ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය සහභාගී වන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියක් පැවැත්වීමට පාකිස්තානය සැලසුම් කර තිබෙනවා.
එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් හොඳ පෙරහුරුවක් ලබා ගැනීම සඳහා මෙන්ම, කණ්ඩායම්වලට සිය ක්‍රීඩකයින් තහවුරු කර ගැනීමට ද මෙය වටිනා අවස්ථාවක් වනු ඇති.
පාකිස්තානයේ සත්කාරකත්වයෙන් යුතුව පැවැත්වෙන මෙම තරගාවලිය පාකිස්තානයේ ක්‍රීඩාංගණ දෙකක් තුළ ක්‍රියාත්මක වනු ඇති.
එළඹෙන නොවැම්බර් මස 17 වැනි දා ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර තරගයෙන් මෙම තරගාවලිය ආරම්භ කිරීමට නියමිත අතර, එය ඇෆ්ගන් ක්‍රීඩකයින් පාකිස්තානයේ ක්‍රීඩා කරන පළමු විස්සයි විස්ස තරගය ලෙස ද ඉතිහාස ගත වනු ඇති.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
තරගාවලියේ දෙවැනි තරගය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර නොවැම්බර් 19 දින පැවැත්වීමට නියමිත අතර, මෙම මුල් තරග ද්විත්වය Rawalpindi ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ඉන් අනතුරුව තරගාවලියේ ඉතිරි තරග ලාහෝරයේ Gaddafi ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර, මෙහි දී නොවැම්බර් 22 පාකිස්තානය සහ ශ්‍රී ලංකාවත්, නොවැම්බර් 25 ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාවත්, නොවැම්බර් 27 නැවතත් පාකිස්තානය සහ ශ්‍රී ලංකාවත් තරග වැදීමට නියමිතයි.
තරගාවලියේ අවසන් මහා තරගය නොවැම්බර් 29 දින ක්‍රියාත්මක වනු ඇති.
මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<