දිලුම් සුදීර කඩුලු 200 සමාජයට එක් වෙයි

Major Club 03 Day League Tournament 2025

2
Major Club 3 Day Tournament 2025/26

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලිය අද (6) ආරම්භ වූ අතර දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් විමට Police කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන දිලුම් සුදීර සමත් වෙනවා.

ඔහු Panadura කණ්ඩායම සමඟ පැවැති තරගයේ දී ලකුණු 77කට කඩුලු 5ක් දවා ගත් අතර එය අද දවසේ පන්දු යවන්නෙක් විසින් පෑ ඉහළ ම දක්ෂතාවයි. මේ සමඟින් ඔහු පළමු පෙළ කඩුලු 200 කඩඉමට පිවිසිමට ද සමත් වෙනවා. මෙය ඔහුගේ පළමු පෙළ 49 වැනි තරගයයි.

ඔහු එලෙසින් දක්ෂතා දක්වද්දී CCC කණ්ඩායමේ සහන් කෝසල සහ ධනංජය ද සිල්වා එක් ව Nugegoda කණ්ඩායමට එරෙහි ව 3 වැනි කඩුල්ලට පන්දු 190ක දී නොදැවුණ ලකුණු 155ක සබඳතාවක් ගොඩනගනවා.

මේ අතර අද ආරම්භ වූ තරගවල දී Chilaw Marians කණ්ඩායමේ ලසිත් ලක්ෂාන් (54), CCC කණ්ඩායමේ සහන් කෝසල (නොදැවී 73) සහ ධනංජය ද සිල්වා (නොදැවී 87), Panadura කණ්ඩායමේ සසිඳු මල්ශාන් (65), ACE Capital කණ්ඩායමේ පවන්ත වීරසිංහ (65) සහ නිමේෂ් ගුණසිංහ (නොදැවී 74) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී දිලුම් සුදීරට අමතර ව Colts කණ්ඩායමේ හර්ෂණ වික්‍රමසිංහ (4/41) ද දක්ෂ පන්දු යැවීමක නිරත වුණා.

A කාණ්ඩය

Chilaw Marians CC සහ Colts CC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

  • Chilaw Marians CC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 180 (46.0) ලසිත් ලක්ෂාන් 54, සකුණ ලියනගේ 20, කල්හාර සේනාරත්න නොදැවී 30, හර්ෂණ වික්‍රමසිංහ 4/41, අකිල දනංජය 2/27

Nugegoda S & WC සහ CCC අතර තරගය කොළඹ, SSC ක්‍රීඩාංගණයේ දී.

  • CCC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 206 (48.5) ලසිත් කෲස්පුල්ලේ 21, සහන් කෝසල නොදැවී 73, ධනංජය ද සිල්වා නොදැවී 87, තිලකරත්න සම්පත් 2/59

Police SC සහ Panadura SC අතර තරගය මග්ගොන, Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 196 (54.1) ඔෂද ප්‍රනාන්දු 45, සසිඳු මල්ශාන් 65, දුශාන් හේමන්ත 46, හිමේෂ් රාමනායක 2/35, නලින් ප්‍රියදර්ශන 2/34, දිලුම් සුදීර 5/77
  • Police SC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 51 (21.3) අශේන් බණ්ඩාර නොදැවී 19, දුශාන් විමුක්ති 3/15

B කාණ්ඩය

Moors SC සහ BRC අතර තරගය කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී.

  • Moors SC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 120 (28.0) සදීර සමරවික්‍රම 21, ජනිශ්ක පෙරේරා 27, සොහාන් ද ලිවේරා 38

Kurunegala Youth CC සහ ACE Capital CC අතර තරගය ගාල්ල, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • ACE Capital CC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 177 (50.0) පවන්ත වීරසිංහ 65, නිමේෂ් ගුණසිංහ නොදැවී 74, කවිඳු කුලසේකර නොදැවී 32, දිනුශ්ක මාලන් 2/45

Tamil Union C & AC සහ Baduraliya CC අතර තරගය            කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.

  • Tamil Union C & AC – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 130 (36.0) නවෝද් පරණවිතාන 46, සිනෙත් ජයවර්ධන 22, මිනෝද් භානුක 23, මාලින්ද පුෂ්පකුමාර 2/39

මෙම තරග සියල්ල හෙට (7) 2 වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<