පරදවන්නට දකුණු අප්‍රිකාව සමත් විය. උත්සාහක දිනුම් 8ක් සහ ප්‍රවර්තන 7ක් දකුණු අප්‍රිකානු ලකුණු පුවරුවට ඇතුලත් විය. කෙසේ වෙතත් නවසීලන්තය 5 වන ස්ථානයත් ඔස්ට්‍රේලියාව 8වන ස්ථානයත් දිනා ගත් තරගාවලියක ජපානයේ සිව්වන ස්ථානය අතිශය ප්‍රශංසනීය දස්කමකි.
ෆෙල්ප්ස්ට තවත් රන් පදක්කමක්

ඒ පිරිමි මීටර් 200 මිශ්‍ර ආර ඉසව්ව ජයගනිමිනුයි. ශ්‍රී ලංකා වේලාවෙන් අද උදෑසන පැවති මේ ඉසව්ව අවසන් කරන්නට ෆෙල්ප්ස් ගත කළ කාලය මිනිත්තු 1යි, තත්ත්පර 54.66ක්. මෙවර රියෝ ඔලිම්පික් උළෙලේදී ෆෙල්ප්ස් දිනා ගත් 4වන රන් පදක්කම මෙයයි.
මේ අනුව මයිකල් ෆෙල්ප්ස් ගේ සමස්ත පදක්කම් එකතුව 26 දක්වා ඉහල යන ලදී. (රන් 22, රිදී 2, ලෝකඩ 2). එම දස්කම පිලිබඳ තවත් අයුරකින් පැවසුවහොත්, මෙම ඇමරිකානුවා තනිව දිනා ඇති ඔලිම්පික් පදක්කම් සංඛ්‍යාව ඔලිම්පික් ඉතිහාසය පුරාවටම ඉන්දියාව දිනා ඇති (අද වන විට රන් 9, රිදී 6, ලෝකඩ 11) සමස්ත පදක්කම් සංඛ්‍යාවට සම වෙයි.
ඊයෙත් ලෝක වාර්තාවක්

රියෝ තරග බිමේ ඊයේ දිනයට (මෙරට වේලාවෙන් අද උදෑසන) තරග අවසන් වන විට නව ඔලිම්පික් වාර්තා 26ක් ද බිහිවී තිබුණි.
කෙන්යානු මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් ගෙදර
කෙන්යානු මලල ක්‍රීඩා කණ්ඩායමේ පුහුණුකරුවෙක් රියෝ තරගයෙන් ඉවත් කරන්නට ඔලිම්පික් බලධාරීන් පියවර ගෙන ඇත. ඒ මලල ක්‍රීඩකයෙක් වෙනුවෙන් ඔහු තහනම් උත්තේජක පරීක්ෂණයකට සහභාගී වීම හේතුවෙනුයි.
කෙන්යා කෙටි දුර ධාවන පුහුණුකරු ජෝන් අන්ස්රා මෙසේ තහනම් උත්තේජක පරීක්ෂාවක් සඳහා තම මුත්‍රා සාම්පලයක් ලබා දීමට කටයුතු කර ඇත්තේ මීටර් 800 ධාවක ෆර්ගසන් රොටිච් වෙනුවෙනුයි. ෆර්ගසන් මෙවර මෙම ඉසව්වේ රන් පදක්කම දිනා ගනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය තබා ඇති ක්‍රීඩකයෙකි.
අන්ස්රා, ෆර්ගසන් වෙනුවෙන් මුත්‍රා සාම්පලය ලබා දීමෙන් පසු අදාළ ලේඛන වල අත්සන් තබා ඇති බවද වාර්තා වෙයි. මීට දින කීපයකට පෙර කෙන්යානු මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකාර වරයාවද ඔලිම්පික් ගම්මානයෙන් නෙරපනු ලැබුවේ තහනම් උත්තේජක පරීක්ෂණ සිදු කෙරෙන වේලාවන් හෙළිදරව් කිරීමට රහසිගත මාධ්‍යවේදියෙකු ගෙන් මුදල් ඉල්ලා සිටීමේ සිදුවීමක් හේතුවෙනුයි.
18 හැවිරිදි යෞවනයා ඔලිම්පික් පිහිනුම් තටාකය කළඹයි

ඕනෑම ක්‍රීඩා උළෙලක වඩාත්ම අවධානය හිමිවන පිහිනුම් ඉසව්ව වන්නේ මීටර් 100 නිදහස් ආර ඉසව්වයි. එම ඉසව්වේ ජයග්‍රාහකයා වේගවත්ම පිහිනුම්කරු ලෙස ලෝකයේම ගෞරවයට පාත්‍ර වෙයි. කයිල් චාමර්ස් මේ ඉසව්වේ පළමු මීටර් 50, 7 වැනියා ලෙස අවසන් කරන විට ඔහු මෙවන් දස්කමක් දක්වනු ඇති බවට කිසිවෙක් නොසිතන්නට ඇත.
නමුත් තත්පර විසි ගණනක් තුළ ක්‍රීඩකයන් 6 දෙනෙක් පසු කරමින් රියෝ පිහිනුම් තටාකයේ වේගවත්ම මිනිසා බවට පත් වන්නට මේ ඕස්ට්‍රේලියානු යෞවනයා සමත් විය. ඔහුගේ තරග නිමි කාලය සටහන් වුණේ තත්පර 47.58ක් ලෙසින්.
ඔලිම්පික් ධජය යටතේ පළමු රන් පදක්කම

කුවේට් ජාතික අල් ඩීහානිට මෙවර ඔලිම්පික් තරගාවලියට නිදහස්/ ස්වාධීන ඔලිම්පික් ක්‍රීඩකයෙකු ලෙස තරග කිරිමට සිදුවූයේ ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් කුවේට් ඔලිම්පික් කමිටුවට ඔලිම්පික් තරගාවලිය එක්වීමට තහනමක් පනවා ඇති හෙයිනි. යම් රටකට ජාත්‍යන්තර ඔලිම්පික් තහනමක් පනවා ඇති අවස්තාවක හෝ, තම රට නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලට සහභාගී වීම සඳහා දේශපාලන හෝ වෙනත් හේතුවක් නිසා නොහැකි අවස්ථා වලදී අදාළ ක්‍රීඩකයන්ට ඔලිම්පික් ධජය යටතේ ස්වාධීන ක්‍රීඩකයන් ලෙස තරග වැදීමට අවස්තාව හිමිවෙයි.
අවසන් වරට නිදහස් ඔලිම්පික් ක්‍රීඩකයෙක් කුමන හෝ පදක්කමක් දිනාගෙන ඇත්තේ 1992 වසරේදීයි.
ඩීහානි 2000 සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ හා 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ වෙඩි තැබීවේ ඉසව් සඳහා එක්වෙමින් ලෝකඩ පදක්කම් දෙකක් හිමිකරගත් අතර ඔහු එම තරගාවලි සඳහා එක් වූයේ කුවේට් රාජ්‍යය නියෝජනය කරමිනුයි.
ලොව කැළඹු සාමයේ සෙල්ෆිය.

උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් දෙක අතර පස මිතුරු ඉතිහාසය දෙවන ලෝක යුද සාමය දක්වා දිවෙන පැරණි සටනක්. කෙසේ වෙතත් තම පාලකයන්ගේ සතුරුකම් ක්‍රීඩා පිටියට අදාළ නොවන බව ලොවට පෙන්වමින් තම පළමු ඔලිම්පික් උළෙලට එක්ව සිටින මේ 17 හැවිරිදි සුන්දර දකුණු කොරියානු දැරිය, 2008 බීජිං ඔලිම්පික් උළෙලේ රන් පදක්කම් ලාභී උතුරු කොරියානු ක්‍රීඩිකාව අසලට දිව ආවේ තමන් ක්‍රීඩාවේ ප්‍රවීනයෙක් ලෙස සලකන එම ක්‍රීඩිකාව සමග සෙල්ෆී ඡායාරූපයක් ලබා ගැනීමටයි.
රියෝ ජිම්නාස්ටික් පුහුණු මධ්‍යස්ථානයේදී, 27 හැවිරිදි උතුරු කොරියානු ක්‍රීඩිකා හොං උන් ජොං සමග 17 හැවිරිදි දකුණු කොරියානු ක්‍රීඩිකා ලී එන්-ජූ සෙල්ෆීයක් ගන්නා මෙම සේයාරුව වසර 100කට අධික ඔලිම්පික් ඉතිහාසයේ ප්‍රබලතම සන්නිවේදන මාධ්‍යයක් බවට පත් වනු ඇති බව නම් නොඅනුමානයි.
කෙසේ වෙතත් ”ඒකාධිපති පාලකයෙක් බඳු දැඩි මතධාරී මෙන්ම ඉතා දරුණු පාලකයෙක් ලෙස සැලකෙන, උතුරු කොරියානු නායක කිම් – ජොං උන් මේ ඡායාරූපය දුටුවහොත් කුමක් සිදුවේද?” යන්න ලොව පුරා කතා බහට ලක්ව ඇති තවත් මාතෘකාවකි.
හෙටත් රියෝ උණුසුම ලිපියක් සමගින් හමුවෙමු. ඔබට ක්‍රීඩාශීලී දවසක්!
තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට
- අද දිනට පදක්කම් සටහන –






















