Major Clubs T20 තරගාවලියේ පළමු වටය නිමාවෙයි

Major Clubs T20 Tournament 2025

2
Major Club T20 Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරග අද (08) පැවැති අතර ඒ අනුව NCC, Tamil Union C & AC, Moors SC, Bloomfield C & AC, BRC, CCC, Colts CC සහ Panadura SC යන කණ්ඩායම් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

අද පැවැති තරගවල දී දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වීමට Colts CC කණ්ඩායමේ ආරම්භක පිතිකරු සංගීත් කුරේ සමත් වුනා. ඔහු පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 93ක් ලබා ගත්තා.

ඔහුට අමතර ව කේශර නුවන්ත, නිමේෂ ගුණසිංහ සහ ඔමේෂ් මෙන්ඩිස් තම පළමු පෙළ විස්සයි විස්ස තරග දිවියේ මංගල අර්ධ ශතක අද ලබා ගැනීමට සමත් වුනා.

Baduraliya SC කණ්ඩායමේ කේශර නුවන්ත පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 57ක් ද, Ace Capital CC කණ්ඩායමේ නිමේෂ ගුණසිංහ පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 62ක් ද සහ Moors SC කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකරු ඔමේෂ් මෙන්ඩිස් පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 51ක් ද ඒ අනුව වාර්තා කරනවා.

මේ අතර Panadura SC කණ්ඩායමේ නායක දුශාන් හේමන්ත පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 59ක් ද, CCC කණ්ඩායමේ නිශාන් මදුශ්ක පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 52ක් ද සහ BRC කණ්ඩායමේ රවිජ සඳරුවන් පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 51ක් ද ලබා ගන්නවා.

පැවැති තරගයේ කෙටි ලකුණු පුවරුව

Moors SC සහ Baduraliya SC අතර තරගය කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.

  • Baduraliya SC – සියලුම දෙනා දැවී 124 (20.0) ෂෙහාන් මදුශංක 21, ශානික්‍ය දේශප්‍රිය නොදැවී 28, කේශර නුවන්ත 57, ශිරාන් ප්‍රනාන්දු 2/27, ප්‍රවීන් ජයවික්‍රම 2/15, රමේෂ් මෙන්ඩිස් 2/19, මල්ෂ තරුපති 2/21
  • Moors SC කඩුලු 6ක් දැවී 127 (20.0) ඔමේෂ් මෙන්ඩිස් 51, සදීර සමරවික්‍රම නොදැවී 41, සීක්කුගේ ප්‍රසන්න 2/19, කේශර නුවන්ත 2/23

Moors SC කණ්ඩායමට කඩුලු 4ක ජයක්.

Panadura SC සහ CCC අතර තරගය කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

  • Panadura SC – කඩුලු 6ක් දැවී 126 (20.0) සසිඳු මල්ශාන් 22, දුශාන් හේමන්ත නොදැවී 59, විශ්ව ලහිරු 25, විශ්ව ප්‍රනාන්දු 2/14
  • CCC – කඩුලු 9ක් දැවී 119 (20.0) නිශාන් මදුශ්ක නොදැවී 52, ඉසුරු උදාන නොදැවී 23, විශ්ව ලහිරු 2/07, විශේන් හැළඹගේ 3/25

Panadura SC කණ්ඩායමට ලකුණු 7ක ජයක්.

Bloomfield C & AC සහ Tamil Union C & AC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

  • Bloomfield C & AC – කඩුලු 8ක් දැවී 119 (20.0) ලහිරු මදුශංක 25, තීසාන් විතුසාන් 2/22, විහස් තෙව්මික 2/26, විජයකාන්ත වියස්කාන්ත් 2/18
  • Tamil Union C & AC – කඩුලු 8ක් දැවී 120 (18.4) මිනෝද් භානුක 44, සචිත ජයතිලක නොදැවී 16, ඒශාන් මාලිංග 3/28, කිත්ම විදානපතිරණ 2/17

Tamil Union C & AC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

Baduraliya SC සහ NCC අතර තරගය කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.

  • NCC – සියලුම දෙනා දැවී 118 (20.0) කමිල් මිෂාර 22, දිනෙත් ගුණවර්ධන 37, නිමේෂ ගුණසිංහ 3/21, වනුජ සහන් 2/27, අනුක විජේවර්ධන 2/21, රවීන් ද සිල්වා 2/14
  • Ace Capital CC – කඩුලු 7ක් දැවී 115 (20.0) නිමේෂ ගුණසිංහ 62, චාමික කරුණාරත්න 2/17, සම්පත් නිශ්ශංක 2/23, මතීෂ පතිරණ 2/21

NCC කණ්ඩායමට ලකුණු 3ක ජයක්.

Chilaw Marians CC සහ BRC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

  • Chilaw Marians CC – කඩුලු 7ක් දැවී 121 (20.0) හිරාන් ජයසුන්දර 25, සකුණ ලියනගේ 35, මොවින් සුබසිංහ 3/15
  • BRC – කඩුලු 2ක් දැවී 127 (11.5) රවිජ සඳරුවන් 51, ඉසුරු ප්‍රනාන්දු 36, මොවින් සුබසිංහ නොදැවී 32

BRC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

Colts CC සහ Police SC අතර තරගය කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

  • Colts CC – කඩුලු 6ක් දැවී 166 (20.0) සංගීත් කුරේ 93, දුනිත් වෙල්ලාලගේ 23, චාරුක ජයතිලක 2/25
  • Police SC – කඩුලු 9ක 107 (20.0) විශාද් රන්දික 29, චතුරංග ජයතිලක 30, ඩිල්ශාන් මදුශංක 3/12, ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 3/13

Colts CC කණ්ඩායමට ලකුණ 59ක ජයක්.

මෙම තරග නිමාවත් සමඟින් මේ මස 11 වැනිදා තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී පෙරවරුවේ NCC සහ Tamil Union C & AC කණ්ඩායම් අතර තරගය ද පස්වරුවේ BRC සහ CCC අතර තරගය ද, කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී පෙරවරුවේ Moors SC සහ Bloomfield C & AC අතර තරගය ද පස්වරුවේ Colts CC සහ Panadura SC අතර තරගය ද පැවැත්වේ.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<