කුසල් මෙන්ඩිස් PSL පිටියේ ඉතිහාසගත ශතකයක් වාර්තා කරයි

PSL 2026

3

2026 පාකිස්තාන සුපර් ලීගයට සහභාගී වන ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් විසින් විශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට අද (09) සමත් වුනා. 

මෙවර තරගාවලියේ 17 වැනි තරගය ලෙස Karachi Kings සහ Peshawar Zalmi කණ්ඩායම් අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ජය ගැනීමට සමත් වූ Karachi Kings කණ්ඩායම තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව Peshawar Zalmi කණ්ඩායමට ලබා දුන්නා. 

මෙහි දී Peshawar Zalmi වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමේ වගකීම Mohammad Haris සහ නායක Babar Azam සතු වු නමුත්මෙහි දී Haris ලකුණු ලබා නොගනිමින් ම පිටියෙන් ඉවත් වුනා. 

මින් අනතුරුව කුසල් මෙන්ඩිස් සහ Babar පිටියේ එක් වූ අතර, ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 191ක අති දැවැන්ත සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. 

මෙහි දී කුසල් මෙන්ඩිස් විසින් සිය මංගල PSL ශතකය වාර්තා කරමින් පන්දු 52ක් පමණක් වැය කරමින් ලකුණු 109ක් වාර්තා කිරීමට සමත් වුනා. 

මෙහි දී මෙන්ඩිස් විසින් සිය ශතකය සම්පූර්ණ කිරීමට වැය කළේ පන්දු 48ක් පමණක් වන අතර, එය ඕනෑම ශ්‍රී ලාංකික පිතිකරුවකු විසින් PSL තරගාවලි ඉතිහාසයේ වාර්තා කිරීමට සමත් වූ පළමු ශතකය ලෙස ද ඉතිහාස ගත වුනා. 

මෙන්ඩිස්ගේ සම්පූර්ණ ඉනිම සඳහා හතරේ පහර 14ක් සහ හයේ පහර 04ක් අන්තර්ගත වූ අතර, ඔහුගේ ඉනිමේ ප්‍රහාරාත්මක වේගය 209.61ක් තරම් ඉහළ අගයක සටහන් වුනා. 

මෙන්ඩිස්ගේ මෙම ඉනිමත් සමඟින් Peshawar Zalmi කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 246ක් ලබා ගැනීමට සමත් වුනා. 

මෙහි දී නායක Babar විසින් පන්දු 51ක් තුළ නොදැවී ලකුණු 81ක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඉනිමට වේගවත් අවසානයක් ලබා දුන් Abdul Samad පන්දු 12ක් පමණක් වැය කරමින් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වුනා. 

මේ වන විට Karachi Kings පිතිකරුවන් විසින් මෙම දැවැන්ත ඉලක්කය හඹා යමින් සිටිනවා. 

දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<