ධනංජය, ඩිල්ශාන්, මොවින් සහ නිමේෂ දක්ෂතා දක්වයි

Major Clubs Limited Over Tournament 2025

6
Major Club 50 Over Tournament

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග (21) අවසන් වෙද්දී ධනංජය ද සිල්වා සහ ඩිල්ශාන් ද සොයිසා ශතක ලබා ගනිමින් ද සහ මොවින් සුබසිංහ සහ නිමේෂ ගුණසිංහ පන්දු යැවීමෙන් ද දක්ෂතා දැක් වූවා.

CCC කණ්ඩායම නියෝජනය කරන ධනංජය ද සිල්වා පන්දු 99කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 130ක් ලබා ගත්තා. එය ඔහුගේ 156ක් වන පළමු පෙළ එක්දින තරග දිවියේ 6 වැනි ශතකයයි.

ඔහුට අමතර ව Baduraliya SC කණ්ඩායමේ 30 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු ඩිල්ශාන් ද සොයිසා ද ශතක ඉනිමක් ක්‍රීඩා කළ අතර එය තම 33ක් වන පළමු පෙළ එක්දින තරග දිවියේ මංගල ශතකයයි. Panadura SC කණ්ඩායමට එරෙහි ව පන්දු 125කට මුහුණ දුන් ඔහු හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තා.

මේ අතර පන්දු යැවීමේ දී දිනයේ හොඳම පන්දු යැවීමට BRC කණ්ඩායමේ 25 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යවන මොවින් සුබසිංහ සමත් වුණා. ඔහු Kurunegala Youth CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 19කට කඩුලු 6ක් දවා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ එක්දින තරගවල ඉහළ ම දක්ෂතාවයි.

ඊට අමතර ව Ace Capital CC කණ්ඩායමේ 30 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යවන නිමේෂ ගුණසිංහ Chilaw Marians CC කණ්ඩායමට එරෙහි ව ලකුණු 23කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූ අතර එය ඔහුගේ තරග 43ක් වන පළමු පෙළ එක්දින තරග ඉතිහාසයේ හොඳම පන්දු යැවීමයි.

මේ අතර Chilaw Marians CC කණ්ඩායමේ රවිඳු රත්නායක (72), Ace Capital CC කණ්ඩායමේ තනුජ රාජපක්ෂ (90), ලහිරු දවටගේ (63), සහ හිමාෂ ලියනගේ (77), Tamil Union C & AC – කඩුලු 3ක් දැවී 147 (20.0) සිනෙත් ජයවර්ධන (87), Baduraliya SC කණ්ඩායමේ ජනෙත් කෞෂාල් (52), Nugegoda Sports Welfare Club කණ්ඩායමේ තිලකරත්න සම්පත් (63) සහ අක්‍රම් මුතාලිබ් (53), CCC කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස් (54), Colts CC – කණ්ඩායමේ සංගීත් කුරේ (52) සහ දිනේෂ් චන්දිමාල් 76, Bloomfield Cricket and Athletic Club කණ්ඩායමේ රොන් චන්ද්‍රගුප්ත (60) සහ ජනිත් ලියනගේ (62) අර්ධ ශතක ඉනිම් ක්‍රීඩා කළා.

එමෙන් ම Chilaw Marians CC කණ්ඩායමේ තනුක දාබරේ (5/44) ද දක්ෂ පන්දු යැවීමක නිරත වුණා.

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු

Kurunegala Youth CC සහ BRC  අතර තරගය වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.

  • BRC – සියලුම දෙනා දැවී 143 (48.1) චාමික හීනටිගල 42, මොවින් සුබසිංහ 27, යසිරු රොද්‍රිගෝ නොදැවී 22, ගයන වීරසිංහ 4/16, දේශාන් සෙනෙවිරත්න 2/19, වතිල උදාර 2/39
  • Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 125 (37.3) ලියෝ ෆ්‍රැන්සිස්කෝ 25, ගයන වීරසිංහ 33, වතිල උදාර 39, මොවින් සුබසිංහ 6/19

BRC  කණ්ඩායමට ලකුණු 18ක ජයක්.

Chilaw Marians CC සහ Ace Capital CC අතර තරගය පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී.

  • Ace Capital CC – කඩුලු 9ක් දැවී 315 (50.0) තනුජ රාජපක්ෂ 90, ලහිරු දවටගේ 63, හිමාෂ ලියනගේ 77, රවින් ද සිල්වා 41, තනුක දාබරේ 5/44
  • Chilaw Marians CC – සියලුම දෙනා දැවී 177 (20.2) තනුක දාබරේ 45, තරිඳු අමරසිංහ 22, රවිඳු රත්නායක 72, නිමේෂ ගුණසිංහ 6/23

Ace Capital CC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 63ක ජයක්.

Police SC සහ Tamil Union C & AC අතර තරගය Police ක්‍රීඩාංගණයේ දී.

  • Police SC – සියලුම දෙනා දැවී 144 (37.0) ජේසන් ප්‍රනාන්දු 26, අශේන් බණ්ඩාර 27, කුසල් පෙරේරා 38, තරිඳු රත්නායක 4/34, විජයකාන්ත් වියස්කාන්ත් 3/27, විහස් තෙව්මික 2/31
  • Tamil Union C & AC – කඩුලු 3ක් දැවී 147 (20.0) සිනෙත් ජයවර්ධන 87, ඉසිවර දිසානායක 22, සචිත ජයතිලක 20

Tamil Union C & AC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 7ක ජයක්.

Baduraliya SC සහ Panadura SC අතර තරගය මග්ගොන Surrey  ක්‍රීඩාංගණයේ දී.

  • Baduraliya SC – කඩුලු 9ක් දැවී 250 (50.0) ඩිල්ශාන් ද සොයිසා 104, ජනෙත් කෞෂාල් 52, මොහොමඩ් ඩිල්ශාඩ් 4/48
  • Panadura SC – කඩුලු 9ක් දැවී 176 (41.2) විශේන් හැළඹගේ 33, සෙනිත හැළඹගේ 21, සසිඳු මල්ශාන් 33, දුශාන් හේමන්ත 39, චානක කොමසාරු 2/22, මානස මදුභාෂණ 2/38, සීක්කුගේ ප්‍රසන්න 2/41, කේශර නුවන්ත 2/15

Baduraliya SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 67ක ජයක්.

CCC සහ Nugegoda Sports Welfare Club අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

  • Nugegoda Sports Welfare Club – කඩුලු 5ක් දැවී 228 (36.0) පුලිඳු පෙරේරා 28, තිලකරත්න සම්පත් 63, අක්‍රම් මුතාලිබ් 53, පැතුම් කුමාර නොදැවී 47, කමිඳු මෙන්ඩිස් 2/17
  • CCC – කඩුලු 3ක් දැවී 240 (46.2) ධනංජය ද සිල්වා 130, කමිඳු මෙන්ඩිස් 54, අංජල බණ්ඩාර නොදැවී 30, මියුරු හේෂාන් 2/37

CCC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 7ක ජයක්.

Colts CC සහ Bloomfield Cricket and Athletic Club අතර තරගය කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.

  • Colts CC – කඩුලු 8ක් දැවී 226 (40.0) සංගීත් කුරේ 52, දිනේෂ් චන්දිමාල් 76, දුනිත් වෙල්ලාලගේ 34, මුදිත ලක්ෂාන් 20, දුලාජ් සමුදිත 2/43, රවිඳු ප්‍රනාන්දු 2/31,
  • Bloomfield Cricket and Athletic Club කඩුලු 9ක් දැවී 196 (40.0) රොන් චන්ද්‍රගුප්ත 60, ජනිත් ලියනගේ 62, ඩිල්ශාන් මදුශංක 3/29, අකිල ධනංජය 4/39

Colts CC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 36ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<