වාර්තා රැසක් අලුත් කරමින් ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය අවසන් වෙයි!

Junior National Athletics Championship 2025

8
Junior National Athletics Championship 2025

2025 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ඊයේ (15) දිනයෙන් සාර්ථකව නිමාවට පත් වුනා.

මෙවර ශූරතාවලිය තුළ නව කනිෂ්ඨ වාර්තා සහ තරගාවලි වාර්තා 34ක් බිහි වීම විශේෂත්වයක්.

කොළඹ දියගම ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙවර තරගාවලියට මේ දිනවල පවතින අධික වර්ෂාවෙන් ද තරමක බාධා එල්ල වුනා.

මෙවර තරගාවලිය තුළ අලුත් වූ වාර්තා මෙසේයි;

පිරිමි

  • 23න් පහළ මීටර් 200 – ඉඳුසර විදුශාන් තත්පර 21.34
  • 23න් පහළ හෙල්ල විසි කිරීම – රුමේෂ් තරංග – මීටර් 82.93
  • 23න් පහළ කවපෙත්ත විසිකිරීම – මීටර් 47.50 – S.K.මිතුන්රාජ්
  • 23න් පහළ මිටිය විසිකිරීම – මීටර් 43.26 – S.K.මිතුන්රාජ්
  • 20න් පහළ මීටර් 200 – තත්පර23 – ඉදුප සිල්වා
  • 20න් පහළ මීටර් 400 – අයෝමාල් අකලංක – තත්පර 46
  • 20න් පහළ මීටර් 400 කඩුලු පැන දිවීම – තත්පර20 – අයෝමාල් අකලංක
  • 20න් පහළ මීටර් 3000 – මිනිත්තු 8.32.7 – ඉලංගෝ විකිර්තන්
  • 20න් පහළ මීටර් 3000 බාධක දිවීම – 9.25.81 – ඉලංගෝ විකිර්තන්
  • 20න් පහළ මිටිය විසිකිරීම – මීටර් 41.50 – විමලදාස් නිදර්සන්
  • 18න් පහළ මීටර් 400 – තත්පර 47.58 – I.M.බෝගොඩ
  • 18න් පහළ මීටර් 1500 – මිනිත්තු 4.00.47 – ලහිරු අචින්ත
  • 18න් පහළ මීටර් 110 කඩුලු පැන දිවීම – තත්පර 14.08 – පවන් බිම්සර
  • 18න් පහළ තුන් පිම්ම – මීටර් 15.50 – J.L.ජෙන්කින්ස්
  • 18න් පහළ මීටර් 3000 – මිනිත්තු 8.42.85 – ලහිරු අචින්ත
  • 16න් පහළ මීටර් 100 කඩුලු පැන දිවීම – තත්පර 13.17 – W.D.N.D.ප්‍රනාන්දු
  • 16න් පහළ මීටර් 300 කඩුලු පැන දිවීම – තත්පර 39.73 – W.N.E.සිල්වා
  • 16න් පහළ මිටිය විසි කිරීම – මීටර් 40.7 – S.M.කරුණාරත්න
  • 23න් පහළ තුන් පිම්ම – මීටර් 16.13 (සම වාර්තාවක්) – මලිත් යසිරු

 

කාන්තා

  • 23න් පහළ මීටර් 400 කඩුලු පැන දිවීම – තත්පර 1.00.42 – L.G.A.සත්සරණි
  • 23න් පහළ දුර පැනීම – මීටර් 6.02 – I.S.W.ආරච්චි
  • 20න් පහළ රිටි පැනීම – මීටර් 3.40 – සෙල්වරාසා නිරූසිකා
  • 18න් පහළ මීටර් 100 – තත්පර 12.02 – ධනංජනා ප්‍රනාන්දු
  • 18න් පහළ මීටර් 200 – තත්පර 24.45 – ධනංජනා ප්‍රනාන්දු
  • 18න් පහළ මීටර් 1500 – මිනිත්තු 4.33.85 – තරුෂි අභිශේකා
  • 18න් පහළ උස පැනීම – මීටර් 1.74 – මිහින්සා දෙව්මිණී
  • 18න් පහළ තුන් පිම්ම – මීටර් 12.44 – දිල්කි නෙහාරා
  • 18න් පහළ මිටිය විසි කිරීම – මීටර් 40.81 – ශලෝමි ජයකොඩි
  • 16න් පහළ මීටර් 400 – තත්පර 57.33 – චෙනාදි දේවරා
  • 16න් පහළ මීටර් 100 කඩුලු පැන දිවීම – තත්පර 15.31 – ලක්ෂ්‍යා සඳලි
  • 16න් පහළ මීටර් 300 කඩුලු මතින් දිවීම – තත්පර99 – G.R.ධර්මදාස
  • 16න් පහළ මීටර් 3000 බාධක දිවීම – මිනිත්තු 17.33.6 ලෙහාරා සමින්දි
  • 16න් පහළ දුර පැනීම – මීටර් 5.96 – දිලිනි රාජපක්ෂ
  • 16න් පහළ යගුලිය විසි කිරීම – මීටර් 12.68 – දිල්කි දෙව්මිණී
  • 16න් පහළ තුන් පිම්ම – මීටර් 11.66 – දිලිනි රාජපක්ෂ

මීට අමතරව මෙවර ශූරතාවලියේ සමස්ත තරග විස්තර පහත සබැඳියෙන් ලබාගත හැකි.

>>Junior National Championships 2025 – Day 3 Results<<

තරගාවලිය තුළ දක්ෂතා දක්වමින් සම්මාන හිමි කර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේයි;

  • 16න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව – දිලිනි රාජපක්ෂ – වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල
  • 16න් පහළ දක්ෂතම ක්‍රීඩකයා – දෙනෙත් කෞසිත් – කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය
  • 18න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව – ධනංජනා ප්‍රනාන්දු – වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල
  • 18න් පහළ දක්ෂතම ක්‍රීඩකයා – පවන් බිම්සර – පන්නිපිටිය ධධර්මපාල විද්‍යාලය
  • 20න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව – ටක්ෂිමා නුහන්සා – මාතර මධ්‍ය විද්‍යාලය
  • 20න් පහළ දක්ෂතම ක්‍රීඩකයා – අයෝමාල් අකලංක – අඹගමුව මධ්‍ය විද්‍යාලය
  • 23න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව – මදුශානි හේරත්
  • 23න් පහළ දක්ෂතම ක්‍රීඩකයා – රුමේෂ් තරංග

ශූරතාවලියේ හොඳම දක්ෂතාව අයෝමාල් අකලංක (මීටර් 400 කඩුලු පැන දිවීම)

දිනෙන් දින උණුසුම් වන දෙස්, විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>