ලුම්බිණියේ විමුක්ති සහ ලකිඳු බණ්ඩාරනායකවරුන් මෙල්ල කරයි

1053

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර පැවැත්වෙන නීල හරිත වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ පළමු දිනයට නිමා වෙද්දී සංචාරක බණ්ඩාරනායක විද්‍යාලය තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත් ලකුණු 167ට පිළිතුරු ලෙසින් තරගයේ පළමු දිනය (23) නිමාවෙද්දී තම පළමු ඉනිමට ක්‍රීඩා කරන ලුම්බිණි ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 103ක් ලබා සිටියහ.

ගම්පහත්, කොළඹත් ඇවිළෙන නීල හරිත සටන

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර 5 වැනි වරට පැවැත්වෙන…

බොරැල්ල පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ දී ලුම්බිණි විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමේ දී විමුක්ති කුලතුංග ද පන්දුවට පහර දීමේ දී ලකිඳු උපේන්ද්‍ර ද දක්ෂතා දැක්වූහ.

කාසියේ වාසිය දිනූ බණ්ඩාරනායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ද ඔවුන්ට සිතූ සේ ලකුණු රැස් කිරීමට ලුම්බිණි ක්‍රීඩකයෝ ඉඩ තැබුවේ නැන. ඔවුන්ගේ ලකුණු පුවරුවට ශතක ලකුණ පැමිණීමට පෙර කඩුලු 6ක්ම ක්‍රීඩාගාරයේ විවේක ගැන්වීමට ලුම්බිණි පන්දු යවන්නෝ සමත් වූහ.

බණ්ඩාරනායක ඉනිම වෙනුවෙන් වැඩිම දක්ෂතාව දැක්වූයේ අංක 9 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වමත් පිතිකරු ගයාෂාන් හෙට්ටිආරච්චි ය. ඔහු පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 36ක් ලබා ගන්නේය. ඉන් නොනැවතෙන ඔහු 8 වැනි සහ 9 වැනි කඩුලු වෙනුවෙන් සාර්ථක ඉනිම් සබඳතා ගොඩ නැගීමට ද දායක වන්නේ ය. 8 වැනි කඩුල්ල වෙනුවෙන් හසිත පතිරගේ (13) සමඟින් ලකුණු 25ක සබඳතාවක් ද, 9 වැනි කඩුල්ල වෙනුවෙන් දිලීප සඳරුවන් (11) සමඟින් ලකුණු 26ක සබඳතාවක් ද එක් කරන්නේ ය.

ගයාෂාන් යටිපෙළින් ඉනිම ගොඩ නැගීමට ප්‍රථමයෙන් සිසිත මදනායක පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී පාසල් ක්‍රිකට් තරගවාරයේ කඩුලු 100ක් ලබා සිටිමින් නීල හරිත සටනට පිවිසි වමතින් දඟපන්දු යවන කණ්ඩායමේ උප නායක විමුක්ති කුලතුංග ලකුණු 52කට කඩුලු 5ක් දවා ගත්තේය. ඔහුට අමතරව නායක කවින් පීරිස් ලකුණු 50කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය. ඊට අමතරව විනු හේමාල් සහ ශෂීන් සමරවීර කඩුල්ල බැගින් දවා ගත්හ.

පිළිතුරු ලුම්බිණි ඉනිම වෙනුවෙන් තරගයේ පළමු අර්ධ ශතකය රැස් කිරීමට ලකිඳු උපේන්ද්‍ර සමත් විය. ඔහු තමන්ගේ අර්ධ ශතකය වාර්තා කළේ දැවැන්ත හයේ පහරක්  එල්ල කරමිනි. ඒ වෙද්දී ඔහු මුහුණ දී සිටියේ පන්දු 34කට පමණි. තරගයේ පළමු දිනයට බේල්ස් ඉවත් කරන විට ලකිඳු නොදැවී ලකුණු 61ක් ලබා සිටියේය. ඔහු සමඟින් අනෙක් අන්තයෙන් ලකුණු 10ක් ලබා ගනිමින් අමිත දාබරේ රැඳී සිටී.

ලුම්බිණි ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 8 දී දවා ගැනීමට බණ්ඩාරනායක ක්‍රීඩකයෝ සමත් වූවද, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75ක සබඳතාවක් එක් කිරීමට ලකිඳු සහ නායක කවීන් පිරීස් සමත් වූහ. කවීන් පන්දු 42කට මුහුණ දෙමින් ලකුණු 22ක් ලබා ගත්තේය.

මොරටුව කැලඹූ විශ්ව හා සවිඳු වේල්ස් කුමරුවන් අවසන් හතරට රැගෙන යයි

ක්‍රමක්‍රමයෙන් අවසන් වන 2017/18 සිංගර් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද…

දැවී ගිය කඩුලු දෙකේ හිමිකාරිත්වය වමතින් ආරම්භක මඳ වේගපන්දු යැවූ උප නායක අරෝෂ මධුශාන් සහ දකුණතින් පිට දඟපන්දු යැවූ ජනිඳු ජයවර්ධනට හිමි විය.

තරගය දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිත ය.

බණ්ඩාරනායක විද්‍යාලය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 167 (72.3) ගයාෂාන් හෙට්ටිආරච්චි 36, සසිත සඳුනෝද්‍ය 27, විමුක්ති කුලතුංග 5/61, කවින් කේමිත 2/46

ලුම්බිණි විද්‍යාලය; පළමු ඉනිම කඩුලු 2ක් දැවී 103 (20.0) ලකිඳු උපේන්ද්‍ර නොදැවී 61, කවින් පීරිස් 22

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<