ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කළ Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග අද (30) අවසන් වෙද්දී ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු වැනියා වෙමින් තරගාවිලයේ ශූරයන් බවට පත් වීමට Colts කණ්ඩායම සමත් වෙනවා.
Police SC සහ Ace Capital CC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Police SC
කාසියේ වාසිය දිනා ගත් Police නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 286ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Ace Capital කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 310ක් ලබා ගන්නවා.
ලකුණු 24ක් පසු පස සිටිමින් පිටියට පිවිසි Police කණ්ඩායම තම 2 වැනි ඉනිමට ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 150ක් පමණයි.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ නායක අශේන් බණ්ඩාර. ඔහු පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 69ක් ලබා ගන්නවා. කඩුලු දවා ගැනීමේ දී වනුජ සහන් ලකුණු 52කට කඩුලු 5ක් දවා ගත් අතර ඊට අමතර ව ඉසිත විජේසුන්දර ද කඩුලු 4ක් දවා ගන්නවා.
ජයග්‍රහණය උදෙසා ලකුණු 127ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි Ace Capital ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගන්නවා. එම ඉනිමේ දී ආරම්භක පිතිකරු පවන්ත වීරසිංහ පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 60ක් ද සහ රනේෂ් සිල්වා පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 45ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී දිලුම් සුදීර ලකුණු 48කට කඩුලු 3ක් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 286 (85.0) සංගීත් ශෙහාර 40, නදීර බාලසූරිය 130, ප්‍රියමාල් පෙරේරා නොදැවී 83, ඉසිත විජේසුන්දර 3/76, චමෝද් බට්ටගේ 3/57
- Ace Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 310 (83.0) පවන්ත වීරසිංහ 43, පවන් පතිරාජ 68, රනේෂ් සිල්වා 88, රොෂාන් ජයතිස්ස 56, දිලුම් සුදීර 5/139, රශ්මික හිරුෂාන් 4/41
- Police SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 150 (52.1) අශේන් බණ්ඩාර 69, වනුජ සහන් 5/52, ඉසිත විජේසුන්දර 4/53
- Ace Capital CC – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 127 (29.0) පවන්ත වීරසිංහ 60, රනේෂ් සිල්වා නොදැවී 45, දිලුම් සුදීර 3/48
Ace Capital CC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
Moors SC සහ CCC අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – CCC
කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් CCC ක්‍රීඩකයෝ තම පළමු ඉනිම අවසන් කරන්නේ සියලුම දෙනා දැවී ලකුණු 561ක් ලබා ගනිමිනුයි.
ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Moors කණ්ඩායම තරගය අවසන් වන විට කඩුලු 7ක් දැවී ලකුණු 489ක් ලබා සිටියා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක රමේෂ් මෙන්ඩිස්. ඔහු තරගය අවසන් වෙද්දී පන්දු 223කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් නොදැවී ලකුණු 160ක් ලබා සිටියා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 13 වැනි ශතකයයි.
ඊට අමතර ව පෙර දිනයේ දී තරගය නතර කරන විට නොදවී ලකුණු 44ක් ලබා සිටි ෂෙහාන් ප්‍රනාන්දු සහ නොදැවී ලකුණු 35ක් ලබා සිටි සදීර සමරවික්‍රම අද තම ඉනිම් අර්ධ ශතකය ඉක්මවන ඉනිම් දක්වා රැගෙන ගියා.
සදීර සමරවික්‍රම පන්දු 115කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 81ක් ද සහ ෂෙහාන් ප්‍රනාන්දු පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 77ක් ද ලබා ගත්තා.
ඊට අමතර ව සංතුශ් ගුණතිලක ද පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 55ක් ද සහ පසිඳු සූරියබණ්ඩාර පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 53ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී නිශාන් පීරිස් ලකුණු 61කට කඩුලු 2ක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- CCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 561 (132.3) නිශාන් මදුශ්ක 94, දුල්නිත් සිගේරා 30, ධනංජය ද සිල්වා 64, පවන් රත්නායක 221, චමිඳු විජේසිංහ 65, සංතුශ් ගුණතිලක 3/56, ප්‍රවීන් ජයවික්‍රම 3/106, රමේෂ් මෙන්ඩිස් 2/69
- Moors SC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 108 (30.0) ෂෙහාන් ප්‍රනාන්දු 77, සදීර සමරවික්‍රම 81, පසිඳු සූරියබණ්ඩාර 53, රමේෂ් මෙන්ඩිස් නොදැවී 160, මිලාන් රත්නායක 26, සංතුශ් ගුණතිලක 55, නිශාන් පීරිස් 2/61
තරගයේ විසඳුමක් නෑ.
- National Super League සිව්දින තරග කාලසටහන එළිදැක්වෙයි
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ තරග කාලසටහන එළිදැක්වෙයි
- Moors සහ Colts ජයග්‍රහණ ලබා ගනී
- ලහිරු සහ ධනංජය ද්විත්ව ශතකලාභීන්ගේ ලැයිස්තුවට
- සාන්ත සර්වේශස්වරුන් වසර 55කට පසුව මාතොට නිල් සටන දිනයි
- Colts CC සහ NCC අතර තරගය මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Colts CC
කාසියේ වාසිය දිනා ගත් ප්‍රතිවාදී නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි NCC ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 431ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Colts ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 441ක් ලබා ගනිමින් ඉනිම අත් හිටුවනවා.
පෙර දින තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 280ක් ලබා සිටි ඔවුන් අද මෙම ඉනිම කරා පැමිණීමේ දී සනෝජ් දර්ශික විසින් නොදැවී ලබා ගත් ශතකය ද ඇතුලත් වුණා. ඔහු පන්දු 186කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ සිව් වැනි ශතකයයි.
කඩුලු දවා ගැනීමේ දී චාමික කරුණාරත්න, ලසිත් ඇඹුල්දෙණිය සහ ශක්ති උදාර කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
ලකුණු 10ක් පිටුපස සිටිමින් තම 2 වැනි ඉනිමට පිටියට පිවිසි NCC ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 161ක් ලබා සිටියා. එම සම්පූර්ණ ලකුණු සංඛ්‍යාවට කිසිදු අතිරේක ලකුණක් නොවීම කැපි පෙනුන අතර එහි හිමිකරුවන් බවට පත් වූයේ ලහිරු උදාර සහ විනුක රූබසිංහ යි.
එහි දී ලහිරු උදාර තම පළමු පෙළ තරග දිවියේ 19 වැනි ශතකය වාර්තා කරමින් පන්දු 90ක දී නොදැවී ලකුණු 100ක් ලබා ගන්නවා. එම ඉනිමට හතරේ පහර 10ක් ද ඇතුලත් කිරීමට ඔහු බගබලා ගන්නවා.
විනුක රූබසිංහ නොදැවී වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාව 61ක්. ඊට පන්දු 72ක් වැය වන අතර හතරේ පහර 6ක් සහ හයේ පහරක් ඊට ඇතුලත් වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 431 (89.2) නිරෝෂන් දික්වැල්ල 54, ලහිරු උදාර 94, කමිල් මිශාර 187, අහන් වික්‍රමසිංහ 20, කවිඳු පතිරත්න 30, කවිශ්ක අංජුල 2/66, අකිල දනංජය 3/121
- Colts CC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 441 (113.0) සංගීත් කුරේ 40, දිනේෂ් චන්දිමාල් 144, ධනංජය ලක්ෂාන් 30, සනෝජ් දර්ශික නොදැවී 100, සුඛිත මනෝජ් 29, කවිශ්ක අංජුල 28, චාමික කරුණාරත්න 2/58, ලසිත් ඇඹුල්දෙණිය 2/85, ශක්ති උදාර 2/88
- NCC – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 161 (27.0) ලහිරු උදාර නොදැවී 100, විනුක රූබසිංහ නොදැවී 61
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Colts කණ්ඩායමට.)
BRC සහ Bloomfield C & AC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – BRC
කාසියේ වාසිය දිනා ගත් BRC ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 475ක් ලබා ගත් අතර Bloomfield කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 240ක් පමණයි.
එම ඉනිමට නායක නිපුන් කරුණානායක පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 71ක් එක් කරන ලද අතර ඊට අමතර ව ජනිත් ලියනගේ පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 45ක් ද සහ ජෙෆ්රි වැන්ඩර්සේ පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී
ඒ අනුව ලකුනු
ක්‍රීඩකයෝ තරගය 2 වැනි දිනයට නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 129ක් ලබා සිටියා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ජනිත් ලියනගේ. ඔහු පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 36ක් ලබා ගත්තා. ඊට අමතර ව රොන් චන්ද්‍රගුප්ත පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී මොහොමඩ් ශිරාස් ලකුණු 63කට කඩුලු 5ක් දවා ගත් අතර මොවින සුබසිංහ ද ලකුණු 95කට කඩුලු 4ක් දවා ගන්නවා.
ලකුණු 235ක් පිටුපස සිටිමින් ඉනිමක පරාජයෙන් ගැලවීමට පිට පිට 2 වැනි වරටත් පිටියට පිවිසි Bloomfield ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 254ක් ලබා සිටියා.
එම ඉනිම වෙනුවෙන් රවිඳු ප්‍රනාන්දු පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 103ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 9 වැනි ශතකයයි.
ඔහුට අමතර ව රොන් චන්ද්‍රගුප්ත පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුනු 80ක් ද සහ අසිත වන්නිනායක පන්දු 29ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 24ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී ඉනිමේ දැවී ගිය කඩුලු 4 ම හිමිකාරීත්වය මොවින් සුබසිංහ සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 475 (139.0) රිසිර වීරසූරිය 58, රිසිත් උපමාල් 25, ප්‍රමෝද් මදුවන්ත 166, රමිඳු විජේසූරිය 77, චාමික හීනටිගල 65, යසිරු රොද්‍රිගෝ 26, දුවිඳු තිලකරත්න 3/58, සහන් නානායක්කාර 2/45, ජෙෆ්රි වැන්ඩර්සේ 2/68
- Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 240 (66.5) රොන් චන්ද්‍රගුප්ත 34, ජනිත් ලියනගේ 45, නිපුන් කරුණානායක 71, ජෙෆ්රි වැන්ඩර්සේ 32, මොහොමඩ් ශිරාස් 5/63, මොවින් සුබසිංහ 4/95
- Bloomfield C & AC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 254 (40.0) රොන් චන්ද්‍රගුප්ත 80, අසිත වන්නිනායක 24, රවිඳු ප්‍රනාන්දු නොදැවී 103, නිපුන් කරුණානායක නොදැවී 21, මොවින් සුබසිංහ 4/87
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය BRC කණ්ඩායමට.)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















