ලහිරු, ඔෂද සහ සම්මු දක්ෂතා දක්වයි

Major Club 03 Day League Tournament 2025

3
Major Club 3 Day Plate Tournament - 07th February

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින Plate ක්‍රිකට් තරගාවලියේ අවසන් දිනයේ දී නැවත වතාවක් දක්ෂතා දැක්වීමට Tamil Union කණ්ඩායමේ දකුණතින් මඳ වේග පන්දු යවන ලහිරු සමරකෝන් සමත් වුණා.

පළමු ඉනිමේ දී කඩුලු 7ක් දවා ගත් ලහිරු සමරකෝන් Nugegoda කණ්ඩායමේ දෙවැනි ඉනිමේ දී ද ලකුණු 44කට කඩුලු 6ක් දවා ගන්නවා. ඒ අනුව ඔහු තරගයේ දී ලකුණු 82කට කඩුලු 13ක් දවා ගන්නා ලද අතර එය ඔහුගේ 65ක් වන පළමු පෙළ තරග දිවියේ තරගයක ඉහළ ම දක්ෂතාව බවට ද පත් වුණා.

මේ අතර ඔෂද ප්‍රනාන්දු සහ සම්මු අශාන් ශතක වාර්තා කිරීමට සමත් වෙනවා. එහි දී Panadura කණ්ඩායමේ ඔෂද ප්‍රනාන්දු Baduraliya කණ්ඩායමට එරෙහි ව පන්දු 163කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 109ක් ලබා ගත්තා. එය ඔහුගේ 153ක් වන පළමු පෙළ තරග දිවියේ 27 වැනි ශතකයයි.

Chilaw Marians කණ්ඩායමේ සම්මු අශාන් Kurunegala Youth කණ්ඩායමට එරෙහි ව පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගත්තා. එය ඔහුගේ 64ක් වන පළමු පෙළ තරග දිවියේ 7 වැනි ශතකයයි.

ඔවුන් දෙදෙනාට අමතර ව Panadura කණ්ඩායමේ කංචන ද ලිවේරා (64), Nugegoda කණ්ඩායමේ අක්‍රම් මුතාලිබ් (57), Kurunegala Youth කණ්ඩායමේ මනේජ් සරත්චන්ද්‍ර (65), Chilaw Marians කණ්ඩායමේ තරිඳු අමරසිංහ (61) සහ කසුන් විදුර (57) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

මේ අතර පන්දු යැවීමේ දී Panadura කණ්ඩායමේ විශ්ව ලහිරු (5/55) ද දක්ෂතා දැක් වූවා.

අද පැවැති තරගවල දී Kurunegala Youth කණ්ඩායම සහ Tamil Union කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූ අතර ඒ අනුව නිමා වූ තරගාවලියේ Plate ශූරතාව දිනා ගැනීමට Kurunegala Youth ක්‍රීඩකයෝ සමත් වෙනවා.

පැවැති තරගවල කෙටි ලකුණු පුවරු

Baduraliya CC සහ Panadura SC තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

කාසියේ වාසිය – Baduraliya CC

  • Baduraliya CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 297 (92.1) ඩිල්ශාන් ද සොයිසා 91, සුමින්ද ලක්ෂාන් 48, අයන සිරිවර්ධන 89, නිසල තාරක 2/27, අසංක මනෝජ් 3/62, දුශාන් විමුක්ති 2/57, විශ්ව ලහිරු 2/75
  • Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 312 (70.3) විශ්ව චතුරංග 27, ඔෂද ප්‍රනාන්දු 109, ශාලිත් ප්‍රනාන්දු 36, දුශාන් විමුක්ති 24, කංචන ද ලිවේරා 64, මානස මදුබාශන 2/88, කේශර නුවන්ත 4/76, සුමින්ද ලක්ශාන් 3/49
  • Baduraliya CC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 171 (43.0) රොෂාන් විජේනායක 25, විනුර දුල්සර 34, ගිහාන් කෝරළගේ 32, සුමින්ද ලක්ශාන් 26, විශ්ව ලහිරු 5/55

තරගයේ විසඳුමක් නෑ. (පළමු ඉනිමේ ජය Panadura කණ්ඩායමට.)

Tamil Union C & AC සහ Nugegoda S & WC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රිකට් ක්‍රීඩාගණයේ දී.

කාසියේ වාසිය – Tamil Union C & AC

  • Nugegoda S & WC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 88 (90.1) ප්‍රමුද් හෙට්ටිවත්ත 31, ලහිරු සමරකෝන් 7/38, තරිඳු රත්නායක 2/23
  • Tamil Union C & AC – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 417 (123.0) නවෝද් පරණවිතාන 126, තුලිණ ඩිල්ශාන් 33, සිනෙත් ජයවර්ධන 29, විහස් තෙව්මික 46, ශාරුජන් ශන්මුගනාදන් නොදැවී 51, සචිත ජයතිලක 37, තිලකරත්න සම්පත් 3/89, සුවත් මෙන්ඩිස් 3/71
  • Nugegoda S & WC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 188 (88.3) පැතුම් කුමාර 29, අක්‍රම් මුතාලිබ් 57, සුවත් මෙන්ඩිස් නොදැවී 36, ලහිරු සමරකෝන් 6/44, විජයකාන්ත් වියස්කාන්ත් 2/60

Tamil Union කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 141ක ජයක්.

Kurunegala Youth CC සහ Chilaw Marians CC අතර තරගය මග්ගොන Surrey Villege ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.  

කාසියේ වාසිය – Kurunegala Youth CC

  • Chilaw Marians CC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 149 (39.0) තනුක දාබරේ 91, කසුන් විදුර 21, සමීර සඳමාල් 2/24, චාමිකර එදිරිසිංහ 2/21
  • Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 268 (64.1) යොහාන් මද්දගේ 85, ලක්වින් අබේසිංහ 85, රවින්ද්‍ර කරුණාරත්න 38, මනෝජ් සරත්චන්ද්‍ර 35, තික්ෂිල ද සිල්වා 2/16, ඉරුශ්ක තිමිර 4/38, තනුක දාබරේ 3/50
  • Chilaw Marians CC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 289 (42.2) තනුක දාබරේ 23, තරිඳු අමරසිංහ 61, සම්මු අශාන් නොදැවී 100, තික්ෂිල ද සිල්වා 33, කසුන් විදුර නොදැවී 57, සමීර සදමාල් 2/54, ගීතික ද සිල්වා 2/83
  • Kurunegala Youth CC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 172 (34.3) ලක්වින් අබේසිංහ 22, මනෝජ් සරත්චන්ද්‍ර 65, ලක්ශාන් එදිරිසිංහ නොදැවී 40, ඉරුශ්ක තිමිර 2/35, තික්ෂිල ද සිල්වා 2/57

Chilaw Marians කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<