ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ 2 වැනි සතියේ තරග (13දා) ආරම්භ වූ අතර එහි දී NCC කණ්ඩායමේ ලහිරු උදාර සහ කමිල් මිෂාර ද CCC කණ්ඩායමේ ධනංජය ද සිල්වා ද ශතක ලබා ගත්තා.
දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ Moors කණ්ඩායමේ චානුක ඩිල්ශාන්.
>>දුමිඳු සහ රවිඳු ශතක වාර්තා කරයි<<
Police SC සහ NCC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – NCC
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි NCC ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 2ක් දැවී ලකුණු 386ක් ලබා ගත්තා.
එම ඉනිම ආරම්භ කළ පැතුම් නිස්සංක සහ ලහිරු උදාර පළමු කඩුල්ලට පන්දු 159ක දී ලකුණු 128ක ලකුණු සබඳතාවක් එක් කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. එම ලකුණු සබඳතාව බිඳී යන්නේ පැතුම් නිස්සංක ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 77ක් ලබා සිටියා.
අනතුරු ව 2 වැනි කඩුල්ලට නිරෝෂණ දික්වැල්ල දැවී යන අතර ඒ වෙද්දී ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා. ඔහු ලහිරු උදාර සමඟින් පන්දු 71ක දී ලකුණු 66ක සබඳතාවක් එක් කරනවා.
තරගය පළමු දිනයට අවසන් වෙද්දී ලහිරු උදාර සහ කමිල් මිෂාර එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 311කට මුහුණ දෙමින් නොදැවුණ ලකුණු 192ක සබඳතාවක් එක් කරනවා.
එහි දි ලහිරු උදාර පන්දු 246කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් නොදැවී ලකුණු 159ක් ද සහ කමිල් මිෂාර පන්දු 169කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 109ක් ලබා සිටියා.
කමිල් මිෂාර අද තරගයේ දී පළමු පෙළ තරග දිවියේ ලකුණු 3000 කඩඉමට පිවිසිමට ද සමත් වුණා.
කඩුලු දවා ගැනීමේ දී දැවී ගිය කඩුලු ද්විත්වයේ හිමිකාරීත්වය දිලුම් සුදීර සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
NCC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 386 (90.0) පැතුම් නිස්සංක 77, ලහිරු උදාර නොදැවී 159, නිරෝෂන් දික්වැල්ල 35, කමිල් මිෂාර නොදැවී 109, දිලුම් සුදීර 2/116
CCC සහ BRC අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – BRC
ප්‍රතිවාදීන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් CCC ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුලු 5ක් දැවී ලකුණු 360ක් ලබා සිටියා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ධනංජය ද සිල්වා. ඔහු පන්දු 179කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සමඟින් නොදැවී ලකුණු 131ක් ලබා සිටියා. ඔහු දුල්නිත් සිගේරා හා එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 124ක දී ලකුණු 101ක් ද සහ අංජල බණ්ඩාර හා එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 187ක දී නොදැවුණ ලකුණු 124ක් ද ලබා ගන්නවා.
එහි දී දුල්නිත් සිගේරා පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 81ක් ලබා ගන්නා ලද අතර අංජල බණ්ඩාර පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණ 64ක් ද ලබා ගත්තා.
දුල්නිත් සිගේරා අද ලබා ගන්නේ තම පළමු පෙළ තරග දිවියේ මංගල අර්ධ ශතකයයි.
ඊට අමතර ව , ලසිත් කෲස්පුල්ලේ පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී මර්වින් අබිනාශ් ලකුණු 92කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව යසිරු රොද්‍රිගෝ ද කඩුලු 2ක් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
CCC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 360 (80.0) දුල්නිත් සිගේරා 81, ලසිත් කෲස්පුල්ලේ 37, ධනංජය ද සිල්වා නොදැවී 131, අංජල බණ්ඩාර නොදැවී 64, යසිරු රොද්‍රිගෝ 2/57, මර්වින් අබිනාශ් 3/92
- රාජකීය විද්‍යාලය තවත් ලකුණු 127ක් පිටුපසින්
- ශ්‍රී ලංකා ක්රිකට් Gary Kirsten යටතට!
- අශේන්, ජනිත් සහ යසිරු දක්ෂතා දැක් වූවා
- ශිරාන්, අහන් සහ නිමේෂ පළමු පෙළ සුවිශේෂී කඩඉම්වලට
- Major Club සුපිරි 8 වටයේ තරග අද සිට
Colts CC සහ Ace Capital CC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Colts CC
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Ace Capital ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 290ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Colts ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කිසිවෙක් නොදැවී ලකුණු 10ක් ලබා සිටියා.
පළමුවෙන් පන්දුවට පහර දුන් Ace Capital කණඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පවන්ත වීරසිංහ පන්දු 100කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් ලකුනු 61ක් ද සහ කවිඳු කුලසේකර පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 61ක් ද ලබා ගත්තා.
ඊට අමතර ව රනේෂ් සිල්වා පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමගන් ලකුණු 42ක් ද, රවීන් ද සිල්වා පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ද සහ කවිඳු අමන්ත පන්දු 44කට මුහුණ දෙමින් හතරෙ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී අකිල ධනංජය ලකුණු 75කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව දුනිත් වෙල්ලාලගේ සහ උදිත් මදුශාන් කඩුලු ද්විත්වය බැගින් ද සහ මුදිත ලක්ෂාන් සහ හර්ෂණ වික්‍රමසිංහ කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
Ace Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 290 (77.3) පවන්ත වීරසිංහ 61, නිමේෂ ගුණසිංහ 20, කවිඳු අමන්ත 26, රනේෂ් සිල්වා 42, කවිඳු කුලසේකර 61, රවීන් ද සිල්වා නොදැවී 35, ඉසිත විජේසුන්දර 21, උදිත් මදුශාන් 2/54, දුනිත් වෙල්ලාලගේ 2/48, අකිල ධනංජය 4/75
Colts CC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 10 (4.0)
Colts කණ්ඩායම ලකුණු 280ක් පිටු පසින්.
Moors SC සහ Bloomfield C & AC අතර තරගය Colts ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය – Bloomfield C & AC
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Bloomfield කණ්ඩායමට ලබා ගැනීමට හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 229ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ජෙෆ්රි වැන්ඩර්සේ. ඔහු පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 63ක් ලබා ගත්තා.
Bloomfield ඉනිමේ කඩුලු 7ක් ලකුණු 107කට දැවී ගොස් තිබිය දී ජෙෆ්රි වැන්ඩර්සේ සහ තරිඳු හර්ෂණ එක් ව 8 වැනි කඩුල්ලට පන්දු 170ක දී ලකුණු 87ක් ලබා ගන්නවා. තරිඳු හර්ෂණ පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 59ක් ලබා ගත්තා.
ඔවුන්ට අමතර ව අසිත වන්නිනායක පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟන් ලකුණු 36ක් ද සහ ජනිත් ලියනගේ පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 32ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී චානුක දිල්ශාන් ලකුණු 67කට කඩුලු 4ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ඉම්තියාස් ස්ලාසා, ශිරාන් ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස් සහ මිලාන් රත්නායක කඩුල්ල බැගින් බදා ගත්තා.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි Moors ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 36ක් වෙද්දී දැවී ගිය අතර තරගය පළමු දිනයට නතර කරන විට සොහාන් ද ලිවේරා පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 22ක් ද සැදෑ ආරක්ෂකයා ලෙසින් පිටියට පිවිසි ශිරාන් ප්‍රනාන්දු ලකුණු නොලබා නොදැවී ද පිටියේ රැඳී සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 229 (84.5) අසිත වන්නිනායක 36, ජනිත් ලියනගේ 32, තරිඳු හර්ෂණ 59, ජෙෆ්රි වැන්ඩර්සේ 63, චානුක ඩිල්ශාන් 4/67, ඉම්තියාස් ස්ලාසා 2/42
Moors SC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 36 (9.0) සොහාන් ද ලිවේරා නොදැවී 22
Moors කණ්ඩායම ලකුණු 193ක් පිටුපසින්.
මෙම තරග සියල්ල අද (14) 2 වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















