ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ 2025 වසරේ මංගල ශතකය ලබා ගැනීමට Police SC කණ්ඩායමේ නායක අශේන් බණ්ඩාර සමත් වුනා.
Panadura SC සමඟ පැවැති තරගයේ දී අශේන් බණ්ඩාර පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 107ක් ලබා ගනිමින් මෙම දක්ෂතා ව සිදු කළා. පළමු පෙළ එක්දින තරග 91ක 2 වැනි ශතකය වන මෙය ඔහුගේ එම තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුනා.
මේ අතර අද නිමා වූ තරගවල දී Baduraliya SC කණ්ඩායමේ ඩිල්ශාන් ද සොයිසා (51) සහ රොස්කෝ තට්ටිල් (70), Ace Capital CC කණ්ඩායමේ හිමාෂ ලියනගේ (68), Police SC කණ්ඩායමේ නදීර බාලසූරිය (59), NCC කණ්ඩායමේ චාමික කරුණාත්න (86*), Bloomfield C & AC කණ්ඩායමේ තරිඳු හර්ෂන (52) සහ රොන් චන්ද්‍රගුප්ත (59), Tamil Union C & AC කණ්ඩායමේ සචිත ජයතිලක (53), Colts CC කණ්ඩායමේ රවිඳු රසාන්ත (71), සංගීත් කුරේ (88) සහ ඇන්ජලෝ මැතිව්ස් (52*), Moors SC කණ්ඩායමේ සිතාර ගිම්හාන් (73), සහ රමේෂ් මෙන්ඩිස් (53) අර්ධ ශතක ඉනිම් වාර්තා කිරීමට සමත් වුනා.
ඊට අමතර ව පන්දු යැවීමේ දී Ace Capital CC කණ්ඩායමේ ට්‍රෙවීන් මැතිව් (5/42) දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු
BRC සහ CCC අතර තරගය BRC ක්‍රීඩාංගණයේ දී.
• BRC – සියලුම දෙනා දැවී 133 (29.4) මොවින් සුබසිංහ 44, දිනිරු අබේවික්‍රමසිංහ 22, චතුරංග ද සිල්වා 3/31, චමිඳු විජේසිංහ 2/20
• CCC – කඩුලු 8ක් දැවී 139 (33.2) සහන් කෝසල 20, ඉනුක කරන්නාගොඩ 30, චමිඳු විජේසිංහ 30, මර්වින් අභිනාශ් 4/37, චමීර දිසානායක 2/49, මොවින් සුබසිංහ 2/19
CCC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.
Tamil Union C & AC සහ NCC අතර තරගය NCC ක්‍රීඩාංගණයේ දී.
• Tamil Union C & AC – සියලුම දෙනා දැවී 198 (48.0) මොහොමඩ් ශමාස් 22, සාරුජන් සම්මුගනාදන් 22, සචිත ජයතිලක 53, විජයකාන්ත් වියස්කාන්ත් 34, රනුක මලවිආරච්චි 2/40, අශේන් ඩැනියෙල් 3/39
• NCC – කඩුලු 5ක් දැවී 199 (33.4) නිරෝෂන් දික්වැල්ල 49, විනුක රූබසිංහ නොදැවී 36, චාමික කරුණාත්න නොදැවී 86
NCC කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
Police SC සහ Panadura SC අතර තරගය Police උද්‍යාන ක්‍රීඩාංගණයේ දී.
• Police SC – කඩුලු 7ක් දැවී 309 (50.0) නදීර බාලසූරිය 59, චතුරංග ජයතිලක 24, විශාද් රන්දික 37, අශේන් බණ්ඩාර නොදැවී 107, ප්‍රියමාල් පෙරේරා 20, මනුජ චන්තුක 28, නිමේෂ් විමුක්ති 2/61, අසංක මනෝජ් 2/82, සහන් මිහිර 2/50
• Panadura SC – සියලුම දෙනා දැවී 169 (44.5) දුරංක සිල්වා 21, සසිඳු මල්ශාන් 30, කවිඳු අමමෙත් 40, චාර්ය පරණවිතාන 28, දිලුම් සුදීර 3/30, ප්‍රියමාල් පෙරේරා 2/36
Police SC කණ්ඩායමට ලකුණු 140ක ජයක්.
Bloomfield C & AC සහ Kurunegala Youth CC අතර තරගය Colts ක්‍රීඩාංගණයේ දී.
• Bloomfield C & AC – කඩුලු 9ක් දැවී 271 (50.0) තරිඳු හර්ෂන 52, රොන් චන්ද්‍රගුප්ත 59, නිපුන් කරුණානායක 37, ලහිරු මදුශංක 46, දුලාජ් සමුදිත 20, අයේෂ් මදුසංක 2/72, දිනුක තෙන්නකෝන් 4/53, ගයන වීරසිංහ 2/41
• Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 152 (37.4) දිල්හාර පොල්ගම්පොළ 36, දුලාජ් සමුදිත 2/19, රවිඳු ප්‍රනාන්දු 2/27, ආදිත්‍ය රණවීර 2/46, අසිත වන්නිනායක 2/12
Bloomfield C & AC කණ්ඩායමට ලකුණු 119ක ජයක්.
Moors SC සහ Colts CC අතර තරගය Moors ක්‍රීඩාංගණයේ දී.
• Moors SC – කඩුලු 9ක් දැවී 249 (50.0) ජනිශ්ක පෙරේරා 29, සිතාර ගිම්හාන් 73, ලසිත් අබේරත්න 20, රමේෂ් මෙන්ඩිස් 53, ශෙහාන් ප්‍රනාන්දු 37, මනුල කුලරත්න 4/23
• Colts CC – කඩුලු 3ක් දැවී 250 (47.4) රවිඳු රසාන්ත 71, සංගීත් කුරේ 88, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 52, හිවින් කෙනුල 2/19
Colts CC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
Baduraliya SC සහ Ace Capital CC අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.
• Baduraliya SC – සියලුම දෙනා දැවී 267 (49.4) ඩිල්ශාන් ද සොයිසා 51, රොස්කෝ තට්ටිල් 70, ජනෙත් කෞෂාල් 29, කේශර නුවන්ත 20, ට්‍රෙවීන් මැතිව් 5/42, නිමේෂ් ගුණසිංහ 3/36
• Ace Capital CC – සියලුම දෙනා දැවී 237 (49.3) තනුජ රාජපක්ෂ 41, හිමාෂ ලියනගේ 68, රවීන් ද සිල්වා 45, යෙනුල දෙව්තුස 2/31, අලංකාර අසංක 4/48
Baduraliya SC කණ්ඩායමට ලකුණු 30ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප