ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ 2 වැනි සතියේ තරග 2 වැනි දිනය වූ අද (13) දවස අවසානයේ දී ශතක ලබා ගැනීමට නිශාන් මදුශ්ක, වනුජ සහන් සහ හේෂාන් ධනුෂ්ක සමත් වෙනවා.
මේ අතුරින් දිනයේ හොඳම ඉනිම ක්‍රීඩා කිරීමේ ගෞරවය හිමි කර ගැනීමට CCC කණ්ඩායමේ නිශාන් මදුශ්ක සමත් වෙනවා. ඔහු Bloomfield කණ්ඩායමට එරෙහි ව පන්දු 340කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සමඟින් ලකුණු 183ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරගවල 16 වැනි ශතකයයි.
ACE Capital කණ්ඩායමේ වනුජ සහන් NCC කණ්ඩායමට එරෙහි ව පන්දු 128කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 120ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 41ක ඉහළ ම ඉනිමයි. ඊට අමතර ව ඔහු ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 88කට ලබා ගනිමින් ද දක්ෂතා දක්වනවා.
BRC කණ්ඩායමේ හේෂාන් ධනුෂ්ක Kurunegala කණ්ඩායමට එරෙහි ව පන්දු 156කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟින් ලකුණු 114ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරගවල 7 වැනි ශතකයයි.
මේ අතර Colts කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේ අද තම මංගල ශතකය එක් ලකුණකින් අහිමි කර ගත්තා. ඒ Police කණ්ඩායම හමුවේ ලකුණු 99කට දැවී යමින්. ඒ වෙද්දී ඔහු පන්දු 153කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් එම ඉනිමට එක් කර තිබුණා. කෙසේ වෙතත් එම ඉනිම ඔහුගේ තරග 36ක් වන පළමු පෙළ තරග දිවියේ හොඳම ඉනිම බවට ද පත් වුණා.
ඔවුන්ට අමතර ව CCC කණ්ඩායමේ චමිඳු විජේසිංහ (72), Colts කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් (61), Nugegoda කණ්ඩායමේ තිලකරත්න සම්පත් (64), පැතුම් කුමාර (57) සහ අක්‍රම් මුතාලිබ් (54) සහ Chilaw Marians කණ්ඩායමේ තනුක දාබරේ (නොදැවී 50) අර්ධ ශතක ඉනිම් රැස් කළා.
- කවිශ්ක අංජුල දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කරයි
- රොෂේන් සිල්වා ලකුණු 10 000 සමාජයට
- ශාරුජන් මංගල ශතකය වාර්තා කරයි
A කාණ්ඩය
CCC සහ Bloomfield C & AC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- CCC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 404 (43.0) නිශාන් මදුශ්ක 183, ධනංජය ද සිල්වා 40, සොනාල් දිනූෂ 20, චමිඳු විජේසිංහ 72, නිශාන් පීරිස් 34, ලහිරු මදුශංක 3/40, ජනිත් ලියනගේ 3/63, නිසල අබේරත්න 2/72
- Bloomfield C & AC – පළමු ඉනිම කඩුල්ලක් දැවී 5 (2.3)
Bloomfield කණ්ඩායම තවත් ලකුණු 399ක් පිටුපසින්.
Colts CC සහ Police SC අතර තරගය සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 317 (79.1) ධනුජ ඉඳුවර 51, දුලාශ් උදයංග 94, ප්‍රියමාල් පෙරේරා 28, අශේන් බණ්ඩාර 79, දිලුම් සුදීර 23, කවිශ්ක අංජුල 5/70, අකිල ධනංජය 3/85
- Colts CC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 239 (82.0) දිනේෂ් චන්දිමාල් 61, දුනිත් වෙල්ලාලගේ 99, නලින් ප්‍රියදර්ශන 2/74, දිලුම් සුදීර 2/54
Colts කණ්ඩායම තවත් ලකුණු 78ක් පිටුපසින්.
Chilaw Marians CC සහ Nugegoda S & WC අතර තරගය කොළඹ, NCC ක්‍රීඩාංගණයේ දී.
- Chilaw Marians CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 203 (61.1) තනුක දාබරේ 23, කසුන් විදුර 52, සකුණ ලියනගේ 21, නිම්සර අතරගල්ල නොදැවී 33, මදුක ලියනපතිරණ 2/35, තිලකරත්න සම්පත් 2/45, ලොහාන් ද සොයිසා 3/43
- Nugegoda S & WC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 321 (110.2) පුලිඳු පෙරේරා 20, තිලකරත්න සම්පත් 64, පැතුම් කුමාර 57, කෙවින් පෙරේරා 24, අක්‍රම් මුතාලිබ් 54, අනුක් ප්‍රනාන්දු 23, මධුක ලියනපතිරණ 31, කල්හාර සේනාරත්න 3/62, නිම්සර අතරගල්ල 2/42
- Chilaw Marians CC – දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 61 (9.0) තනුක දාබරේ නොදැවී 50
Chilaw Marians කණ්ඩායම ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 61ක් පිටුපසින්.
- මීළඟ LPL තරගාවලිය සඳහා දින නියම වෙයි
- 2026 T20 ලෝක කුසලානයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි!
- SSC පිට පිට 2 වැනි ජයග්‍රහණයත් වාර්තා කරයි
B කාණ්ඩය
ACE Capital CC සහ NCC අතර තරගය කොළඹ, SSC ක්‍රීඩාංගණයේ දී.
- NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 333 (94.2) ලහිරු උදාර 70, විනුක රූබසිංහ 76, කමිල් මිෂාර 37, චාමික කරුණාරත්න 52, අශේන් ඩැනියෙල් නොදැවී 35, රොෂාන් ජයතිස්ස 3/98, වනුජ සහන් 5/88
- ACE Capital CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 288 (65.0) රනේෂ් සිල්වා 33, වනුජ සහන් නොදැවී 120, දනාල් හේමානන්ද 29, රොශාන් ජයතිස්ස 30, චාමික කරුණාරත්න 4/69, ලසිත් ඇඹුල්දෙණිය 2/72
ACE Capital කණ්ඩායම තවත් ලකුණු 45ක් පිටුපසින්.
Moors SC සහ Tamil Union C & AC අතර තරගය කුරුණෑගල, වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී.
- Moors SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 393 (131.1) සදීර සමරවික්‍රම 40, ජනිශ්ක පෙරේරා 39, සොහාන් ද ලිවේරා 60, පසිඳු සූරියබණ්ඩාර 91, සිතාර ගිම්හාන් 47, රමේෂ් මෙන්ඩිස් 43, තරිඳු රත්නායක 6/117, කවිඳු දිල්හාර 2/47
- Tamil Union C & AC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 66 (18.0) මිනෝද් භානුක නොදැවී 29, ශාරුජන් ශම්මුගනාදන් නොදැවී 20
Tamil Union කණ්ඩායම තවත් ලකුණු 327ක් පිටුපසින්.
BRC සහ Kurunegala C & AC අතර තරගය මග්ගොන, Surrey ක්‍රීඩාංගණයේ දී.
- Kurunegala C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 289 (90.5) දිල්හාර පොල්ගම්පොළ 22, මනෝජ් සරත්චන්ද්‍ර 53, ලක්ෂාන් එදිරිසිංහ 22, සමීර සඳමාල් 37, චාමිකර එදිරිසිංහ 45, දිනුෂ්ක මාලන් නොදැවී 34, මොහොමඩ් ශිරාස් 4/74, ශෂික දුල්ශාන් 4/77
- BRC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 235 (69.0) හේෂාන් ධනුෂ්ක 114, සමින්ද ප්‍රනාන්දු 47, හෂාන් දුමිඳු නොදැවී 43, රමින්ද විජේසූරිය නොදැවී 28
BRC කණ්ඩායම තවත් ලකුණු 54ක් පිටුපසින්.
මෙම තරග සියල්ල හෙට (14) 3 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















