ලෝකය දිනමින් තවමත් දුවන මැරතන් ශූරයා “ගාමිණී සුගතදාස”

1

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ඇමරිකාවේ පැවැත්වුණු TCS New York City Marathon මැරතන් ඉසව්වට (අවුරුදු 55-59 වයස් කඩ ඉමට අදාළව) සහභාගී වූ ගාමිණී සුගතදාස විසින් එම තරගයෙන් තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා. තරගකරුවන් 2358ක් සමඟ තරග වදිමින් පැය 2.42.14ක කාලයක් තුළ තරගය අවසන් කරමින් මෙසේ තෙවැනි ස්ථානය හිමි කර ගැනීමට ඔහු විසින් සමත් වවීම ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව ලැබූ විශිෂ්ට ජයක් ලෙස හැඳින්විය හැකි. 

මෙය ඔහුගේ පළමු ජාත්‍යන්තර ජයග්‍රහණය නොවන අතරඅවසන් ජය ද නොවන බව නොඅනුමානයිඑම ජයග්‍රහණ පිළිබඳ මෙන්ම ඔහුගේ අදහා ගත නොහැකි ගමන් මග පිළිබඳ මතකය අවධි කිරීමට සහ එම මතක සටහන් ඔබ සමඟ බෙදා ගැනීමට අපට අවස්ථාවක් හිමි වුනා.  

මෙහි දී ඔහු විසින් සපයන ලද තොරතුරු එලෙස ම ඔබ වෙත රැගෙන ඒමටයි මේ සූදානම! 

ගාමිණී සුගතදාස සිය පසුබිම් කතාව සැකෙවින් 

“මගේ ගම මීගමුව . මගේ පාසල හරිස්චන්ද්‍ර විද්‍යාලය මීගමුව. පාසලේ දී මම නිවාසාන්තර ක්‍රීඩා තරග වලට අවුරුදු 12 සිට අවුරුදු 16 වෙන කල් මීටර් 100 සහ 200 ඉසව්ව වලින් සහභාගී වුනා. නමුත් ජයග්‍රහණයක් ලබා ගත්තේ නෑ. පාසල් අධ්‍යාපන ඉවර වෙලා මම ව්‍යාපාරිකයෙක් විදියට වැඩ කරා . තාත්තා අවුරුදු 11 නැති වෙනවා . අම්ම පාසල් ගුරුවරියක්, අක්කලා දෙන්නෙක් ඉන්නවා. මම ඉතින් පවුලෙ බාලයා. මගේ ලොකු අක්ක හිටියේ ඇමරිකාවේ. ඉතින් මම Visit එකකට 1992 ඇමරිකාවට යනවා. ආපහු මම 1996 නැවත ලංකාව එනවා. ඊට පස්සෙ මම 1999 ඇමරිකාවේ නතර වෙන්නම යනවා. ඉතින් ඊට පසේ මම පොඩි රැකියාවක් කර ගෙන ඉන්න අතරෙ 2003 විවාහ ජීවිතය ආරම්භ කරනවා. මට 2007 දී දුවෙක් ලැබෙනවා. ඉතින් ඔහොම මගේ ජීවිතය ගෙවිල යන කොට විවාහ ජීවිතයේ පොඩි පොඩි ප්‍රශ්නය එක්ක 2009 විවාහ ජීවිතයෙන් ඉවත් වෙනවා. මොකද මම මේ දේවල් මම කියන්නම ඕන . මේ ප්‍රශ්න සමග මම අසනීප වෙන්න ගන්නවා.”

අසනීප වීම් සහ තවත් ගැටලු නිසා විඩාපත් වෙන ගාමිණී සුගතදාස අහඹුලෙස මැරතන් ක්‍රීඩාවට පිවිසුණු අයුරු ඔහු විසින් ඉන් පසුව විස්තර කළා.

“ඉතින් මෙහෙම මම ප්‍රශ්න එක්ක කාලය ගෙවෙන අතරේ, මම වැඩ කරපු ඔෆිස් එක ලඟින් තමයි (2009-12-06) ඇමරිකාවේ ලාස් වේගාස් මැරතන් එක  (Rock and roll) ආරම්භ කරන්නේ සහ අවසන් කරන්නේ. ඉතින් මේ තරගවලට සහභාගී වෙන සෑම ක්‍රීඩකයෙක් සතුටින් ආරම්භ කරනවා සතුටින් අවසන් කරනවා මම දකිනවා. මම කල්පනා කරා මෙහෙම කරන්නෙ කොහොමද කියල . මම ඊට පහුවදා ගෙදර ගිහින් සපත්තු දෙකක් හොයා ගෙන එළියෙ අපේ ගෙදර ලඟ දුවන්න ගත්තා. එදා ඉඳන් මම සැතපුම් 11 තනියම දුවල පුහුණු වීම් උනා.

ඔහොම දිගටම පුහුණු වීම් වෙලා මම පළවෙනි අර්ධ මැරතන් තරගයකට ඉදිරිපත් වෙන්නේ 2010 .01.16 වැනිදා. ඒ තරගයේ නම Rock and roll Arizon Half Marathon. කිලෝමීටර් 21.5ක දුරක් තිබුණු මේ තරගය මම පැය 01: විනාඩි 43න් ඉවර කරනවා. ඉතින් මට ගොඩක් සතුටුයි මගේ පළවෙනි තරගය නිසා . ඊට පස්සෙ මගේ පළමු ජයග්‍රහණය ලබන්නේ 2010.07.04 වැනිදා. කිලෝමීටර් 5 තරගයකට සහභාගී වෙලා තෙවැනි තැන දිනා ගන්නවා. ඒ වයස් කාණ්ඩය 35-39 සහභාගී වෙලා. මම ඔය වගේ අර්ධ මැරතන් පොඩි තරග වලට සහභාගී වෙලා දිනුවා. ඔහොම ඉන්න කොට තරගයක් අතරතුර මට ඇමරිකානු මැරුනත් ක්‍රීඩකයකු වන Jeff Gardner හමු වෙනවා. එයා මට කිව්වා අපි දිගට පුහුණු වීම් කරමු කියල.”

ඒ අයුරින් ඔහු සිය ක්‍රීඩා ජීවිතයට දෙවැනි ආරම්භයක් ලබා ගැනීමට සමත් වනවා. එමෙන්ම ඔහු ලැබූ විවිධ ජයග්‍රහණ පිළිබඳ අදහස් විමසීමේ දීඊටත් පෙර තමන් අර්ධ මැරතන් ක්‍රීඩාවෙන්සම්පූර්ණ මැරතන් ක්‍රීඩාව වෙත සමීප වීමට හේතුව සඳහන් කලේ මේ අයුරිනුයි. 

මම ජයග්‍රහණ ලබන්න කලින් මම අර්ධ මැරතන් දිගටම කර කර හිටියාඅපි එතැනින් පටන් ගමුමොකද මම සම්පුර්ණ මැරතන් තරගයක් කරන්න හේතුවක් තිබුණා 

මතකද, 2013.04.15 බොස්ටන් මැරතන් තරගයට බෝම්බ ප්‍රහාරයක් එල්ල වුනා. ආන්න ඒ සිදුවීම මට ලොකු කනගාටුවක් ඇති කළා. ඒ සිදුවීම ඇහුවා ම, එදාම හිතා ගත්ත මම මේ බොස්ටන් තරගයට සහභාගී වෙනවා කියල. අනිත් කාරණය තමයි ඒ බොස්ටන් මැරතන් එක හැමෝටම කරන්න බෑ. මොකද ඒකට සහභාගී වෙන්න නම් සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටමක කාලයක් තියනවා. එම පරිසාධන මට්ටම ලබන අයට විතරයි මේකට සහභාගී වෙන්න පුළුවන්. ඉතින් මම ඒ පරිසාධන මට්ටම පසු කිරීමට මුලික තරගයකට සහභාගී වෙනවා. ඒක කැලිෆෝනියාවේ ජාත්‍යන්තර මැරතන් තරගයක්. කිලෝමීටර් 42.19දුරක් තියෙනවා සහ මම මේකෙ 40-44 වයස් කාණ්ඩය යටතේ සහභාගී වෙනවා. එතකොට මට වයස 43 පහු වෙලා. ඉතින් මේ තරගය මම පැය 2 විනාඩි 53 තත්පර 13 අවසන් කරනවා. මම මේ තරගයෙන් පසු 2014 වසරේ බොස්ටන් මැරතන් තරගය සඳහා සුදුසුකම් ලබාගන්නවා. ඒත් එක්කම මෙම බොස්ටන් මැරුනත් තරගය සඳහා සහභාගී වූ පළමු ශ්‍රී ලාංකිකයා බවටත් පත් වෙනවා.

දන්නවද ???  

බොස්ටන් මැරතන් තරගය කියන්නෙ ලෝකයේ තියෙන පැරණිතම මැරතන් තරගය කියලමෙම මැරතන් තරගය වසර 129 ක් පැරණි තරගයක්ලබන අවුරුද්දෙ (2026 වසරේ) පැවැත්වීමට නියමිත වෙන්නේ 130 වැනි තරගයමම  තරගයටත් සහභාගී වීමට බලාපොරොත්තු වෙනවාමම 2014 බොන්ස්ටන් මැරතන් තරගයට සහභාගී වෙලා, එම තරගය පැය 2 විනාඩි 49 තත්පර 13 දුවනවාඑතකොට මගේ වයස 44යි. ඉතින් ඔහොම ආරම්භ කරපු මැරුනත් ගමනේ මේ වෙද්දී මම ලෝකයේ තියෙන ලොකුම මැරතන් තරග හයම තරග කරලා තියෙනවා. 

  • 2014 – බොන්ස්ටන් මැරතන් තරගය 
  • 2015 – බර්ලින් මැරතන් තරගය 
  • 2016- චිකාගෝ මැරතන් තරගය 
  • 2017 – ටෝකියෝ මැරතන් තරගය 
  • 2017- නිව්යෝක් මැරතන් තරගය 
  • 2018 – ලන්ඩන් මැරතන් තරගය 

ඔය අතරේ මම 2017 ටෝකියෝ මැරතන් තරගයේ මගේ පුද්ගලික හොදම කාලයට මම දුවනවාපැය 2 විනාඩි 42 තත්පර 53 වාර්තා කරනවා තරගයේ මගේ වයස් කාණ්ඩය 42-53, පළමු 20 දෙනා අතර ඇතුළත මම තරගය අවසන් කරනවාඉතින් මට ගොඩක් ආඩම්බරයි ලෝකයේ තියෙන දැවැන්ත ම මැරතන් හයම දුවපු පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් වෙන්න ලැබීම ගැන 

වයස් කාණ්ඩ පිළිබඳ නොසලකා හැරිය ද මැරතන් ඉසව් වෙනුවෙන් මේ වන විට ලෝක වාර්තාව ලෙස සටහන් වන්නේ පැය 2.00.35ක් වන අතර, දැන් වයස 57 ඉම කරා ඉක්මවා සිටින ගාමිණී විසින් පැය 2 මිනිත්තු 42ක සීමාවේ රැඳී සිටීම ම අගය කළ යුතු කාරණයක්. කෙසේ වෙතත් එවන් තරග පසුබිමක් තිබිය දී පවා, ගාමිණී විසින් 2018 වසරේ දී තම ක්‍රීඩා දිවිය නතර කිරීමට තීරණය කරනවා.

“ඔව් ඇත්තටම මම කල්පනා කරනවා දැන් මම මේ ක්‍රීඩාවෙන් සමුගත්තා නම් හොදයි කියලා. මම එහෙම තීරණය කරන්නෙ 2018 දී. නමුත් මට මෙහෙම හිතුණා. මම එහෙම සමු ගැනීමෙන් පසුව මගේ ජීවිතයේ යම් තැනක් නැති වෙනවා කියල මට හිතුණා. මට එහෙම කරන්න බෑ කියල නැවත වරක් මම පුහුණු වීම් පටන් ගන්නවා. ආපහු මම මැරතන් තරග කරන්න ගත්තා. ඊට පස්සේ මම එක සතියකට පුහුණු වීම් මැරුනත් තරග 5/6 දුවන්න ගත්ත. ඊට පස්සෙ මට ඔහොම දුවන කොට හිතුණා Ultra Marathon එකක් කරන්න. ඒව සාමාන්‍යයෙන් සැතපුම් 30-40 දුවනවා . ඊට පස්සෙ මගේ පළවෙනි Ultra Marathon එක 2020 නොවැම්බර් වල දී දුවනවා. ඒ තමයි Revel Mount Chalsten තරගය. මේ තරගය මම පැය 2 විනාඩි 33 තත්පර 15 දුවලා, සමස්ත තරග කරුවන් අතරින් දෙවැනි ස්ථානය දිනා ගන්නවා. ඊට පස්සෙ 2022 ලෝකයේ තියෙන පැරණිතම Ultra Marathon එක කරනවා. ඒ තරගයේ නම JKF 50mils, ඒ තරගය සමස්ත දුර සැතපුම් 50ක්. මම ඒක පැය 6 විනාඩි 51 අවසන් කරනවා. වයස් කාණ්ඩය 50- 54. මම මේ තරගය අවසන් කරත්, ඒක නිසා ආබාධයකට ලක් වෙනවා. තරගය අතර තුර කකුල ගලක වැදිල මගේ කකුලෙ ACL එක අනතුරකට ලක් වෙනවා.”

නමුත් තම වයස පිළිබඳ තැකීමක් නොකරනවා සේමහදිසියේ ඇති වූ ආබාධ තත්ව  මගහරවා ගනිමින් තවදුරටත් තම ක්‍රීඩාවේ ආශ්වාදය විඳීමට ඔහු තීරණය කරනවා. 

“ඔව් ඇත්තටම මම කල්පනා කරනවා දැන් මම මේ ක්‍රීඩාවෙන් සමුගත්තා නම් හොදයි කියලා. මම එහෙම තීරණය කරන්නෙ 2018 දී. නමුත් මට මෙහෙම හිතුණා. මම එහෙම සමු ගැනීමෙන් පසුව මගේ ජීවිතයේ යම් තැනක් නැති වෙනවා කියල මට හිතුණා. මට එහෙම කරන්න බෑ කියල නැවත වරක් මම පුහුණු වීම් පටන් ගන්නවා. ආපහු මම මැරතන් තරග කරන්න ගත්තා. ඊට පස්සේ මම එක සතියකට පුහුණු වීම් මැරුනත් තරග 5/6 දුවන්න ගත්ත. ඊට පස්සෙ මට ඔහොම දුවන කොට හිතුණා Ultra Marathon එකක් කරන්න. ඒව සාමාන්‍යයෙන් සැතපුම් 30-40 දුවනවා . ඊට පස්සෙ මගේ පළවෙනි Ultra Marathon එක 2020 නොවැම්බර් වල දී දුවනවා. ඒ තමයි Revel Mount Chalsten තරගය. මේ තරගය මම පැය 2 විනාඩි 33 තත්පර 15 දුවලා, සමස්ත තරග කරුවන් අතරින් දෙවැනි ස්ථානය දිනා ගන්නවා. ඊට පස්සෙ 2022 ලෝකයේ තියෙන පැරණිතම Ultra Marathon එක කරනවා. ඒ තරගයේ නම JKF 50mils, ඒ තරගය සමස්ත දුර සැතපුම් 50ක්. මම ඒක පැය 6 විනාඩි 51 අවසන් කරනවා. වයස් කාණ්ඩය 50- 54. මම මේ තරගය අවසන් කරත්, ඒක නිසා ආබාධයකට ලක් වෙනවා. තරගය අතර තුර කකුල ගලක වැදිල මගේ කකුලෙ ACL එක අනතුරකට ලක් වෙනවා.”

ඉතින් මම 2023 මගේ පළමු තරගය විදිහට අර්ධ මැරතන් එකක් කරනවා. ඒක මාස්ටර් තරගයක්, ඒකේ දුර කිලෝමීටර් 5ක්. ඒක වයස් කාණ්ඩය අවුරුදු 50ට වැඩි. ඒ තරගය මම විනාඩි 16 තත්පර 43න් අවසන් කරල දෙවැනි තැන දිනා ගන්නවා. ඒ තරගය ජයග්‍රහණය කිරීමෙන් පස්සෙ මට ඩොලර් 200 ලැබෙනවා. මම ඒ සල්ලි ඔක්කොම බොන්ස්ටන් මැරතන් තරගයේ මියගිය අය වෙනුවෙන් පරිත්‍යාග කරන්ව. ඉතින් ඔහොම තරග ඉවර වෙලා නැවත මම 2023 බොස්ටන් කිලෝමීටර් 42 මැරතන් එක දුවනවා. ඒක අවුරුදු 50-54 වයස් කාණ්ඩයේ. ඒ තරගය මම පැය 2 විනාඩි 39 තත්පර 52න් අවසන් කරනවා. මම ඒ තරගයේ හොඳම දස දෙනා අතරට එනවා. ඒ තරගය ඉවර වෙලා මාස ගණනකට පසුව මම 2023 චිකාගෝ වල world championship මැරතන් එක දුවනවා. එම තරගයත් අවුරුදු 50-54 වයස් කාණ්ඩය යටතේ තරග කරනවා. එම තරගයත් පැය 2 විනාඩි 38 තත්පර 12කින් අවසන් කරලා 12 වැනි ස්ථානය දිනා ගන්නවා. ඉතින් 2023 තරග ඉවර වෙලා නැවත මම 2024 වසර වෙනුවෙන් සූදානම් වෙනවා. ඒ අවුරුද්දේ පළමු තරගය විදිහට බොස්ටන් අවුරුදු 50ට වැඩි වයස් කාණ්ඩය යටතේ කිලෝමීටර් 5 අර්ධ මැරතන් තරගය දුවනවා. මම එම තරගයේ හතර වැනි ස්ථානය දිනා ගත්තේ විනාඩි 16 තත්පර 52ක කාලයකින් තරගය අවසන් කරල. ඒ අර්ධ මැරතන් එක ඉවර වෙලා ටික දවසකින් 2024 වසරේ ම කිලෝමීටර් 42 බොන්ස්ටන් තරගයට සහභාගී වුනා. එම තරගයෙන් මම පළමු තැන දිනා ගන්නේ අවුරුදු 50-54 වයස් කාණ්ඩයෙන් තරග කරලා. ඒ තරගය පැය 2 විනාඩි 57කින් අවසන් කරනවා. එම තරගය ජයග්‍රහණය කිරීමෙන් පස්සෙ මට ආරාධනයක් ලැබෙනවා ඕස්ට්‍රේලියාවේ Age Group World Championship 2024 මැරතන් එකට. එම තරගය මම පැය 2 විනාඩි 41 තත්පර 14 කාලයකින්, හයවැනියා ලෙස තරගය අවසන් කරනවා. මෙම තරගයෙන් පසුව මට නැවත ආරාධනයක් ලැබෙනවා 2025 නිව්යෝර්ක් Age Group World Championship මැරතන් එකට.”

ආබාධවලින් නතර කිරීමට නොහැකි වූ ගාමිණි සුගතදාස විසින් Age Group World Championship 2024 මැරතන් තරගාවලියේ දී හය වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වන්නේ  අයුරිනුයිනමුත් ඔහුට එවකට හෝ සිය ක්‍රීඩා දිවිය නතර කිරීමේ අවශ්‍යතාවක් මතු වන්නේ නැහැ. 

“මම මැරතන් දුවන එක නතර කරන්නේ නෑ. මට පුළුවන් කාලයක් මම දුවනවා. මොකද මට ඒක සතුටක්, මගේ රට වෙනුවෙන්, මගේ රටේ කොඩිය යටතේ තමයි මේ හැම තරගයක් ම දුවන්නේ. මම ආපහු 2025 අප්‍රේල් මාසේ බොස්ටන් මැරතන් එකේ දී කිලෝමීටර් 42 ක් දුවනවා. අවුරුදු 50-44 වයස් කාණ්ඩය යටතේ. ඒ තරගයේ දෙවැනි තැන දිනා ගන්නවා. එම තරගය පැය 2 විනාඩි 39 තත්පර 13කින් අවසන් කරනවා. ඉතින් ඊට පස්සෙ 2025 ඔක්තෝබර් මාසෙ නිව්යෝර්ක් Age Group World Championship මැරතන් එක දුවන්න අවස්ථාව ලැබෙනවා. 55-59 වයස් කාණ්ඩයෙන් තෙවැනි තැන දිනා ගන්නවා. එම තරගය පැය 2 විනාඩි 42 තත්පර 14 අවසන් කරනවා. ඉතින් ඔහොම මගේ 2025 තරග ටික අවසන් වෙනවා. 2026 තරග දෙකකට මේ වෙන කොට මට ආරාධනා ලැබිල තියනවා. ඒ එකක් 2026 බොස්ටම් මැරතන් තරගය. ඒ තරගය අප්‍රේල් මාසයේ දී තියෙනවා. අනිත් තරගය 2026 South African Age Group World Championship මැරතන් එක . ඉතින් මේ තරග දෙකෙත් හොඳම දක්ෂතා අතර එන්න මම බලාපොරොත්තු වෙනවා.”

මේ වන විට ඔහුට මෙම නව 2026 වසර පිළිබඳ වත් බලාපොරොත්තු රාශියක් ඉතිරි වී තිබෙනා බව පැහැදිලියි. එමෙන්ම ඔහුගේ මෙම ධෛර්යමත් කතාව ඕනෑම ශ්‍රී ලාංකිකයකුට සිය සිහින හඹා යාම වෙනුවෙන් මග පෙන්වීමක් කර ගත හැකි. එසේ සිහින හඹා යන ශ්‍රී ලංකාවේ මැරතන් ක්‍රීඩාව පිළිබඳ වත් ඔහු මෙහි දී සිය අදහස් සඳහන් කිරීමට අමතක කලේ නැහැ.

“ඇත්තටම ලංකාවෙ හොඳ දක්ෂයෝ ඉන්නවා. ඒ අයට පහසුකම් මදි . මම ඇමරිකාවේ ඉන්න ගමන්, 2018 ඉඳන් පෞද්ගලිකව මැදිහත් වෙලා මැරතන් ධාවන පාවහ්න් යුගල 200ක් ලංකාවට යවනවා. මොකද අපිට වගේ නෙවයි එයාලාට පහසුකම් තිබුනොත් තමයි දිනන්න පුළුවන්.”

එමෙන්ම ක්‍රීඩකයකුට අවශ්‍ය පහසුකම් මෙන්මශරීරයට අවශ්‍ය පෝෂණය පිළිබඳ වත් ඔහු මෙහි දී අදහස් පළ කළා. 

මම නිර්මාංශ ආහාර ගන්න කෙනෙක්සමහර අයට පුදුම හිතෙයිමම 2020 මස්මාලුබිත්තර කන එක නතර කරනවා. ඉතින් මගේ උදේ ආහාරයට අනිවාර්යයෙන් මුං ඇට හෝ ඇට වර්ග අනිවාර්යයෙන් තියනවාමගේ දවල් ආහාරයට පරිප්පුකොල වර්ගරතු අලවට්ටක්කාඅල වර්ග වරදින්නෙ නෑමම හැමදාම ලංකාවෙ ක්‍රමයට කෑම හදා ගන්නවාමම නිතරම ප්‍රෝටීන් බහුල ආහාර තමයි හදා ගන්නෙ.” 

ශාරීරික ශක්තිය දෙගුණ තෙගුණ වීමට මානසික ශක්තිය බලපාන බව ඔහුගේ කතාව පුරාවට පිළිබිඹු වන කරුණක්එමෙන්ම පෙර සඳහන් කළ සේම ශ්‍රී ලාංකේය යෞවනයට  ඔහුගේ කතාව විශාල උත්තේජනයක් ලබා දෙන්නක් ලෙස සඳහන් කළ හැකිඑමෙන්ම තමන්ද සිය අත්දැකීම් සහ දැනුම ඔවුන් වෙනුවෙන් බෙදා දීමට සූදානමින් සිටින බව ඔහු මෙහි දී විශේෂයෙන්ම සඳහන් කළා. 

“කවදා හරි මම කැමති මගේ අත්දැකීම් සියලු දේම දෙන්න කැමතියි. මොකද මම තනියම පුහුණු වෙන කෙනෙක්, මට පුහුණු කරුවෙක් නෑ. මම රැකියාවක නිරත වෙන ගමන් තමයි මේ හැම දේම කරන්නේ. මම ලබා ගනිපු දේවල් තව කෙනෙකුට දෙන්න මම කැමතියි. ලංකාවේ මැරතන් වෙනුවෙන් මම ඕන වෙලාවක උදව් කරන්න මම සූදානම්. මම ඇමරිකාවේ ජීවත් උනත් මම ලංකාවට ආදරෙයි.”

ඇමරිකාවේ ජීවත් වුනත්, හදවතින් ලංකාවේ සිටින බවත්, ලංකාව වෙනුවෙන් තරග වදින බවත් ඔහු අවසන් වශයෙන් සඳහන් කළා. 

මෙම වසරේ දීත් පෙර වසරවල දී මෙන්ම ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තර මැරතන් ක්‍රීඩාව තුළ නිතර ඇසෙනා එකක් කිරීම වෙනුවෙන් ගාමිණී සුගතදාස විසින් සිදු දරනා වෙහෙස සාර්ථක ප්‍රතිඵල අත් කර ගනීවා යැයි Thepapare ප්‍රාර්ථනා අපි කරන්නෙමු.

2025 වසරේ දී සමීර මදුසංක හේවා ගමගේ විසින් ගාමිණී සුගතදාස සමඟ සිදු කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙම ලිපිය සකසන ලදී. 

>>තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න<<