2025 මැලිබන් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ හය වැනි සතියට අදාළ ව තරග හතරක් පසුගිය සිකුරාදා (19) සිට අද (21) දක්වා ක්‍රියාත්මක වුනා.
එම තරග තොරතුරු පහතින් දැක්වෙනවා;
Havelock සහ ගුවන් හමුදාව
මෙවර ලීගයේ මෙතෙක් දුර සිය අපරාජිත ගමනේ පැමිණි කණ්ඩායම් ද්විත්වයක් ලෙස ගුවන් හමුදාව සහ Havelock කණ්ඩායම් මෙම තරගයට සහභාගී වුනා.
කෙසේ වෙතත් මෙම තරගයේ පළමු අර්ධයේ පටන් ම Havelock ක්‍රීඩකයින් විසින් මෙම තරගය තමන්ගේ එකක් කර ගැනීමට සූදානම් බව ඉඟි කිරීමට සමත් වුනා.
පළමු අර්ධය තුළ ඔවුන් ලකුණු 13ක් ලබා ගැනීමට සමත් වුනේ උත්සහාක දිනුම් දෙකක් ද සමඟයි. කෙසේ වෙතත් එම කාලය තුළ ගුවන් හමුදාවෙන් එකදු ලකුණක් හෝ වාර්තා වුනේ නැහැ.
තරගයේ දෙවැනි අර්ධය තුළ Havelock ක්‍රීඩකයින් වඩාත් තියුණු ලෙස තරගයට අවතීර්ණ වෙමින් තවත් එක් උත්සාහක දිනුමක් සමඟ ලකුණු 07ක් වාර්තා කර ගැනීමට සමත් වුනා. කෙසේ වෙතත් මෙම කාල සීමාව තුළ ගුවන් හමුදාවෙන් වාර්තා වුනේ ලකුණු පහක් පමණයි.
ඒ අනුව ගුවන් හමුදාවේ අපරාජිත ගමන එතෙකින් නිමාවට පත් වුනා.
- Havelock SC 20 (3T, 1C, 1P) – ගුවන් හමුදාව 05 (1T)
තරගයේ වීරයා – දිල්ශාර කෝදාගොඩ (Havelock SC)
පොලිස් ක්‍රීඩා සමාජය සහ Siri Lions
මෙම තරගයේ ජය පොලිස් ක්‍රීඩකයින් සතු වුනා. තරගයේ පළමු අර්ධය තුළ පොලිස් ක්‍රීඩකයින් විසින් උත්සාහක දිනුම් හතරක් සමඟ ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වූ අතර, තරගයේ දෙවැනි අර්ධය තුළ ඔවුන් තවත් උත්සාහක දිනුම් ත්‍රිත්වයක් සමඟ ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වුනා. මෙම කාල සීමාව තුළ Siri Lions පාර්ශවයෙන් වාර්තා වුනේ ලකුණු 07ක් පමණයි.
- පොලිස් ක්‍රීඩා සමාජය 43 (7T, 4C) – Siri Lions 07 (1T, 1C)
තරගයේ වීරයා – විහඟ පිවිතුරු (පොලිස් ක්‍රීඩා සමාජය)
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC නොනැවතී ඉදිරියට; මහනුවර නැවතත් සුපුරුදු රිද්මයට
- CR & FC ඉතිහාසගත ජයක් ලබමින් අපරාජිත ව ඉදිරියට
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
- මහනුවර, පොලිස්, CR&FC සහ Havelock ජයග්‍රාහීව තරගාවලිය අරඹයි
නාවික හමුදාව සහ CR & FC
මෙම තරගය ද සම්පූර්ණයෙන් ම පාහේ CR & FC පාර්ශවයට නැඹුරු වූ තරගයක් ලෙසයි ක්‍රියාත්මක වුනේ. තරගයේ පළමු අර්ධය තුළ CR & FC ක්‍රීඩකයින් විසින් ලකුණු 31ක් ලබා ගැනීමට සමත් වූ අතර, නාවික හමුදාව විසින් මෙම කාලය තුළ ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 03ක් පමණයි.
තරගයේ පළමු අර්ධයෙන් ම ජය තහවුරු කර ගත් CR & FC කණ්ඩායම දෙවැනි අර්ධය තුළ තවත් ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වුනා. සමස්ත තරගය තුල CR ක්‍රීඩකයින් උත්සාහක දිනුම් 10ක් වාර්තා කිරීම විශේෂත්වයක්. කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධයේ දී නාවික හමුදාව විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 12ක් පමණයි.
- CR & FC 64 (10T, 7C) – නාවික හමුදාව 15 (2T, 1C, 1P)
තරගයේ වීරයා – මනිල්ක රුබේරු (CR & FC)
මහනුවර ක්‍රීඩා සමාජය සහ CH & FC
මෙම සතියේ ක්‍රියාත්මක වූ වඩාත් උණුසුම් තරගය ලෙස මෙය හඳුන්වා දිය හැකි.
වත්මන් ශූරයින්ට එරෙහිව CH & FC ක්‍රීඩකයින් තරග බිමට පිවිසුණු මෙම තරගයේ පළමු අර්ධය තුළ මහනුවර කණ්ඩායම විසින් සුපුරුදු පරිදි සිය ආධිපත්‍යය විහිදා ලමින් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වුනේ CH ක්‍රීඩකයින්ට ලකුණු 05ක් පමණක් ලබා ගැනීමට ඉඩ සලසමිනුයි.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ CH & FC ක්‍රීඩකයින් පෙර නොවූ විරූ ජවයකින් තරගයට අවතීර්ණ වෙමින් තවත් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වුනා. මෙම අර්ධය තුළ මහනුවර පාර්ශවයෙන් වාර්තා වුනේ ලකුණු 07ක් පමණයි.
මේ අනුව ඉතා උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගය ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වුනා.
- CH & FC 24 (4T, 2C) – මහනුවර 24 (4T, 2C)
තරගයේ වීරයා – Oli Thamanikalu (CH & FC)
ඒ අනුව මෙම සතියට අදාළ තරග අද දිනයෙන් නිමාවට පත් වුනා. මේ වන විට 2025/26 රග්බි ලීගයේ ලකුණු සටහනේ පළමු ස්ථානය CR & FC කණ්ඩායමට හිමි වී තිබෙනවා. ඔවුන් ජයග්‍රහණ ත්‍රිත්වයක් සමඟ පළමු තැන හිමි කර ගන්නා අතරේ, මහනුවර ක්‍රීඩා සමාජය ජයග්‍රහණ ද්විත්වයක් සමඟ ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත් වී තිබෙනවා. එමෙන්ම මෙහි තෙවැනි ස්ථානය ගුවන් හමුදාව සතු වී තිබෙනවා.
දේශීය රග්බි ලීගයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<





















