රිසිත්, චන්දිමාල් සහ අංජල ශතක සමාජයට එක් වෙයි

Major Club 03 Day League Tournament 2025

3
Major Club 3 Day Tournament 2025/26 - 17th January

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ 7 වැනි සතියේ පළමු දිනයේ (17) දී රිසිත් උපමාල්, දිනේෂ් චන්දිමාල් සහ අංජල බණ්ඩාර ශතක ලබා ගැනීමට සමත් වුණා.

ඔවුන් අතුරින් දිනයේ හොඳම ඉනිම ක්‍රීඩා කරන්නේ BRC කණ්ඩායමේ රිසිත් උපමාල්. ඔහු NCC කණ්ඩායමට එරෙහි ව පන්දු 227කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 151ක් ලබා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ 6 වැනි ශතකය සහ හොඳම ඉනිම බවට ද පත් වූ අතර ඒ සමඟින් ඔහු පළමු පෙළ තරග දිවියේ ලකුණු 2000 කඩඉම සපුරා ගැනීමට ද සමත් වෙනවා.

ඊට අමතර ව Colts කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් Panadura කණ්ඩායමට එරෙහි ව පන්දු 168කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 144ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ 37 වැනි ශතකය වන අතර මෙවර තරගාවලියේ දි රැස් කරන ලද 2 වැනි ශතකයයි.

CCC කණ්ඩායමේ අංජල බණ්ඩාර තම ශතකය වාර්තා කරන්නේ Police කණ්ඩායමට එරෙහිවයි. එහි දී ඔහු පන්දු 209කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 121ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරගවල 2 වැනි ශතකයයි.

ඔවුන්ට අමතර ව Bloomfield කණ්ඩායමේ නිපුන් කරුණානායක (56), Colts කණ්ඩායමේ රවිඳු රසාන්ත (61), මුදිත ලක්ෂාන් (62), CCC කණ්ඩායමේ සොනාල් දිනූෂ (නොදැවී 86), Baduraliya කණ්ඩායමේ රොෂාන් විජේනායක (53), ගීත් කුමාර (නොදැවී 84) සහ සුමින්ද ලක්ෂාන් (නොදැවී 55), Ace Capital කණ්ඩායමේ රවීන් ද සිල්වා (නොදැවී 62), BRC කණ්ඩායමේ හෂාන් දුමිඳු (63) සහ රමින්ද විජේසූරිය (නොදැවී 57) අර්ධ ශතක ඉනිම් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

දිනයේ හොඳම පන්දු යැවීම Panadura කණ්ඩායමේ දුශාන් හේමන්ත සතු වූවා. ඔහු Colts කණ්ඩායමට එරෙහි ව ලකුණු 75කට කඩුලු 6ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා. ඊට අමතර ව Tamil Union කණ්ඩායමේ තරිඳු රත්නායක (5/76) ද පන්දු යවන්නෙක් ලෙසින් දක්ෂතා දැක් වූවා.

A කාණ්ඩය

Bloomfield C & AC සහ Chilaw Marians CC අතර තරගය ගාල්ල, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Bloomfield C & AC

  • Bloomfield C & AC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 307 (86.0) රොන් චන්ද්‍රගුප්ත 34, හසිත අමරසිංහ 46, අසිත වන්නිනායක 22, නිපුන් කරුණානායක 56, රවිඳු ප්‍රන්නාදු 40, ලහිරු මදුශංක 24, තරින්ද ගුරුගේ 21, දුවිඳු තිලකරත්න නොදැවී 29, තික්ෂිල ද සිල්වා 2/54, චලන ද සිල්වා 3/74, මෙලන් හංසක 2/61

Panadura SC සහ Colts CC අතර තරගය කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Colts CC

  • Colts CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 336 (78.0) රවිඳු රසාන්ත 61, දිනේෂ් චන්දිමාල් 144, මුදිත ලක්ෂාන් 62, අසංක මනෝජ් 2/91, දුශාන් හේමන්ත 6/75
  • Panadura SC – පළමු ඉනිම කිසිවෙක් නොදැවී 11 (5.0)

Panadura SC කණ්ඩායම ලකුණු 325ක් පිටුපසින්.

CCC සහ Police SC අතර තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Police SC

B කාණ්ඩය

Baduraliya SC සහ Moors SC අතර තරගය කොළඹ Colts ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Baduraliya SC

  • Baduraliya SC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 323 (90.0) සඳුන් වීරක්කොඩි 44, ලහිරු දවටගේ 32, රොෂාන් විජේනායක 53, ගීත් කුමාර නොදැවී 84, සුමින්ද ලක්ෂාන් නොදැවී 55, චානුක ඩිල්ශාන් 4/58

BRC සහ NCC අතර තරගය මග්ගොන, Surrey Village   ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – NCC

  • BRC – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 360 (90.0) හෂාන් දුමිඳු 63, රිසිත් උපමාල් 151, ප්‍රමෝද් මදුවන්ත 30, රමින්ද විජේසූරිය නොදැවී 57, මොවින් සුබසිංහ 36, සම්පත් නිශ්ශංක 2/62, ශක්ති උදාර 3/122

Ace Capital CC සහ Tamil Union C & AC අතර තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට්  ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Ace Capital CC

  • Ace Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 206 (68.3) කවිඳු අමන්ත 36, රවීන් ද සිල්වා නොදැවී 62, ඉසිත විජේසුන්දර 35, තරිඳු රත්නායක 5/76, තීසාන් විතුසාන් 3/42
  • Tamil Union C & AC – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 81 (26.0) සිතාර හපුහින්න 20, මිනෝද් භානුක නොදැවී 35, රොෂාන් ජයතිස්ස 2/35

Tamil Union කණ්ඩායම ලකුණු 125ක් පිටුපසින්.

මෙම තරග සියල්ල හෙට (18) 2 වැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<