විශේෂ සිදුවීම් රැසක් සිදුවූ සතියක් ලෙස NBA තරගාවලියේ 13 වන සතිය හැදින්විය හැක. සතියේ සිදුවූ විශේෂිතම සිදුවීම ලෙස යෝගී ෆෙරර්ල් (Yogi Ferrell) ගේ දක්ෂතා සැලකිය හැක. Dallas Mavaericks කණ්ඩායම සමඟ දින දහයක් සඳහා පමණක් ගිවිසුම් ගත වූ යෝගී ෆෙරර්ල් (Yogi Ferrell) දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ගිවිසුම වසර දෙකක් දක්වා දීර්ඝ කිරීමට කණ්ඩායම් කළමනාකාරිත්වය මේ වන විටත් තීරණය කර ඇත.

මෙම තරගවල දී යෝගී ෆෙරර්ල් ලකුණු 17.8ක සාමාන්‍යයක් පවත්වා ගැනීමට සමත් වීම කැපීපෙනෙන සිදුවීමක් වී ඇති අතර.මෙම දක්ෂතාවයන් ඔහුට 13 වන සතියේ වටිනාම ක්‍රීඩකයා වීමේ භාග්‍ය හිමිකර දීමට බොහෝ දුරට ඉඩ ඇත.
තවමත් 23 වන වියේ පසුවන යෝගී ෆෙරර්ල් හට 2016 වසරේ ක්‍රීඩකයින් තෝරා ගැනීමේ දී (NBADraft) ඉවත් වන්නට සිදුවිය. එයට හේතුව කිසිදු කණ්ඩායමක් ඔහුව තෝරා නොගැනීමයි. පසුව NBA Development තරගාවලිය සඳහා එක්වන ඔහු එහිදී දැක්වූ දක්ෂතා මත Dallas Mavaericks කණ්ඩායම විසින් දින 10 පමණක් ඔහුව ගිවිසුම් ගත කරගන්නා ලදී.
Dallas Mavaericks කණ්ඩායම හමුවේ ගියවර ශූරයන් වූ Cleveland Cavaliers, San Antonio Spurs හා Portland Trail blazers වැනි ප්‍රබල කණ්ඩායම් වලට පවා පරාජය වැළඳ ගැනීමට සිදුවිය. Portland Trail blazers සමඟ පැවති තරගයේදී යෝගී ෆෙරර්ල් ලකුණු 32ක් ලබා ගත්තේ ලකුණු 3 විසි කිරීම් (3 points) අවස්ථා 9කදී සාර්ථක කරගනිමිනි.

සතියේ සිදුවූ තවත් විශේෂිත අවස්ථාවක් වූයේ 30 වන දා පැවති New York Knicks හා Atlanta Hawks කණ්ඩායම් අතර තරගය අතිරේක කාල 4ක් දක්වා ක්‍රීඩා කිරීමයි. තරගය ක්‍රීඩා කල කාලය විනාඩි 68ක්. ( NBA තරගයක නිල කාලය විනාඩි 48 කි)
තරගයේ නිල කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම ලකුණු 104 බැගින් ලබාගෙන සම තත්වයේ පසුවිය.
| Team | Q (1) | Q (2) | Q (3) | Q (4) | OT
(1) |
OT
(2) |
OT
(3) |
OT
(4) |
TOTAL |
| New York Knicks | 37 | 28 | 16 | 23 | 9 | 10 | 7 | 9 | 139 |
| Atlanta Hawks | 30 | 31 | 22 | 21 | 9 | 10 | 7 | 12 | 142 |
*(Q – කාර්තුව, OT- අතිරේක කාලය)
කෙසේ වෙතත් තරගය අවසන් වූයේ ලකුණු 142-139 ලෙස Atlanta Hawks කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි .
මෙහිදී ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් පොල් මිල්සැප් (Paul Millsap) ලකුණු 37ක් හා නැවත ලබා ගැනීම් 19ක් වාර්තා කිරීමට සමත් වූ අතර New York Knicks කණ්ඩායම වෙනුවෙන් ක’මෙලෝ ඇන්තනි ලකුණු 45ක් වාර්තා කිරීමට සමත් විය. මේ තරගය සඳහා New York Knicks සුපිරි ක්‍රීඩක ඩෙරික් රෝස සහභාගී නොවීය.
සතියේ තවත් විශේෂ තරගයක් ලෙස Boston Celtics කණ්ඩායම හා Toranto Raptors කණ්ඩායම අතර තරගය කාගේත් කතාබහට ලක්විය. එයට හේතුව වූයේ තරගයේ අවසන් කාර්තුවේ පමණක් Boston Celtics සුපිරි ක්‍රීඩක අයිසේයා තොමස් (Isaiah Thomas) ලකුණු 17ක් වාර්තා කිරීමයි.
අයිසේයා තොමස් (Isaiah Thomas) තරගාවලිය තුල අවසන් කාර්තුවේ ලකුණු රැස්කිරීම අතින් ඉහලින්ම සිටින අතර අවසන් කාර්තුවේ පමණක් ලකුණු රැස් කිරීමෙහි සාමාන්‍යය 10.0 ලෙස රදවාගෙන සිටි. ඒසේම තරගයක් සඳහා ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය අතරින් දෙවන ස්ථානයේ රැදෙන්නේ සාමාන්‍යය ලකුණු 29.9 රදවා ගනිමිනි. මෙහි ප්‍රථම ස්ථානයේ Oklahoma City Thunder ක්‍රීඩක රසල් වෙස්ට්බ්‍රුක් රැදී සිටින්නේ සාමාන්‍යය 30.8 ලෙස රඳවා ගනිමිනි.
තරගයේ ජයග්‍රහණය Boston Celtics විසින් දිනාගත් අතර එහිදී තම කණ්ඩායම වෙනුවෙන් අයිසේයා තොමස් (Isaiah Thomas) ලකුණු 44ක් රැස්කිරීමට සමත්විය. Toranto Raptors කණ්ඩායම වෙනුවෙන් ක්‍යල් ලොව්රි (Kyle Lowry) ලකුණු 33ක් රැස්කරගැනීමට සමත්විය.
එසේම මේ වන විටත් All-Star සති අන්තය සඳහා සියල්ල සුදානම් වන අතර සියලුම තරග සදහා තේරීම් ද සිදුකර ඇත. මෙහි විශේෂත්වය වනුයේ පිට පිට දෙවරක් Dunk ශූරයා වූ සැක් ල’වින් තරගයට සහභාගි වීම ප්‍රතික්ෂේප කිරීමයි.
කෙසේ වෙතත් පසුගියදා Detroit Pistons කණ්ඩායම සමඟ පැවති තරගයේදී ආබාධයකට ලක්වීම නිසා මෙම තරග වාරයෙහි ඉතිරි තරග සියල්ල ඔහුට අහිමිවනු ඇත.





















