පාකිස්තාන සුපර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හෙවත් PSL 2025 තරගාවලිය පසුගියදා නිමා වෙන්නේ Shaheen Shah Afridi ගේ නායකත්වයෙන් යුත් Lahore Qalandars කණ්ඩායමට ජයග්‍රහණය අත් කර දෙමින්.
10 වැනි වරටත් පැවැති මෙම තරගාවලියේ Lahore Qalandars කණ්ඩායම ජයග්‍රහණය ලැබූ තෙවැනි අවස්ථාව මෙයයි. ඔවුන් මීට පෙර 2022 සහ 2023 වසර ද්විත්යේ ද ජයග්‍රහණය ලැබූ අතර එම අවස්ථා 2 දී සේ ම මෙවර ද මෙම කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දැරුවේ Shaheen Shah Afridi විසිනුයි.
- PSLතරගාවලියේ ගමන් මඟ
ජයග්‍රහණය | ප්‍රතිවාදීන් | තරගයේ වීරයා | වසර | |
1 | Islamabad United කණ්ඩායමට කඩුලු 6ක ජයක්. | Quetta Gladiators | Dwayne Smith | 2016 |
2 | Peshawar Zalmi කණ්ඩායමට ලකුණු 58ක ජයක්. | Quetta Gladiators | Daren Sammy | 2017 |
3 | Islamabad United කණ්ඩායමට කඩුලු 3ක ජයක්. | Peshawar Zalmi | Luke Ronchi | 2018 |
4 | Quetta Gladiators කණ්ඩායමට කඩුලු 8ක ජයක්. | Peshawar Zalmi | Mohammad Hasnain | 2019 |
5 | Karachi Kings කණ්ඩායමට කඩුලු 5ක ජයක්. | Lahore Qalandars | Babar Azam | 2020 |
6 | Multan Sultans කණ්ඩායමට ලකුණු 47ක ජයක්. | Peshawar Zalmi | Sohaib Maqsood | 2021 |
7 | Lahore Qalandars කණ්ඩායමට ලකුණු 42ක ජයක්. | Multan Sultans | Mohammad Hafeez | 2022 |
8 | Lahore Qalandars කණ්ඩායමට ලකුණක ජයක්. | Multan Sultans | Shaheen Shah Afridi | 2023 |
9 | Islamabad United කණ්ඩායමට කඩුලු 2ක ජයක්. | Multan Sultans | Imad Wasim | 2024 |
10 | Lahore Qalandars කණ්ඩායමට කඩුලු 6ක ජයක්. | Quetta Gladiators | කුසල් පෙරේරා | 2025 |
- PSL10 වැනි අදියර
o අවසන් මහා තරගය, Gaddafi Stadium, Lahore
o කාසියේ වාසිය – Quetta Gladiators
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් Quetta Gladiators ක්‍රීඩකයෝ තම ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 201ක් ලබා ගන්නවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Hasan Nawaz. ඔහු පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 76ක් ලබා ගන්නවා.
ඔහුට අමතර ව අවිශ්ක ප්‍රනාන්දු පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 29ක් ද සහ දිනේෂ් චන්දිමාල් පන්දු 13කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී නායක Shaheen Shah Afridi ලකුණු 24කට කඩුලු 3ක් දවා ගන්නවා. ඊට අමතර ව Haris Rauf සහ Salman Mirza කඩුලු ද්විත්වය බැගින් ද Rishad Hossain සහ Sikandar Raza කඩුල්ල බැගින් ද දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Lahore Qalandars කණ්ඩායම තම ඉනිමේ එක් පන්දුවක් ඉතිරි කර ගනිමින් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 204ක් ලබා ගන්නවා.
එම ඉනිමේ දී කැපී පෙණෙන ඉනිම් ක්‍රීඩා කිරීමට කුසල් පෙරේරා සහ භානුක රාජපක්ෂ සමත් වෙනවා.
තරගය ක්‍රියාත්මක වීමේ දී කුසල් පෙරේරා තමන් මුහුණ දුන් 28 වැනි පන්දුවේ දී හතරේ පහරක් සමඟින් තම අර්ධ ශතකය ලබා ගත් අතර ඒ සමඟින් මුහුණ දුන් අනෙක් පන්දුවට හයේ පහරක් එක් කරනවා. ඒ අනුව ඔවුන්ට අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 13ක් අවශ්‍ය වෙනවා.
පළමු පන්දු ත්‍රිත්වයේ දී අතිරේක පන්දුවක් ද සමඟින් එක් වූ ලකුණු 5කට පසුව අවසන් පන්දු 3 දී ඔවුන්ගේ අවශ්‍යතාව වූයේ ලකුණු 8ක් පමණයි. එහි දී එංගලන්තයේ සිට දීර්ඝ ගුවන් ගමනක යෙදෙමින් තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට විනාඩි 10කට පෙර කණ්ඩායම හා එක් වූ සිම්බාබ්වේ ක්‍රීඩක Sikandar Raza පිට පිට එල්ල කරන ලද හයේ සහ හතරේ පහරක් සමඟින් 2025 PSL තරගාවලිය නිමා කරනවා.
එම ජයග්‍රහණයේ දී කුසල් මෙන්ඩිස් පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 62ක් ලබා ගත් අතර Sikandar Raza පන්දු 7කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 22ක් ලබා ගැනීමට සමත් වෙනවා.
භානුක රාජපක්ෂට ලබා ගැනීමට හැකි වෙන්නේ පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 14ක් පමණයි.
ඊට අමතර ව Mohammad Naeem පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 46ක් ද සහ Abdullah Shafique පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ද තම කණ්ඩායමට එක් කරනවා.
කඩුලු දවා ගැනීමේ දී Abrar Ahmed, Usman Tariq, Mohammad Amir සහ Faheem Ashraf කඩුල්ල බැගින් බෙදා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Quetta Gladiators– කඩුලු 9ක් දැවී 201 (20.0)Rilee Rossouw 22, Hasan Nawaz 76, අවිශ්ක ප්‍රනාන්දු 29, දිනේෂ් චන්දිමාල් 22, Faheem Ashraf 28, Shaheen Shah Afridi 3/24, Salman Mirza 2/51, Haris Rauf 2/41
- Lahore Qalandars– කඩුලු 4ක් දැවී 204 (19.5)Mohammad Naeem 46, Abdullah Shafique 41, කුසල් පෙරේරා නොදැවී 62, Sikandar Raza නොදැවී 22, Abrar Ahmed 1/27
Lahore Qalandars කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
- තරගයේ වීරයා – කුසල් පෙරේරා (Lahore Qalandars)
- කොදෙව් දේශයේ සංචාරයට ශ්‍රී ලංකා නැගී එන සංචිතය නම් කරයි
- මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි!
- Jaffna සහ Colombo කණ්ඩයම් LPL තරගාවලියෙන් ඉවතට
- ශ්‍රී ලංකා A කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ දීර්ඝ තරග සංචාරයකට!
-
2025 වසර සඳහා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයින් 45 දෙනෙකු සඳහා වාර්ෂික කොන්ත්‍රාත්තු පිරිනමයි
කණ්ඩායම් 6කින් සමන්විත වූ මෙම තරගාවලියේ පළමු වටය සැකසෙන්නේ එක් කණ්ඩායමට ප්‍රතිවාදී කණ්ඩායම් සමඟින් තරග 2ක් බැගින් හමුවීමේ අවස්ථාව ලබා දෙමින්.
ඒ අනුව පැවැති තරගාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය ප්‍රසාද ලකුණු 15ක් ලබා ගත් Saud Shakeel ගේ නායකත්වයෙන් යුත් Quetta Gladiators කණ්ඩායම ද, 2 වැනි ස්ථානය ප්‍රසාද ලකුණු 12ක් සමඟ ලකුණු ලබා ගැනිමේ දළ වේගය 0.372ක රඳවා ගත් Shadab Khan ගේ නායකත්වයෙන් යුත් Islamabad United කණ්ඩායම ද, 3 වැනි ස්ථානය ප්‍රසාද ලකුණු 12ක් (ලකුණු ලබා ගැනීමේ දළ වේගය 0.049) ලබා ගත් David Warner ගේ නායකත්වයෙන් යුත් Karachi Kings කණ්ඩායම ද සහ 4 වැනි ස්ථානය ප්‍රසාද ලකුණු 11ක් ලබා ගත් Shaheen Shah Afridi ගේ ජයග්‍රාහී Lahore Qalandars කණ්ඩායම ද තේරී පත් වුනා.
Lahore Qalandars කණ්ඩායමේ ජයග්‍රාහී ගමන් මඟ
ප්‍රතිවාදීන් | තරගයේ ප්‍රතිඵලය | තරගයේ වීරයා | |
1 | Islamabad United | United කණ්ඩායමට කඩුලු 8ක ජයක්. | Jason Holder |
2 | Quetta Gladiators | Qalandars කණ්ඩායමට ලකුණු 79ක ජයක්. | Fakhar Zaman |
3 | Karachi Kings | Qalandars කණ්ඩායමට ලකුණු 65ක ජයක්. | Fakhar Zaman |
4 | Multan Sultans | Sultans කණ්ඩායමට ලකුණු 33ක ජයක්. | Yasir Khan |
5 | Peshawar Zalmi | Zalmi කණ්ඩායමට කඩුලු 7ක ජයක්. | Alzarri Joseph |
6 | Multan Sultans | Qalandars කණ්ඩායමට කඩුලු 5ක ජයක්. | Daryl Mitchell |
7 | Islamabad United | Qalandars කණ්ඩායමට ලකුණු 88ක ජයක්. | Sikandar Raza |
8 | Quetta Gladiators | තරගයේ විසඳුමක් නෑ. | |
9 | Karachi Kings | Kings කණ්ඩායමට කඩුලු 4ක ජයක්. | Irfan Khan |
10 | Peshawar Zalmi | Qalandars කණ්ඩායමට ලකුණු 26ක ජයක්. | Salman Mirza |
Eliminator | |||
11 | Karachi Kings | Qalandars කණ්ඩායමට කඩුලු 6ක ජයක්. | Abdullah Shafique |
Qualifier 2 | |||
12 | Islamabad United | Qalandars කණ්ඩායමට ලකුණු 95ක ජයක්. | Salman Mirza |
Final | |||
13 | Quetta Gladiators | Qalandars කණ්ඩායමට කඩුලු 6ක ජයක්. | කුසල් පෙරේරා |
පළමු වටය නිමාවත් සමඟින් Eliminator වටයට එල්ලී ආ Lahore Qalandars කණ්ඩායම එතැන් සිට අවසන් මහා තරගය දක්වා වඩාත් තරගකාරී කණ්ඩායමක් ලෙසින් තරගාවලියට එක් වීම විශේෂත්වයක් වූවා.
ඔවුන් මෙවර තරගාවලියේ දී අවසන් මහා තරගයේ දී සේ ම ලකුණු 200 ඉක්මවා යන ඉනිම් 5ක් වාර්තා කිරිමට සමත් වෙනවා. ඒ අතර ඔවුන්ගේ හොඳම ඉනිම බවට පත් වෙන්නේ අවසන් තරගයේ ප්‍රතිවාදීන් වූ Quetta Gladiators කණ්ඩායමට එරෙහිව පළමු වටයේ දී කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු 219යි. ඔවුන් එම තරගයෙන් ලකුණු 79ක ජයග්‍රහණයක් ලබා ගන්නා අතර දෙවන වරට හමු වූ තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමුණා.
මෙම තරගාවලියේ Lahore Qalandars කණ්ඩායමේ ජයග්‍රහණයේ ප්‍රධාන නියමු පිතිකරු බවට පත් වෙන්නේ Fakhar Zaman. ඔහු තරග 13ක ඉනිම් 13කට මුහුණ දෙමින් අර්ධ ශතක 4ක් ද සමඟින් ලකුණු 439ක් ලබා ගන්නවා. එහි 2 වැනි ස්ථානය තරග 13ක ඉනිම් 13ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 390ක් ලබා ගත් Abdullah Shafique ට ද සහ 3 වැනි ස්ථානය තරග 12ක ඉනිම් 12ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 314ක් ලබා ගත් Mohammad Naeem ට ද හිමි වෙනවා.
අවසන් මහා තරගයේ වීරයා වූ කුසල් පෙරේරා ට මෙම ලැයිස්තුවේ හිමි වෙන්නේ 6 වැනි ස්ථානය. ඔහු එම ස්ථානයට පත් වෙන්නේ තරග 4ක ඉනිම 4ක දී අර්ධ ශතක ද්විත්වයක් සමඟින් ලබා ගත් ලකුණු 170ක් හේතුවෙනුයි. එහි දී ඔහු 56.66ක ලකුණු ලබා ගැනීමේ දළ වේගයක් ද පවත්වාගෙන යෑමට සමත් වෙනවා. එම දක්ෂතාව කණ්ඩායමේ ඉහළ ම ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලෙසින් ද සටහන් වෙනවා.
ජයග්‍රාහී එම ගමනේ දී කුසල් පෙරේරා සහභාගී වෙන්නේ අවසන් තරග 4ට පමණක් වීමත් විශේෂත්වයක්.
කුසල් පෙරේරා මෙම ඉනිමට පෙර පැවැති Qualifier 2 තරගයේ දී ද දක්ෂතා දැක්වීමට සමත් වූවා. එම තරගයේ දී ඔහු පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 61ක් ලබා ගත්තා.
එමෙන් ම ඔහු Eliminator තරගයේ දී පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගනිමින් එම තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ද වැඩි දායකත්වයක් ලබා දුන්නා. Lahore Qalandars කණ්ඩායමේ මෙම ජයග්‍රහණයේ දී කුසල් පෙරේරා අවසන් තරග ත්‍රිත්වයේ දී පමණක් ලකුණු 153ක් වාර්තා කිරිමට සමත් වෙනවා.
ඔහුත් සමඟින් මෙම ජයග්‍රාහී කණ්ඩායමට භානුක රාජපක්ෂ ද ක්‍රීඩා කරන ලද අතර ඔහු තරගාවලිය නිමා කරන්නේ තරග 3ක ඉනිම් 3ක දී ලකුණු 59ක් ලබා ගනිමින්.
ඔවුන් දෙදෙනාට අමතර දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, අවිශ්ක ප්‍රනාන්දු සහ ඩිල්ශාන් මදුශංක ද මෙම තරගාවලිය නියෝජනය කරනවා. එහි දී දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු අනුශූර Quetta Gladiators කණ්ඩායම ද සහ ඩිල්ශාන් මදුශංක Multan Sultans කණ්ඩායම සමඟ ද එක්වෙනවා.
එහි දී Quetta Gladiators කණ්ඩායම වෙනුවෙන් තරග 8ක ඉනිම් 5ක දී ලකුණු 143ක් ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් සමත් වෙනවා. ඊට අමතර ව දිනේෂ් චන්දිමාල් තරග 3ක ඉනිම් 3ක දී ලකුණු 87ක් ද සහ අවිශ්ක ප්‍රනාන්දු තරග 3ක ඉනිම් 3ක දී ලකුණු 68ක් ද ලබා ගනිමින් දක්ෂතා දක්වනවා.
මෙම තරගාවලිය නියෝජනය කළ 24 හැවිරිදි වියේ පසුවෙන වමතින් මඳ වේග පන්දු යවන ඩිල්ශාන් මදුශංකට Multan Sultans කණ්ඩායම හා එක්වීමට ලැබෙන්නේ එක් තරගයකට පමණයි. එම තරගයේ දී ඔහු ගේ පන්දු යැවීම සටහන් වෙන්නේ 4.0-0-41-0ක් ලෙසයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.