ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ Panadura SC සහ NCC කණ්ඩායම් අතර තරගය අද (08) පානදුරේ දී නිමා වූ අතර එහි දී Panadura SC කණ්ඩායමට ලකුණු 213ක දැවැන්ත ජයග්‍රහණයක් හිමි වුණා.
කාසියේ වාසිය දිනා ගත් NCC කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Panadura SC කණ්ඩායම කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 316ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් NCC කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 103ක් පමණයි. ඒ NCC ඉනිම නිමා වීමට තවත් පන්දු 178ක් ම ඉතිරි ව තිබියදීයි.
මෙම තරගයේ දී Panadura SC කණ්ඩායම නියෝජනය කරමින් තම මංගල පළමු පෙළ එක්දින තරගයට සහභාගී වූ විමත් දින්සර පන්දු 96කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 92ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙණුනා.
ඔහු ඔෂඳ ප්‍රනාන්දු හා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 146ක දී ලකුණු 134ක සබඳතාවක් ද සහ කංචන ද ලිවේරා සමඟ එක්වෙමින් 4 වැනි කඩුල්ලට පන්දු 66ක දී ලකුණු 62ක සබඳතාවක් ද එක් කරනවා.
ඔෂද ප්‍රනාන්දු පන්දු 84කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තා.
කංචන ද ලිවේරා පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් ලබා ගත් අතර ඔහු 5 වැනි කඩුල්ලට සසිඳු මල්ශාන් සමඟ එක් වෙමින් පන්දු 52ක දී ලකුණු 73ක් ද එක් කිරීමට සමත් වෙනවා. සසිඳු මල්ශාන් පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.
NCC කණ්ඩායම නියෝජනය කරමින් තම පළමු පෙළ මංගල තරග වරම් දිනා ගන්නා රමිරු පෙරේරා එම කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වුනා. ඔහු තම කණ්ඩායමට එක් කළ ලකුණු සංඛ්‍යාව 24ක්. ඒ සඳහා පන්දු 23ක් වැය කළ අතර ඊට හතරේ පහර 2ක් සහ හයේ පහරක් ද එක් කළා.
- සිතාර සහ රමේෂ්ගෙන් ද්විත්ව ශතක සබඳතාවයක්
- චරිත් ගොඩනැගූ ඉනිම වනිඳු ජයග්රහණයෙන් කෙළවර කරයි
- ක්‍රිකට් නීති කිහිපයක් වෙනස් වෙයි
- කොදෙව්වෝ තරගාවලිය 2-1කින් ජය ගනී
- Major Clubs T20 පිටිය ගිනි තැබූ අය
නිමා වූ තරගයේ කෙටි ලකුණු පුවරු
- Panadura SC – කඩුලු 7ක් දැවී 316 (50.0)ඔෂද ප්‍රනාන්දු 67, විමත් දින්සර 92, කංචන ද ලිවේරා 60, සසිඳු මල්ශාන් 50, ලසිත් ඇඹුල්දෙණිය 3/36, රමිරු පෙරේරා 2/24
- NCC– සියලුම දෙනා දැවී 103 (20.2) අහන් වික්‍රමසිංහ 20, රමිරු පෙරේරා 24, විනුක් රූබසිංහ 19, නිසල තාරක 2/32, සෙනිත හැළඹගේ 2/07, විශ්ව ලහිරු 3/08, නිමේෂ් විමුක්ති 2/13
Panadura SC කණ්ඩායමට ලකුණු 213ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.