6 වැනි Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අද (29) කොළඹ එස්. එස්. සී. පිටියේ දී නිමා වූ අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති අවසන් මහා තරගයෙන් තියුණු අවසානයකින් අනතුරුව කඩුලු 4ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවසන් තරගයට සුදුසුකම් ලබති
6 වැනි Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අද (28) කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවති ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයෙන් කඩුලු…
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 211ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 212ක් ලබා ගත්තේ අවසන් පන්දුව දක්වාම සටන් කරමිනි.
ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 7 දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වුව ද දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 117ක සබඳතාවක් එක් කිරීමට මුර්ටෂා ශබිර් සහ යශ් නාහර් සමත් වූහ. ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස යශ් නාහර් පන්දු 45ක දී ලකුණු 58ක් ලබා දැවී ගියේ තම ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුලත් කර ගනිමිනි.
අනතුරුව දිව්‍යාංග් හින්ගෙකර් සමඟ එක් වු මුර්ටෂා ශබිර් තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණ ලකුණු 87ක සබඳතාවක් එක් කළහ. ඔවුන්ගේ ඉනිම නිමා වන විට මුර්ටෂා ශබීර් පන්දු 48කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 76ක් ලබා ගත්තේ ය.
දිව්‍යාංග් හින්ගෙකර් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 46කි. එම ඉනිමට පන්දු 46ක් වැය වූ අතර හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් තම ඉනිමට ඇතුලත් කර ගත්තේ ය.
කඩුලු ලබා ගැනීමේ දී ජනිත් ලියනගේ සහ ඩෙවින් පත්මනාදන් කඩුල්ලක් බැගින් බෙදා ගත්හ.
සචිත්‍ර සේරසිංහ දවසේ වීරයා වේ
වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (29) පැවති තරග අතරින් TeeJay ලංකා, කොමර්ෂල් ක්‍රෙඩිට් සහ ඩිමෝ කණ්ඩායම් ජයග්‍රහණ…
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ පසිඳු ලක්ශංක සහ දිනෙත් තිමෝද්‍ය යි. ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 41ක සබඳතාවක් ගොඩ නැගූහ. පළමු කඩුල්ල ලෙසින් පසිඳු ලක්ශංක පන්දු 13කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟ ලකුණු 19ක් ලබා සිටිය දී දැවී ගියේ ය.
අනතුරුව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක සබඳතාවක් එක් කිරීමට දිනෙත් තිමෝද්‍ය සහ හෂාන් දුමිඳු සමත් වූහ. දිනෙත් ඉනිමේ වාර්තා කළ එකම අර්ධ ශතකය අද ඔහු නමින් ලියා ගත්තේ ය. ඔහු දෙවැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 34කට මුහුණ දී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තේ ය.
ශ්‍රී ලංකා ඉනිමේ ගොඩ ගැනීමේ දී තෙවැනි කඩුල්ල වෙනුවෙන් හෂාන් දුමිඳු සහ සුපේෂල ජයතිලක ද අගනා මෙහෙවරක් කළේය. ඔවුන් දෙදෙනා එක්ව එම කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 48කි. හෂාන් දුමිඳු පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ද, සුපේෂල පන්දු 23ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 29ක් ද ලබා ගත්හ.
තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බොහෝ අවස්ථාවල දක්ෂතා දැක්වූ ජනිත් ලියනගේට අද කිසිදු ලකුණක් ලබා ගත හැකි වූයේ නැත. ඉනිමේ සිව්වැනි සහ 5 වැනි කඩුලු ඉතා ඉක්මනින් අහිමි වීම කණ්ඩායමේ ජයග්‍රහණය පමා කරන්නක් විය.
එම අවස්ථාවේ හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 56ක සබඳතාවක් ගොඩ නැගීමට රනිත ලියනාරච්චි සහ කොශාන් ධනුශ්ක සමත් වූහ. කොශාන් පන්දු 10ක දී හයේ පහර 3ත් සමඟ ලකුණු 20ක් තම කණ්ඩායමට එක් කළේය.
තරගයේ අවසන් පන්දු වාරයේ අවසන් පන්දු 4 දී ජයග්‍රහණය සඳහා ලකුණු 9ක් අවශ්‍ය වූ අතර එය අවසන් පන්දුව දක්වාම ඇදී යමින් තරගයේ ජයග්‍රහණය ශ්‍රි ලංකා ක්‍රීඩකයෝ සතු වෙද්දී, රනිත ලියනාරච්චි පන්දු 14කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් නොදැවුණ ලකුණු 26ක් ලබා ගත් අතර ඩෙවින් පද්මනාදන් නොදැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 2කි.
කඩුලු ලබා ගැනීමේ දී රොෂාන් දම්ලේ ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රධාන ප්‍රතිවාදියා වෙමින් තම පන්දු වාර 4 ලකුණු 30කට සීමා කර ගනිමින් කඩුලු 4ක් දවා ගත්තේ ය. ඊට අමතරව අට්මන් පූර් සහ දික්විජේ දේශ්මුක් කඩුල්ල බැගින් දවා ගත්හ.
තරගයේ වීරයා සම්මානයෙන් ශ්‍රී ලංකාවේ දිනෙත් තිමෝද්‍ය නම් කෙරුණි.
ඉන්දියාව; කඩුලු2ක් දැවී 211 (20.0): මුර්ටෂා ශබීර් 76, යශ් නාහර් 45, දිව්‍යාංග් හින්ගෙකර් නොදැවි 46,
ශ්‍රී ලංකාව; කඩුලු6ක් දැවී 212 (20.0) දිනෙත් තිමෝද්‍ය 54, සුපේශල ජයතිලක 29, හෂාන් දුමිඳු 28, රනිත ලියනාරච්චි නොදැවී 26, කොෂාන් ධනුෂ්ක 21, රොෂාන් දම්ලේ 4/30
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















