වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ වැඩේට සඳකැන්ගෙන් සවියක්

87

Covid-19 වසංගත තත්වය නිසා පීඩාවට පත්ව සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සිය දෑත් දිගු කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් ද ඉදිරිපත් වී තිබෙනවා.

ඩිල්රුවන්ගෙන් වෙනස් ආකාරයේ පරිත්‍යාගයක්

ලොව පුරා මෙන්ම ශ්‍රී ලංකාවට ද වසංගතයක් වෙමින් පැතිර යන Covid-19 ………

ඒ වෙනුවෙන්, ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය සඳහා සඳකැන් සිය මූල්‍යමය පරිත්‍යාගය ලබා දී තිබෙන්නේ ශ්‍රී ලංකා වෘත්තීය ක්‍රීඩා මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පවත්වා ගෙන යනු ලබන සහන ව්‍යාපෘතිය සඳහා සහය වීමක් වශයෙනුයි.

මීට අමතරව හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම වර්තමාන ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම ගෙවී ගිය දින කිහිපය පුරාවට ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් විවිධ වූ සහන ලබා දීමේ වැඩසටහන් සඳහා සිය දායකත්වය දක්වා තිබුණි.

එසේම ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක්ම සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ජනතාව දැනුවත් කරමින් නිවසටම වී ආරක්ෂිතව සිටින්න යන පණිවිඩය ජනතාව අතරට රැගෙන යාම සඳහා විශාල දායකත්වයක් දක්වන ලදි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<