මැලේසියාවට එරෙහිව කණ්ඩායම මෙහෙයවීමේ වගකීම මනුදිට

Malaysian National Women’s Team tour of Sri Lanka 2025

4

මැලේසියානු ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ විස්සයි විස්ස තරග 5කට සහභාගී වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම නැවත මනුදි නානායක්කාර වෙත බාර දී තිබෙනවා.  

මැලේසියා T20 කාන්තා තරග කොළඹ දී

මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කරන මනුදි දැනට වසර කිහිපයක සිට ම ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායකත්වය උසුලන අතර ඇය විසින් සාර්ථක තරග සංචාර කිහිපයක් ම නිමා කර තිබෙනවා.  

තවමත් 17 වැනි වියේ පසුවෙන මනුදි නානායක්කාර ශ්‍රී ලංකා කාන්තා කණඩායම ද නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරග 3කට සහ එක්දින විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3කට ද සහභාගී වී සිටිනවා.  

ඇයත් සමඟින් එක් කළ කණ්ඩායමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය නියෝජනය කරන ක්‍රීඩිකාවෝ 5 දෙනෙක් ම ඇතුලත් ව සිටීම විශේෂත්වයක්. ඊට අමතර ව මාතර අනුර විද්‍යාලය නියෝජනය කරමින් මෙම කණ්ඩායමට ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ද ඇතුලත් ව සිටිනවා.  

පසුගිය මාසයේ දී මෙරට දී පැවැති වයස අවුරුදු 19න් පහළ සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි ව නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ම මෙවර තරගාවලියට ද නම් කර තිබෙනවා. ඔවුන් නිමා වූ එම තරගාවලියේ පැවැති විස්සයි විස්ස තරගාවලියේ 5-0ක් ලෙසින් ද සහ පැවැති එක ම එක්දින තරගය 1-0ක් ලෙසින් ද ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා.  

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම 

මනුදි නානායක්කාර (නායක – වේල්ස් කුමාර විද්‍යාලය, මොරටුව), සංජනා කාවින්දි (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම), විමෝක්ෂා බාලසූරිය (සිංහල මහා විද්‍යාලය, ත්‍රීකුණාමලය), හිරුණි හංසිකා (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම), නෙතඟි ඉසුරාංජලී (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම), රශ්මිකා සෙව්වන්දි (අනුර විද්‍යාලය, මාතර), සශිනි ගිම්හානි (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම), අසෙනි තලගුණේ ( මහාමාය බාලිකා විද්‍යාලය, මහනුවර), ප්‍රමුදි මෙත්සරා (උහන ජාතික පාසල, අම්පාර), දනෝද්‍යා සෙව්මිණි (ආණමඩුව මධ්‍ය මහා විද්‍යාලය, පුත්තලම), චමුධි ප්‍රබෝධා (ප්‍රඥානන්ද විද්‍යාලය, මොනරාගල), ලිමංසා තිලකරත්න, රශ්මි නේත්‍රාංජලී (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම), රිස්මි සංජනා (අනුර විද්‍යාලය, මාතර) සහ මිතාලි අයෝද්‍යා (රජ ඇල මහා විද්‍යාලය, කන්තලේ). 

දෙරට අතර පැවැත්වෙන මෙම තරගාවලිය නොවැම්බර් මස 2 වැනිදා ආරම්භ වන අතර තරගාවලිය නොවැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<