එළඹෙන 2026 වසරේ ජනවාරි මාසයේ දී තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියක් සඳහා සහභාගී වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වනවා.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති මෙම තරගාවලියට ඇතුළත් තරග ත්‍රිත්වය ජනවාරි 07, 09 සහ 11 යන දිනවල දී ක්‍රියාත්මක වනු ඇති.
මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකාව පාකිස්තානයේ තරග සංචාරයක නිරත වූ අතර, එහි දී ක්‍රියාත්මක වූ එක්දින තරගාවලිය 3-0ක් ලෙස පාකිස්තානය ජය ගැනීමට සමත් වූ අතර, ඉන් පසුව සිම්බාබ්වේ, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තුන් කොන් විස්සයි විස්ස තරගාවලියේ දී ශ්‍රී ලංකාව පරාජය කරමින් ශූරතාව හිමි කර ගැනීමට පාකිස්තානය සමත් වුනා.
කෙසේ වෙතත් ලබන වසරේ පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය පෙර විඳි පරාජයේ අමිහිරි මතක අමතක කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් කර ගත හැකි.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
එමෙන්ම 2015 වසරේ දී පාකිස්තානය විසින් එක්දින සහ විස්සයි විස්ස තරගාවලියක් සඳහා සහභාගී වූ අතර, එහි දී පාකිස්තානය විසින් එක්දින තරගාවලිය 3-2ක් ලෙසත්, විස්සයි විස්ස තරගාවලිය 2-0ක් ලෙසත් ජය ගැනීමට සමත් වුනා. එමෙන්ම එවර පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ද 2-1ක් ලෙස ජය ගැනීමට පාකිස්තානයට හැකි වුනා.
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අවසන් වරට ශ්‍රී ලංකාවේ දී සහභාගී වූ පූර්ණ ක්‍රිකට් තරගාවලිය එය වූ අතර, ඉන් පසුව ටෙස්ට් තරගාවලි සඳහා සහ තවත් වෙනත් තරගාවලි (ආසියානු කුසලානය වැනි) සඳහා සහභාගී වුනත් ද්විපාර්ශ්වික සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියක් දෙරට අතර ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් යුතුව ක්‍රියාත්මක නොවීම විශේෂත්වයක්.
මෙවර තරගාවලිය 2026 වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් කණ්ඩායම් ද්විත්වයටම වටිනා පෙරහුරුවක් වනු ඇති අතර, ශ්‍රී ලංකාවේ දී තම සියලු ලෝක කුසලාන තරග ක්‍රීඩා කිරීමට නියමිත පාකිස්තානයට වඩා හොඳ අත්දැකීමක් වනු ඇති.
මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<























