ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 6ක් අද (06) පැවැති අතර එහි දී චතුරංග ජයතිලක සහ විශේන් හැළඹගේ මෙම තරගාවලියේ පිට පිට වාර්තා කරන ලද 2 වැනි අර්ධ ශතකත් වාර්තා කිරීමට සමත් වීම කැපී පෙණුනා.
Police SC කණ්ඩායමේ 33 වැනි වියේ පසුවෙන වමත් පිතිකරු චතුරංග ජයතිලක Bloomfield C & AC කණ්ඩායමට එරෙහි ව පැවැති තරගයේ දී පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ලබා ගනිද්දී Panadura SC කණ්ඩායමේ 20 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු විශේන් හැළඹගේ NCC කණ්ඩායමට එරෙහි ව පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 83ක් ලබා ගන්නවා.
මේ අතර අද දවසේ දී කෝඩුකාරයන් ලෙසින් තරග බිමට පිවිසි ෂෙහාන් මදුශංක සහ ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් ද කැපී පෙණෙන දක්ෂතා දැක්වීමට සමත් වීම කැපී පෙණුනා.
ඔවුන්ට අමතර ව පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක් වූවන් අතර CCC කණ්ඩායමේ ලසිත් කෲස්පුල්ලේ පෙරමුණේ පසුවෙනවා. ඔහු Kurunegala Youth CC කණ්ඩායමට එරෙහි ව පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 77ක් ලබා ගත්තා. ඊට අමතර ව Tamil Union C & AC කණ්ඩායමේ තෙවිඳු සේනාරත්න Chilaw Marians CC කණ්ඩායම හා පැවැති තරගයේ දී පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ විස්සයි විස්ස තරගවල මංගල අර්ධ ශතකයයි.
එමෙන් ම Baduraliya SC කණ්ඩායමේ ෂෙහාන් මදුශංක සහ සීක්කුගේ ප්‍රසන්න ද අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට අද සමත් වෙනවා. 18 හැවිරිදි වියේ පසුවෙන ෂෙහාන් මදුසංක පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා ගන්නා ලද අතර එය ඔහුගේ මංගල පළමු පෙළ විස්සයි විස්ස තරගයයි. සීක්කුගේ ප්‍රසන්න පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 57ක් ලබා ගත්තා.
ඔවුන් මෙම ඉනිම් වාර්තා කරන්නේ Ace Capital කණ්ඩායමට එරෙහිවයි. මේ අතර Ace Capital කණ්ඩායමේ ලහිරු දවටගේ ද Baduraliya SC කණ්ඩායමට එරෙහි ව පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 52ක් ලබා ගන්නවා.
Colts CC කණ්ඩායම වෙනුවෙන් මංගල පළමු පෙළ විස්සයි විස්ස තරගයට සහභාගී වූ දඟ පන්දු යවන ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් Nugegoda S & WC කණ්ඩායමට එරෙහි ව ලකුණු 9කට කඩුලු 4ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවීමට සමත් වෙනවා.
ඊට අමතර ව Chilaw Marians CC කණ්ඩායමේ පා දඟ පන්දු යවන විජයකාන්ත් වියස්කාන්ත් Chilaw Marians CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 22කට කඩුලු 4ක් දවා ගත්තා. එය ඔහුගේ තරග 51ක් වන පළමු පෙළ විස්සයි විස්ස තරගවල ඉහළ ම දක්ෂතාවයි. එමෙන් ම Baduraliya SC කණ්ඩායමේ දකුණතින් පිට දඟ පන්දු යවන කේශර නුවන්ත Ace Capital CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 41කට කඩුලු 4ක් දවා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ විස්සයි විස්ස තරග පිටියේ ඉහළ ම දක්ෂතාවයි.
- විශේන්, කෙවින්, චතුරංග සහ සම්පත් සුවිශේෂී කඩඉම් ඉනිම්වල
- ශ්‍රී ලංකා A කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ දින තහවුරුයි
- ක්‍රිකට් නීති රැසක් වෙනස් කිරීමට ICC සූදානම් වෙයි!
- කොදෙව් යන නැගී එන තරු රෑන
- මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි!
පැවැති තරගයේ කෙටි ලකුණු පුවරුව
Bloomfield C & AC සහ Police SC අතර තරගය කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.
Police SC – කඩුලු 8ක් දැවී 145 (20.0) නදීර බාලසූරිය 25, චතුරංග ජයතිලක 50, එශාන් මාලිංග 4/15, තරින්ද ගුරුගේ 2/26
Bloomfield C & AC – කඩුලු 7ක් දැවී 147 (20.0) රොන් චන්ද්‍රගුප්ත 28, ලහිරු මදුශංක 29, ජෙෆ්රි වැන්ඩර්සේ නොදැවී 29, ඉෂිර ආයුපාල 2/25, නවීන් ප්‍රනාන්දු 3/29
Bloomfield C & AC කණ්ඩායමට කඩුලු 3ක ජයක්.
Tamil Union C & AC සහ Chilaw Marians CC අතර තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.
Tamil Union C & AC – කඩුලු 8ක් දැවී 150 (20.0) සිනෙත් ජයවර්ධන 26, තෙවිඳු සේනාරත්න 50, සචිත ජයතිලක 41, රවිඳු රත්නායක 2/26, තනුක දාබරේ 2/32, ඉරුෂ්ක තිමිර 2/20
Chilaw Marians CC – සියලුම දෙනා දැවී 106 (18.4) හිරාන් ජයසුන්දර නොදැවී 31, සකුණ ලියනගේ 23, සිනෙත් ජයවර්ධන 3/13, තීසාන් විතුසාන් 2/12, විජයකාන්ත් වියස්කාන්ත් 4/22
Tamil Union C & AC කණ්ඩායමට ලකුණු 44ක ජයක්.
Nugegoda S & WC සහ Colts CC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.
Nugegoda S & WC – කඩුලු 8ක් දැවී 142 (20.0) කෙවින් පෙරේරා 26, සඳුන් මෙන්ඩිස් 21, ඩිල්ශාන් මදුශංක 2/31, ශ්‍යාම්සුන්දර් ක්‍රිෂ්ණශ්‍රීරාම් 4/09
Colts CC – කඩුලු 7ක් දැවී 141 (20.0) සනෝජ් දර්ශික 46, දුනිත් වෙල්ලාලගේ 33, සුවත් මෙන්ඩිස් 3/18, සඳුන් මෙන්ඩිස් 2/11
Nugegoda S & WC කණ්ඩායමට ලකුණක ජයක්.
Baduraliya SC සහ Ace Capital CC අතර තරගය කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.
Baduraliya SC – කඩුලු 4ක් දැවී 170 (20.0) යුතික දිල්රුක් 23, ෂෙහාන් මදුසංක නොදැවී 53, සීක්කුගේ ප්‍රසන්න 57, චමෝද් බට්ටගේ 2/46
Ace Capital CC – කඩුලු 8ක් දැවී 176 (19.3) ලහිරු දවටගේ 52, නිමේෂ ගුණසිංහ 36, වනුජ සහන් 36, දනාල් හේමානන්ද නොදැවී 27, අලංකාර අසංක 2/23, කෙශර නුවන්ත 4/41
Ace Capital CC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.
CCC සහ Kurunegala Youth CC අතර තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී.
CCC – කඩුලු 6ක් දැවී 200 (20.0) ලසිත් කෲස්පුල්ලේ 77, දුලිනිත් සිගේරා 48, රෙහාන් පීරිස් 23, ඉනුක කරන්නාගොඩ නොදැවී 32, ගයන වීරසිංහ 2/41, අරවින්ද ප්‍රේමරත්න 2/30
Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 56 (14.2) ගයන වීරසිංහ 13, චතුරංග ද සිල්වා 2/06, ලක්ශාන් සඳකැන් 3/12
CCC කණ්ඩායමට ලකුණු 144ක ජයක්.
NCC සහ Panadura SC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.
NCC – කඩුලු 6ක් දැවී 159 (20.0) නිරෝෂන් දික්වැල්ල 44, චාමික කරුණාරත්න නොදැවී 50, දුශාන් හේමන්ත 2/22
Panadura SC – කඩුලු 8ක් දැවී 158 (20.0) විශේන් හැළඹගේ 83, විශ්ව ලහිරු 23, සහන් ආරච්චිගේ 3/29
NCC කණ්ඩායමට ලකුණක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<