Police, Tamil Union, CCC සහ Colts අවසන් පූර්ව වටයට

Major Clubs Limited Over Tournament 2025

68
Major Clubs Limited Over Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග මේ මස 25 සහ 27 යන දිනවල කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරග ලෙසින් පැවැත් වීමට නියමිතයි.  

පළමු අවසන් පූර්ව තරගය

  • ජුලි 27 වැනිදා – Police SC සහ Colts CC අතර තරගය
  • ජුලි 29 වැනිදා – CCC සහ Tamil Union C & AC අතර තරගය

මෙම තරග සඳහා A කාණ්ඩයෙන් තරගාලියට එක් වූ  Police SC සහ Tamil Union C & AC කණ්ඩායම් ද B කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ CCC සහ Colts CC කණ්ඩායම් ද සුදුසුකම් ලබා සිටිනවා.

Group A

  Teams M W L T D N/R PT NRR
1 Police 6 5 1 0 0 0 10 1.271
2 Tamil Union 6 4 2 0 0 0 8 0.935
3 NCC 6 4 2 0 0 0 8 -0.047
4 Panadura 6 2 4 0 0 0 4 -0.140
5 Ace Capital 6 2 4 0 0 0 4 -0.419
6 Chilaw Marians 6 2 4 0 0 0 4 -0.641
7 Baduraliya 6 2 4 0 0 0 4 -0.961

Group B

  Teams M W L T D N/R PT NRR
1 CCC 6 5 1 0 0 0 10 1.979
2 Colts 6 5 1 0 0 0 10 1.271
3 Moors 6 5 1 0 0 0 10 1.234
4 Bloomfield 6 3 3 0 0 0 6 -0.036
5 BRC 6 1 5 0 0 0 2 -1.109
6 Nugegoda 6 1 5 0 0 0 2 -1.154
7 Kurunegala Youth 6 1 5 0 0 0 2 -1.501

තරගාවලියේ කාණ්ඩ අතුරින් B කාණ්ඩයේ කණ්ඩායම් වඩාත් තරගකාරීව තරගාවලිය අවසන් කරන අතර එම ලැයිස්තුවේ පළමු ස්ථාන ත්‍රිත්වයට පත් කණ්ඩායම් ප්‍රසාද ලකුණු 10ක් බැගින් ලබා තිබීම කැපී පෙණුනා.

ඔවුන් අතුරින් ලකුණු ලබා දළ වේගය අනුව CCC කණ්ඩායම් 1 වැනි ස්ථානයටත් සහ Colts කණ්ඩායම් 2 වැනි ස්ථානටත් පත් වූ අතර ඒ අනුව පළමු වටයේ අවසන් තරගය තෙක් පළමු ස්ථානයේ රැඳී සිටි Moors කණ්ඩායමට එහි 3 වැනි ස්ථානය දක්වා පහත බැසීමට සිදු වූවා.

කෙසේ වෙතත් තරගාවලියේ පැවැති තරගවල දී CCC කණ්ඩායම Moors කණ්ඩායම වෙතිනුත්, Colts කණ්ඩායම CCC කණ්ඩායම වෙතිනුත් සහ Moors කණ්ඩායම Colts කණ්ඩායම වෙතිනුත් පරාජය වෙමින් මේ ලකුණු ලැයිස්තුව සැකසීම විශේෂත්වයක් වුණා.

තරගාවලියේ  A පළමු ස්ථානය පත් Police ක්‍රීඩකයෝ මෙවර ලත් එක ම පරාජය Tamil Union කණ්ඩායම වෙතින් ලබා ගනිමින් ඉතිරි තරග සියල්ල ම ජයග්‍රහණ ලබා ගනිමින් අවසන් කරනවා. Tamil Union කණ්ඩායම මෙම අවස්ථාවට පිවිසෙන්නේ Chilaw Marians කණ්ඩායම සහ NCC කණ්ඩායම් වෙතින් පරාජයට පත් වෙමිනුයි.

මෙම ලැයිස්තුවේ ද 2 වැනි ස්ථානය තීරණය වෙන්නේ Tamil Union කණ්ඩායමේ සහ NCC කණ්ඩායමේ දළ ලකුණු ලබා ගැනීමේ වේගය මතයි.

CCC සංචිතය

ධනංජය ද සිල්වා (නායක), ලසිත් කෲස්පුල්ලේ, නිශාන් මදුශ්ක, කමිඳු මෙන්ඩිස්, අංජල බණ්ඩාර, චමිඳු විජේසිංහ, ඉනුක කරන්නාගොඩ, සහන් කෝසල, පවන් සංදේශ්, දුවිඳු තිලකරත්න, නුවන් තුෂාර, ඉසුරු උදාන, චතුරංග ද සිල්වා, ලක්ෂාන් සඳකැන්, අසිත ප්‍රනාන්දු, විශ්ව ප්‍රනාන්දු, නිශාන් පීරිස්,

Colts සංචිතය

අකිල ධනංජය (නායක), සනෝජ් දර්ශික,  සංගීත් කුරේ, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ඇඩම් හිල්මි, ධනංජය ලක්ෂාන්, දුනිත් වෙල්ලාලගේ, මුදිත ලක්ෂාන්, කවිෂ්ක අංජුල, ඩිල්ශාන් මදුශංක, රවිඳු රසාන්ත, කවිජ ගමගේ, මනුල කුලරත්න, හිරුණ ගාල්ලගේ, රන්දුණු ගංගනාත්, හර්ෂණ වික්‍රමසිංහ, හිරුන් කපුරුබණ්ඩාර, ශ්‍යාම්සුන්දර් ක්‍රිශ්ණශ්‍රීරාම්.

Police සංචිතය

අශේන් බණ්ඩාර (නායක), ධනුජ ඉඳුවර, නදීර බාලසූරිය, චතුරංග ජයතිලක, ජේසන් ප්‍රනාන්දු, ප්‍රියමාල් පෙරේරා,  කුසල් ජනිත් පෙරේරා, රශ්මික හිරුශාන්, දිලුම් සුදීර, නවීන් ප්‍රනාන්දු, දමිත් කප්පාගොඩ, විශාද් රන්දික, මනෝජ් චන්තුක, චාරුක ප්‍රමෝද්.

Tamil Union සංචිතය

මිනෝද් භානුක (නායක), ඉසිවර දිසානායක, සචිත ජයතිලක, විජයකාන්ත් වියස්කාන්ත්, තරිඳු රත්නායක, භානුක රාජපක්ෂ, තීසාන් විතුසාන්, ශාරුජන් ශම්මුගනාදන්, ලහිරු සමරකෝන්, විහස් තෙව්මික, සිනෙත් ජයවර්ධන, සිතාර හපුහින්න, තෙවිඳු සේනාරත්න, කවිඳු නිර්මාණ, මොහොමඩ් ශමාස්, කලන ලියනගේ, කලන පෙරේරා.

තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 30 වැනිදා දිවා/රාත්‍රී තරගයක් ලෙසින් කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<