ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති CCC කණ්ඩායම සහ Tamil Union C & AC කණ්ඩායම අතර පැවැති 2 වැනි අවසන් පූර්ව වටයේ තරගයෙන් ලකුණු 68ක ජයග්‍රහණයක් ලබා ගත් CCC ක්‍රීඩකයෝ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් CCC ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 309ක් ලබා ගත් අතර එම ඉලක්කය හඹා යෑමේ දී ප්‍රතිවාදී Tamil Union C & AC කණ්ඩායම ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 241ක් පමණයි.
Tamil Union C & AC කණ්ඩායම
මිනෝද් භානුක (නායක), සිතාර හපුහින්න (කඩුලු රකින්නා), සිනෙත් ජයවර්ධන, සාරුජන් සම්මුගනාදන්, භානුක රාජපක්ෂ, විහස් තෙව්මික, ලහිරු සමරකෝන්, තරිඳු රත්නායක, තීසාන් විතුසාන්, විජයකාන්ත් වියස්කාන්ත් සහ සචිත ජයතිලක.
CCC කණ්ඩායම
සොනාල් දිනූෂ (නායක), නිශාන් මදුශ්ක (කඩුලු රකින්නා), ලසිත් කෲස්පුල්ලේ, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, පවන් රත්නායක, සහන් කෝසල, චමිඳු විජේසිංහ, නිශාන් පීරිස්, නුවන් තුෂාර සහ විශ්ව ප්‍රනාන්දු.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ Tamil Union C & AC කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි CCC ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වුණේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 5ක දී අහිමි වෙන්නෙ ලසිත් කෲස්පුල්ලේ ලකුණු 2කට දැවී යෑමත් සමඟිනුයි.
ඒ අවාසනාවන්ත තත්තවයෙන් යම් තරමක ගැලවීමක් ලබා ගැනීමට 2 වැනි කඩුල්ලට එක් වූ නිශාන් මදුශ්ක සහ ධනංජය ද සිල්වා සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එම කඩුල්ලට පන්දු 40ක දී ලකුණු 30ක් එක් කරනවා. ඒ අනුව ඔවුන්ගේ 2 වැනි කඩුල්ල දැවී යද්දී ලකුණු පුවරුව 35ක් බවට පත් කර ගන්නවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ දමමින් ධනංජය ද සිල්වා ද ලකුණු 14කට දැවී යනවා.
අනතුරු ව පිටියට එක් වෙන්නේ කමිඳු මෙන්ඩිස්. ඔහු පිටියට එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 30ක දී ලකුණු 22ක් එක් වෙද්දී නිශාන් මදුශ්ක පිටියෙන් ඉවත් වෙනවා. ඔහු දැවී යන විට පන්දු 20කට මුහුණ දෙමින් ලකුණු 17ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට එක් වූ පවන් රත්නායක සමඟ එක් වූ කමිඳු මෙන්ඩිස් සිව් වැනි කඩුල්ලට පන්දු 34ක දී ලකුණු 42ක සබඳතාවක් එක් කරනවා. කමිඳු මෙන්ඩිස් දැවී යද්දී පන්දු පන්දු 26ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියා.
ඉන් අනතුරුවයි CCC ඉනිමේ සාර්ථක ම ලකුණු සබඳතාවන් එකතු වෙන්නේ. ඊට ප්‍රධාන ලෙසින් ම මූලිකත්වය ගන්නේ නායක සොනාල් දිනූෂ. ඔහු පවන් රත්නායක සමඟ 5 වැනි කඩුල්ලට පන්දු 92ක දී ලකුණු 86ක් ද සහ සහන් කෝසල සමඟ එක් වෙමින් 6 වැනි කඩුල්ලට පන්දු 64ක දී ලකුණු 73ක් ද එක් කරනවා.
පවන් රත්නායක පන්දු පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 63ක් ද සහ සහන් කෝසල පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 48ක් ද ලබා ගන්නවා.
ඉන් අනතුරු ව චමිඳු වික්‍රමසිංහ ලකුණු 9කට දැවී යන විට CCC ඉනිම අවසන් වෙද්දී සොනාල් දිනූෂ පන්දු 72කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 83ක් ද සහ නිශාන් පීරිස් පන්දු 9ක දී හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 14ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 52කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ලහිරු සමරකෝන් කඩුලු 2ක් ද සහ විහස් තෙවිම්ක කඩුල්ලක් ද දවා ගත්තා.
- 2025 ආසියා කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී
- Police අවසන් මහා තරගයට
- Police, Tamil Union, CCC සහ Colts අවසන් පූර්ව වටයට
- Tier B පිටියේ වීරයෝ
- Colombo North කණ්ඩායම 19න් පහළ Youth ශූරතාව දිනා ගනී
පිළිතුරු ඉනිමේ දී පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 23ක දී ලකුණු 33ක සබඳතාවක් එක් කරමින් තරගයට හොඳ ආරම්භයක් ලබා ගැනීමට සිනෙත් ජයවර්ධන සහ සිතාර හපුහින්න සමත් වෙනවා. ඔවුන් දෙදෙනා අතුරින් පළමු කඩුල්ල ලෙසින් සිනෙත් ජයවර්ධන පළමු කඩුල්ල ලෙසින් දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 19ක් ලබා සිටියා.
නමුත් ඒ හා සමඟ ම නායක මිනෝද් භානුක ලකුණු නොලබා ම දැවී යෑමත් සමඟින් Tamil Union C & AC ඉනිමේ ලකුණු පුවරුව මදක් සසල වුණා. එහෙත් එම තත්ත්වය මඟ හැරීමට 3 වැනි කඩුල්ලට එක් වූ සිතාර හපුහින්න සහ ශාරුජන් ශන්මුගනාතන් සමත් වෙනවා.
ඔවුන් දෙදෙනා එක් ව එම කඩුල්ලට පන්දු 116කින් ලකුණු 117ක් සබඳතාවක් එක් කිරීමට සමත් වෙනවා. එහි දී සිතාර හපුහින්න පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 76ක් ලබා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග 28ක හොඳම ඉනිම බවට ද පත් වෙනවා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව Tamil Union C & AC ඉනිමට තවත් ලකුණු 13ක් එක් වෙද්දී ශාරුජන් ශන්මුගනාතන් ගේ ඉනිම ද අවසන් වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 56ක් ලබා සිටියා. ඔහුගේ මෙම ඉනිම ද තරග ලැයිස්තුවට එක් වුණේ තම පළමු පෙළ එක්දින තරග 10ක හොඳම ඉනිම ලෙසයි.
අනතුරු ව විහස් තෙව්මික (15) සහ සචිත ජයතිලක (0) එක් පන්දුවාරයක දී දැවී යන අතර එය Tamil Union C & AC ක්‍රීඩකයන්ගේ ජයග්‍රාහී බලාපොරොත්තු තරමක් පසු බෑමකට ලක් කරන සිදු වීමක් වුණා. ඉන් අනතුරු ව භානුක රාජපක්ෂ සහ ලහිරු සමරකෝන් (6) එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 24කට ලකුණු 20ක් එක් කළ ද එය අනෙකුත් පිතිකරුවන්ගෙන් එතරම් ම සහයෝගයක් නොලැබීමෙන් තරගයේ පාලනය ඔවුන්ගෙන් ප්‍රතිවාදීන් සුරතට පත් වුණා.
භානුක රාජපක්ෂ පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත් අතර පසු පෙළින් පිටියට පිවිසි විජයකාන්ත් වියස්කාන්ත් ලකුණු 14ක් ද, තරිඳු රත්නායක ලකුණු 12ක් ද සහ තීසාන් විතුසාන් නොදැවී ලකුණු 1ක් ලබා සිටිය දී Tamil Union C & AC ඉනිම අවසන් වෙන්නේ තවත් පන්දු 53ක් ද ඉතිරි කරමිනුයි.
කඩුලු දවා ගැනීමේ දී කමිඳු මෙන්ඩිස් ලකුණු 43කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව විශ්ව ප්‍රනාන්දු සහ නුවන් තුෂාර කඩුලු ද්විත්වය බැගිනුත් චමිඳු විජේසිංහ කඩුල්ලකුත් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
CCC – කඩුලු 7ක් දැවී 309 (50.0) නිශාන් මදුශ්ක 36, කමිඳු මෙන්ඩිස් 26, පවන් රත්නායක 63, සොනාල් දිනූෂ නොදැවී 83, සහන් කෝසල 48, ලහිරු සමරකෝන් 2/46, විජයකාන්ත් වියස්කාන්ත් 4/52
Tamil Union C & AC – සියලුම දෙනා දැවී 241 (41.1) සිතාර හපුහින්න 76, ශාරුජන් ශන්මුගනාතන් 56, භානුක රාජපක්ෂ 31, නුවන් තුෂාර 2/41, විශ්ව ප්‍රනාන්දු 2/40, කමිඳු මෙන්ඩිස් 4/43
CCC කණ්ඩායමට ලකුණු 68ක ජයක්.
CCC කණ්ඩායම සහ Police SC කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 30 වැනිදා කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<