අශාන් සහ ඇන්ජෙලෝගෙන් ශ්‍රී ලංකාවට පොඩි සහනයක්

1563

සංචාරක අයර්ලන්ත A ක්‍රීඩකයන්ගේ ආඩම්බරකාරී ඉනිමේ පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ තවදුරටත් ඔවුන්ට ඒ කිරුළ ඔවුන්ගේ හිස් මතම තබා ගැනීමට අවශ්‍ය ආකාරයෙන් කටයුතු කරමින් තරගයේ දෙවැනි දිනයට (14) සමුදුන්හ.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 8කට ලකුණු 508ක් ලබා ගනිමින් සෑහීමකට පත්වූහ. තරගය අඳුරු ආලෝක තත්ත්වය මත නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 3ක් දැවී ලකුණු 99ක් ලබා සිටිය හ.

නීල් සහ ටකර් අයර්ලන්තය ගොඩ ගැනීමේ මෙහෙයුමක

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම අතර අද….

ශ්‍රී ලංකා ඉනිමේ ගෞරවය බේරා ගැනීමට මෙතෙක් ඉදිරිපත් වූ එකම ක්‍රීඩකයා ලෙසින් ගෞරවයට පත් වීමට ඇන්ජලෝ පෙරේරා සමත් විය.

පෙර දිනයේ නීල් රොක් සහ ලෝකන් ටකර් පස්වැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණ ලකුණු 128ක සබඳතාවක් එක් කරගෙන සිටි අතර අද එය ඔවුන් ලකුණු 163ක් දක්වා දීර්ඝ කළේය. 5 වැනි කඩුල්ල ලෙසින් ලෝකන් ටකර් පන්දු 171කට මුහුණ දී හතරේ පහර 8ක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 80ක් ලබා සිටිය දී අශාන් ප්‍රියංජන්ගේ පන්දුවකට දැවී යමින් එම සබඳතාව නිමා කළේය. ඒ වෙද්දී අයර්ලන්ත ඉනිම ලකුණු 321ක්ව තිබුණි.

තවත් ලකුණු 41ක් අයර්ලන්ත ඉනිමට එක් වූ විට 7 වැනි කඩුල්ල ලෙසින් නීල් රොක් දැවී ගියේ පන්දු 198ක දී ලකුණු 85ක් ලබා සිටිය දී ය. එය එම ඉනිමේ වැඩිම ලකුණු ප්‍රමාණය වූ අතර ඔහු තම ඉනිමට හතරේ පහර 8ක් එල්ල කර තිබුණි.

ඊට පසු පන්දු වාරයේ දී අයර්ලන්ත ඉනිමේ 7 වැනි කඩුල්ල ද බිඳ වැටුණ අතර එය දිවා විවේකයට ප්‍රථම බිඳ වැටුණ අවසන් කඩුල්ල ද විය. දිවා විවේකය වන විට අයර්ලන්ත ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 396ක්ව තිබුණි.

දිවා විවේකයෙන් පසුව ද අයර්ලන්ත ක්‍රීඩකයන්ගේ තර්ජනාත්මක පිති ප්‍රහාරයේ අඩුවක් නොවුණි. ඔවුන් 8 වැනි කඩුල්ලට ද ශතක සබඳතාවක් එක් කරමින් ඒ බැව් ඔප්පු කළහ. එවර ක්‍රියාත්මක වූයේ ජොනතන් ගාර්ත් සහ ජේම්ස් කැමරන් ය. ඔවුන් දෙදෙනා එම කඩුල්ලට ලකුණු 108ක සබඳතාවක් ගොඩ නැගූහ.  

චාමර, රමින්ද සහ චතුරංග අවසන් දිනයේ විරුවෝ වෙයි

ශ්‍රී ලංකා සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League පළමු පෙළ….

ජොනතන් ගාර්ත් පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 45ක් ලබා ගත්තේය. අයර්ලන්ත ක්‍රීඩකයෝ ලකුණු 500 සීමාව පසු කිරීමෙන් පසුව සෑහීමකට පත්ව ඉනිම අත්හිටුවන විට ජේම්ස් කැමරන් පන්දු 95කට මුහුණ දී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 76ක් ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී චාමික කරුණාරත්න සහ ලසිත් ඇඹුල්දෙනිය කඩුලු 3 බැගින් දවා ගත් අතර මොහොමඩ් ශිරාස් සහ ආශාන් ප්‍රියංජන් කඩුල්ල බැගින් ලබා ගත්හ.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු කඩුල්ලේ සිටම දැක්වූයේ පසුගාමී තත්ත්වයකි. ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 9ක් වෙද්දී අහිමි විය. ඒ පැතුම් නිශ්ශංක ලකුණු 4කට දැවී යෑමත් සමඟ ය. අනතුරුව ලකුණු 18ක් වෙද්දී අවිශ්ක ප්‍රනාන්දු (13) ද තම ඉනිමට ආයුබෝවන් කීවේ ය.

​ICCය අකිලට එල්ල කළ චෝදනාවම රයිඳුටත් එල්ල කරයි

ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර ඊයේ (12) සිඩ්නි ක්‍රිකට් පිටියේ පැවැත්වුණු පළමු….

දෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් යම් සහනයක් ගෙන දුන්නේ තෙවැනි කඩුල්ලේ දී ය. ඒ නායක අශාන් ප්‍රියංජන් සහ ඇන්ජලෝ පෙරේරා එක්ව එම කඩුල්ලට එක් කළ ලකුණු 81ක සබඳතාවයි.

අශාන් ප්‍රියංජන් පන්දු 50කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබා දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම ලකුණු 99ක්ව තිබුණි. ඒ හා සැණින්ම තරගය අයහපත් කාලගුණ තත්ත්වය මත  නතර කළ අතර ඒ වෙද්දී ඇන්ජලෝ පෙරේරා පන්දු 62කට මුහුණ දී හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 50ක් ලබා ගෙන සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ආරම්භක වේගපන්දු යවන ක්‍රේග් යංග් ලකුණු 18කට කඩුලු දෙකක් දවා ගෙන සිටියේ ය.

අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 8ක් දැවී 508 (138) ජේම්ස් මැකලම් 72, ස්ටෙපන් ඩොහෙනි 58, නීල් රොක් 85, ලෝර්කන් ටකර් 80, මාක් අදයිර් 32, ජොනතන් ගාර්ත් 45, ජේම්ස් කැමරන් නොදැවී 76, චාමික කරුණාරත්න 2/54

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 3ක් දැවී 99 (23) අශාන් ප්‍රියංජන් 27, ඇන්ජලෝ පෙරේරා නොදැවී 50, ක්‍රේග් යංග් 2/18

හෙට (15) තරගයේ තෙවැනි දිනයයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<