ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ප්‍රීමා වයස අවුරුදු 15න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ලීග් තරගාවලියේ අද (20) නිමා වූ දඹුල්ල සහ මහනුවර අතර තරගයේ දී මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමත් සහ ගාල්ල සහ කොළඹ උතුර අතර තරගයේ දී ගාල්ල වයස අවුරුදු 15න් පහළ ක්‍රීඩකයෝ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා.
නිමා වූ එම තරග ද්විත්වයේ දී දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයන් බවට පත් වූයේ මහනුවර කණ්ඩායමේ ශතිර දෙනුවන් සහ දඹුල්ල කණ්ඩායමේ යුමාල් එගොඩගේ. ඔවුන් දෙදෙනා තම ප්‍රතිවාදීන්ට එරෙහි ව කඩුලු 5ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
දඹුල්ල සහ මහනුවර අතර තරගය
කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය පිටියේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් මහනුවර කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 129ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දඹුලු ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 65ක් පමණයි.
දඹුල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
යුමාල් එගොඩගේ (නායක), උදර්ශ දිනුජය, දිසස් බණ්ඩාර (කඩුලු රකින්නා), තරුක්ෂ ද සිල්වා, නෙසද් වීරසිංහ, සංතෝෂ ගුණසේකර, පබසර වනසිංහ, රසිඳු ආකර්ශ, සිතිජ නෙත්සර, විතුන් රත්නකුමාර සහ ගිම්හාන් මිකෙල්.
මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
ලකිඳු මෙවුල් (නායක), රන්දිදු නාරායන, උසුල උදාකර, අනුහස් ඩිල්ශාන්, සවිත විතානගේ, ශෂිත බණ්ඩාර, සනිරු අනුහස් (කඩුලු රකින්නා), ඉමංජිත් දිසානායක, ශතිර දෙනුවන්, තිනුලක රාජපක්ෂ සහ තරුෂ නිමන්ත.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මහනුවර ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ සවිත විතානගේ. ඔහු පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා ගන්නවා. ඊට අමතර ව ඉනිමේ වාර්තා වූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 18යි. සනිරු අනුහස් ලබා ගත් එම ලකුණු සංඛ්‍යාව වෙනුවෙන් පන්දු 34ක් වැය වූ අතර ඊට එකඳු හෝ සීමා ලකුණක් එක් වූයේ නැහැ.
ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 62ක දී ලකුණු 37ක සබඳතාවක් ගොඩ නගනවා. ඊට අමතර ව මහනුවර ඉනිම වෙනුවෙන් 9 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 72ක දී ලකුණු 30ක සබඳතාවක් එක් කිරීමට තිනුලක රාජපක්ෂ (11) සහ නායක ලකිඳු මෙවුල් (නොදැවී 17) සමත් වෙනවා.
කඩුලු දවා ගැනීමේ දී යුමාල් එගොඩ ගේ ලකුණු 30කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව පබසර වනසිංහ කඩුලු 2ක් ද, තරුක්ෂ ද සිල්වා සහ සිතිජ නෙත්සර කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුල්ල ඉනිමේ පළමු කඩුලු 8ට ලබා ගන්නේ ලකුණු 38ක් පමණක් වන අතර ඉන් කඩුලු 3ක් ම එක් පන්දුවාරයක් තුළ දවා ගැනීමට ශතිර දෙනුවන් සමත් වෙනවා. ඔහු දඹුලු ඉනිම අවසන් වන විට ලකුණු 8කට කඩුලු 5ක් දවා ගන්නවා.
ඊට අමතර ව ආරම්භක පන්දු යැවූ තිනුලක රාජපක්ෂ කඩුලු 3ක් ද, තරුෂ නිමන්ත සහ ශෂිත් බණ්ඩාර කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
අඩු ලකුණු ප්‍රමාණයකට සීමා වූ දඹුලු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු දිසස් බණ්ඩාර. ඔහු පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා ගත්තා.
ඊට අමතර ව රසිඳු ආකර්ශ ලකුණු 15ක් ද සහ ඉනිම අවසන් වන විට විතුන් රත්නකුමාර පන්දු 22කට මුහුණ දෙමින් හයේ පහරක් ද සමඟින් නොදැවී ලකුණු 14ක් ද ලබා සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- මහනුවරවයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 129 (38.2) සවිත විතානගේ 27, සනිරු අනුහස් 18, ලකිඳු මෙවුල් නොදැවී 17, යුමාල් එගොඩගේ 5/30, පබසර වනසිංහ 2/21
- දඹුල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 65 (21.5)දිසස් බණ්ඩාර 16, තිනුලක රාජපක්ෂ 3/20, ශතිර දෙනුවන් 5/08
මහනුවර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට ලකුණු 64ක ජයක්.
- දිසස් බණ්ඩාර පළමු ශතකලාභියා වෙයි
- පළාත් ක්‍රීඩකයන් 80කගේ යොවුන් අරගලය
- තෙවැනි කොටසේ ශූරතාව තිඹිරිගස්කටුවට
- 15න් පහළ යොවුන් තරගාවලියට දින වෙන් කරයි
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලය 19න් පහළ Tier B ශූරයන් වෙයි
කොළඹ උතුර සහ ගාල්ල අතර තරගය
කොළඹ වෙළඳ සේවා ක්‍රිකට් පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කොළඹ උතුර කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 212ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ලෙසින් කොළඹ උතුර ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 9ක් දැවී ලකුණු 147ක් පමණයි.
ගාල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
හිරුක අකලංක (නායක), චරණ චනුපති, හිරුන් මතීෂ, නිශිත් තේජව, දියත් සංජිත, මොහොමඩ් ශිහාබ්, ලිනුවර සත්විඳු (කඩුලු රකින්නා), ගෙසඳු බිසස්, චෙනුල් මින්ලක, ගයුක කවිශ්ක සහ කවීෂ ගයාශාන්.
කොළඹ උතුර වයස අවුරුදු 15න් පහළ කණ්ඩායම
මිශික අබේවර්ධන (නායක), ගිත්ම ඉමදිත්, ජනදීප ඔකාශ්, චේතින කාවින්ද, හෆීස් ජුන්කීර් (කඩුලු රකින්නා), සෙහඳු සමරවීර, සදිස කාවින්ද, අබ්දුල් රහුමාන්, ශෙනුක් නිලේෂ්, සදෙව් දෙව්මිණ සහ දෙසිඳු දින්සර.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ගාල්ල කණ්ඩායම් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ලිනුවර සත්විඳු. ඔහු පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 38ක් ලබා ගත්තා. ඊට අමතර ව මොහොමඩ් ශිහාබ් පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.
ඔවුන්ට අමතර ව දියත් සංජිත පන්දු 83කට මුහුණ දෙමින් ලකුණු 29ක් ද සහ ගෙසඳු බිසස් පන්දු 27ක දී ලකුණු 20ක් ද රැස් කරනවා.
කඩුලු දවා ගැනිමේ දී අබ්දුල් රහුමාන් ලකුණු 17කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරන ලද අතර ඊට අමතර ව දෙසඳු දින්සර කඩුලු 2ක් ද, ශෙනුක් නිලේෂ් සහ සදිස කාවින්ද කඩුල්ල බැගින් ද ලබා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි කොළඹ උතුර කණ්ඩායම් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ජනදීප ඔකාශ්. ඔහු පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබා ගන්නවා. ඊට අමතර ව චේතින කාවින්ද පන්දු 55ක දී ලකුණු 24ක් ද සහ හෆීස් ජුන්කීර් පන්දු 32ක දී ලකුණු 21ක් ද ලබා ගන්නවා.
පන්දු යැවීමේ දී හිරුක අකලංක සහ ගෙසඳු බිසස් කඩුලු ද්විත්වය බැගින් දවා ගනිද්දී චෙනුල් මින්ලක, ගයුක කවිශ්ක සහ කවීෂ ගයාශාන් කඩුල්ල බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ගාල්ලවයස අවුරුදු 15න් පහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 212 (50.0) දියත් සංජිත 29,මොහොමඩ් ශිහාබ් 35, ගෙසඳු බිසස් 20, ලිනුවර සත්විඳු නොදැවී 38, දෙසිඳු දින්සර 2/43, අබ්දුල් රහුමාන් 3/17
- කොළඹ උතුරුවයස අවුරුදු 15න් පහළ කණ්ඩායම– කඩුලු 9ක් දැවී 147 (50.0) ජනදීප ඔකාශ් 27, චේතින කාවින්ද 24, හෆීස් ජුන්කීර් 21, අබ්දුල් රහුමාන් 19, ගෙසඳු බිසස් 2/34, හිරුක් අකලංක 2/18
ගාල්ල වයස අවුරුදු 15න් පහළ කණ්ඩායමට ලකුණු 65ක ජයක්.
තරගාවලියේ මිළඟ තරග මේ මස 22 වැනිදා පැවැත්වෙන අතර එහි දී කොළඹ දකුණ සහ මහනුවර අතර තරගය කොළඹ මැලේ ක්‍රීඩා සමාජ පිටියේ දී ද, ගාල්ල සහ දඹුල්ල අතර තරගය කොළඹ වෙස්ලි විද්‍යාලයීය පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















