ශ්‍රී ලංකා – ඇෆ්ගන් ක්‍රිකට් තරගාවලියට දින නියම වෙයි

134
Sri Lanka Tour Of UAE 2026

එළඹෙන මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය සමඟ එක්දින සහ විස්සයි විස්ස තරගාවලියකට මුහුණ දීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කිරීමට නියමිතයි.

ඇෆ්ගනිස්තානයේ සත්කාරකත්වය මත පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා විස්සයි විස්ස තරග ත්‍රිත්වයක් සහ එක්දින තරග ත්‍රිත්වයක් පැවැත්වීමට නියමිත අතර, තරගාවලිය එළඹෙන මාර්තු 13 සිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

තරග කාලසටහන;

  • පළමු විස්සයි විස්ස තරගය – මාර්තු 13 (සාජා හිදී)
  • දෙවන විස්සයි විස්ස තරගය – මාර්තු 15 (සාජා හිදී)
  • තෙවන විස්සයි විස්ස තරගය – මාර්තු 17 (සාජා හිදී)
  • පළමු එක්දින තරගය – මාර්තු 20 (ඩුබායි හිදී)
  • දෙවන එක්දින තරගය – මාර්තු 22 (ඩුබායි හිදී)
  • තෙවන එක්දින තරගය – මාර්තු 25 (ඩුබායි හිදී)

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<