ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ 2 වැනි සතියේ තරග අද (14) අවසන් වෙද්දී සචිත ජයතිලක සහ කවීන් බණ්ඩාර පිතිකරුවන් අතුරින් ද චාමිකර එදිරිසිංහ, කවිශ්ක අංජුල සහ ශිරාන් ප්‍රනාන්දු පන්දු යවන්නන් ලෙසින් ද දක්ෂතා දැක් වූවා.
පිතිකරුවන් අතුරින් Tamil Union කණ්ඩායමේ සචිත ජයතිලක Moors කණ්ඩායමට එරෙහි ව පන්දු 154කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 102ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 24ක 3 වැනි ශතකයයි.
NCC කණ්ඩායමේ කවින් බණ්ඩාර ACE Capital කණ්ඩායමට එරෙහි ව පන්දු 136කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟින් ලකුණු 102ක් ලබා ගත් අතර එය ඔහුගේ තරග 38ක පළමු පෙළ තරග දිවියේ 2 වැනි ශතකයයි.
ඔවුන් දෙදෙනාට අමතර ව Bloomfield කණ්ඩායමේ ලහිරු මදුශංක (92), Nugegoda කණ්ඩායමේ ලොහාන් ද සොයිසා (නොදැවී 51), Tamil Union කණ්ඩායමේ මිනෝද් භානුක (66), ශාරුජන් ශන්මුගනාදන් (60), ලහිරු සමරකෝන් (73), BRC කණ්ඩායමේ හෂාන් දුමිඳු (66), Kurunegala කණ්ඩායමේ ලක්ශාන් එදිරිසිංහ (73), ACE Capital කණ්ඩායමේ පවන්ත වීරසිංහ (94) සහ පවන් පතිරාජ (66) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
පන්දු යැවීමේ දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ Kurunegala කණ්ඩායමේ චාමිකර එදිරිසිංහ. ඔහු BRC කණ්ඩායමට එරෙහි ව ලකුණු 91කට කඩුලු 6ක් දවා ගත්තා.
එමෙන් ම Colts කණ්ඩායමේ කවිශ්ක අංජුල Police කණ්ඩායමට එරෙහි ව දෙවැනි ඉනිමේ දී ද කඩුලු 5ක් දවා ගැනීමට සමත් වීම කැපි පෙණුනා. ඒ අනුව ඔහු තරගයේ දී ලකුණු 115කට කඩුලු 10ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
Moors කණ්ඩායමේ ශිරාන් ප්‍රනාන්දු Tamil Union කණ්ඩායමට එරෙහි ව ලකුණු 51කට කඩුලු 5ක් දවා ගත් අතර එය ඔහුගේ 51ක් වන පළමු පෙළ තරග දිවියේ හොඳම පන්දු යැවීමයි.
මේ අතර දිනයේ අවසන් වූ තරග අතුරින් ලැබූ එක ම ජයග්‍රහණය වාර්තා කරන්නේ Nugegoda කණ්ඩායමයි.
- නිශාන්, වනුජ සහ හේෂාන් ශතක රැස් කරයි
- කවිශ්ක අංජුල දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරයි
- රොෂේන් සිල්වා ලකුණු 10 000 සමාජයට
A කාණ්ඩය
CCC සහ Bloomfield C & AC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- CCC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 404 (43.0) නිශාන් මදුශ්ක 183, ධනංජය ද සිල්වා 40, සොනාල් දිනූෂ 20, චමිඳු විජේසිංහ 72, නිශාන් පීරිස් 34, ලහිරු මදුශංක 3/40, ජනිත් ලියනගේ 3/63, නිසල අබේරත්න 2/72
- Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 202 (72.0) රවිඳු ප්‍රනාන්දු 37, ලහිරු මදුශංක 92, විශ්ව ප්‍රනාන්දු 4/47, නිශාන් පීරිස් 2/48, චමිඳු විජේසිංහ 2/15
- CCC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 57 (20.0) නිශාන් මදුශ්ක නොදැවී 26, අංජල බණ්ඩාර නොදැවී 17, ජනිත් ලියනගේ 2/14
තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය CCC කණ්ඩායමට)
Colts CC සහ Police SC අතර තරගය සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 317 (79.1) ධනුජ ඉඳුවර 51, දුලාශ් උදයංග 94, ප්‍රියමාල් පෙරේරා 28, අශේන් බණ්ඩාර 79, දිලුම් සුදීර 23, කවිශ්ක අංජුල 5/70, අකිල ධනංජය 3/85
- Colts CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 274 (96.3) දිනේෂ් චන්දිමාල් 61, දුනිත් වෙල්ලාලගේ 99, ශෙරාන් ෆොන්සේකා 23, කවිශ්ක අංජුල 26, නලින් ප්‍රියදර්ශන 2/83, දිලුම් සුදීර 2/63, නිපුන් ප්‍රේමරත්න 4/52
- Police SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 179 (61.2) කුසල් පෙරේරා 28, චතුරංග කුමාර 48, නලින් ප්‍රියදර්ශන නොදැවී 32, කවිශ්ක අංජුල 5/45, අකිල ධනංජය 3/63
- Colts CC – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 15 (4.0)
තරගයේ විසඳුමක් නෑ. (Police කණ්ඩායමට පළමු ඉනිමේ ජය)
Chilaw Marians CC සහ Nugegoda S & WC අතර තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.
- Chilaw Marians CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (61.1) තනුක දාබරේ 23, කසුන් විදුර 52, සකුණ ලියනගේ 21, නිම්සර අතරගල්ල නොදැවී 33, මදුක ලියනපතිරණ 2/35, තිලකරත්න සම්පත් 2/45, ලොහාන් ද සොයිසා 3/43
- Nugegoda S & WC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 321 (110.2) පුලිඳු පෙරේරා 20, තිලකරත්න සම්පත් 64, පැතුම් කුමාර 57, කෙවින් පෙරේරා 24, අක්‍රම් මුතාලිබ් 54, අනුක් ප්‍රනාන්දු 23, මධුක ලියනපතිරණ 31, කල්හාර සේනාරත්න 3/62, නිම්සර අතරගල්ල 2/42
- Chilaw Marians CC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 211 (9.0) ලසිත් ලක්ෂාන් 20, තනුක දාබරේ 51, කසුන් විදුර 28, සකුණ ලියනගේ 44, නිම්සර අතරගල්ල 22, තිලකරත්න සම්පත් 3/66, මධුක ලියනපතිරණ 3/51, අනුක් ප්‍රනාන්දු 2/35, අබ්දුල් හකම් 2/31
- Nugegoda S & WC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 91 (94.0) ලොහාන් ද සොයිසා නොදැවී 51, තිලකරත්න සම්පත් නොදැවී 29
Nugegoda කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
- ශ්‍රී ලංකා යෞවනයන් ආසියා කුසලානයේ පළමු ජය ලබයි!
- ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් Rebuilding Sri Lanka වෙනුවෙන් රුපියල් මිලියන 300ක්
- මීළඟ LPL තරගාවලිය සඳහා දින නියම වෙයි
B කාණ්ඩය
ACE Capital CC සහ NCC අතර තරගය කොළඹ, SSC ක්‍රීඩාංගණයේ දී.
- NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 333 (94.2) ලහිරු උදාර 70, විනුක රූබසිංහ 76, කමිල් මිෂාර 37, චාමික කරුණාරත්න 52, අශේන් ඩැනියෙල් නොදැවී 35, රොෂාන් ජයතිස්ස 3/98, වනුජ සහන් 5/88
- ACE Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 288 (65.5) රනේෂ් සිල්වා 33, වනුජ සහන් නොදැවී 120, දනාල් හේමානන්ද 29, රොශාන් ජයතිස්ස 30, චාමික කරුණාරත්න 4/69, ලසිත් ඇඹුල්දෙණිය 2/72, අශේන් ඩැනියෙල් 2/43
- NCC – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 206 (51.0) විනුක රූබසිංහ 32, කවින් බණ්ඩාර 102, චාමික ගුණසේකර නොදැවී 20, ඉසිත විජේසුන්දර 3/42, වනුජ සහන් 4/77
- ACE Capital CC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 181 (29.0) පවන්ත වීරසිංහ 94, පවන් පතිරාජ 66
තරගයේ විසඳුමක් නෑ. (NCC කණ්ඩායමට පළමු ඉනිමේ ජය)
Moors SC සහ Tamil Union C & AC අතර තරගය කුරුණෑගල, වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.
- Moors SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 393 (131.1) සදීර සමරවික්‍රම 40, ජනිශ්ක පෙරේරා 39, සොහාන් ද ලිවේරා 60, පසිඳු සූරියබණ්ඩාර 91, සිතාර ගිම්හාන් 47, රමේෂ් මෙන්ඩිස් 43, තරිඳු රත්නායක 6/117, කවිඳු දිල්හාර 2/47
- Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 350 (91.2) මිනෝද් භානුක 66, ශාරුජන් ශම්මුගනාදන් 60, සචිත ජයතිලක 102, ලහිරු සමරකෝන් 73, ශිරාන් ප්‍රනාන්දු 5/51, ප්‍රවින් ජයවික්‍රම 3/83
තරගයේ විසඳුමක් නෑ. (Moors කණ්ඩායමට පළමු ඉනිමේ ජය)
BRC සහ Kurunegala C & AC අතර තරගය මග්ගොන, Surrey ක්‍රීඩාංගණයේ දී.
- Kurunegala C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 289 (90.5) දිල්හාර පොල්ගම්පොළ 22, මනෝජ් සරත්චන්ද්‍ර 53, ලක්ෂාන් එදිරිසිංහ 22, සමීර සඳමාල් 37, චාමිකර එදිරිසිංහ 45, දිනුෂ්ක මාලන් නොදැවී 34, මොහොමඩ් ශිරාස් 4/74, ශෂික දුල්ශාන් 4/77
- BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 322 (99.1) හේෂාන් ධනුෂ්ක 114, සමින්ද ප්‍රනාන්දු 47, හෂාන් දුමිඳු 66, රමින්ද විජේසූරිය 35, ප්‍රමෝද් මදුවන්ත 21, චාමිකර එදිරිසිංහ 6/91, රන්දීර රණසිංහ 2/44
- Kurunegala C & AC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 196 (60.0) ගයාන් මනීශාන් 35, මාදව වර්ණපුර 24, ලක්ශාන් එදිරිසිංහ නොදැවී 73, මොහොමඩ් ශිරාස් 2/62, ශෂික දුල්ශාන් 2/64, මර්වින් අභිනාශ් 2/42
තරගයේ විසඳුමක් නෑ. (BRC කණ්ඩායමට පළමු ඉනිමේ ජය)
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















