සති දෙකක කාලයක් පුරාවට පැවති ජාත්‍යන්තර තරග විරාමයෙන් අනතුරුව ඊයේ (14) නැවතත් අන්තර් සමාජ පාපන්දු තරග ආරම්භ වූයේ එංගලන්ත Premier League සහ ප්‍රංශ Ligue 1 තරගාවලි වල පස්වැනි සතියේ, ස්පාඤ්ඤ La Liga තරගාවලියේ සහ ජර්මානු Bundesliga ලීග් තරගාවලියේ සිව්වැනි සතියේ සහ ඉතාලි Serie A තරගාවලියේ තෙවැනි සතියේ තරගත් සමඟයි.
Arsenal ජය සැමරුමට offside හරස් වෙයි
එංගලන්ත Premier League තරගාවලියේ සිව්වැනි සතියේ තරගයක් ලෙස ඊයේ (01) Emirates …
Real Madrid හමුවේ Levante UD හඹා යාම අසාර්ථකයි

තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගත් Real Madrid ක්‍රීඩකයින් පළමු අර්ධයේ දී ගෝල 3ක් වාර්තා කිරීමට සමත් විය. Karim Benzema විසින් ගෝල ත්‍රිත්වයකට හිමිකම් කියූ අතර Carlos Casemiro විසින් තෙවැනි ගෝලය වාර්තා කර ගනු ලැබීය.
දෙවන අර්ධයේ දී Levante තරගයට අවතීර්ණ කළ Borja Mayoral 49 වැනි මිනිත්තුවේ දී සිය කණ්ඩායමේ පළමු ගෝලය වාර්තා කරගන්නට සමත් විය.
අනතුරුව ඔවුන් 75 වැනි මිනිත්තුවේ දී තරගයට ආදේශ කළ Gonzalo Melero හරහා ඔවුන්ගේ දෙවන ගෝලය වාර්තා කරගනිමින් ප්‍රතිවාදීන්ට පීඩනයක් එල්ල කිරීමට සමත් වුවත් එම පීඩනයට සාර්ථකව මුහුණ දුන් Real Madrid ක්‍රීඩකයින් තරගයේ ඉතිරි මිනිත්තු කිහිපය තුළ ඔවුන්ට කිසිදු ගෝලයක් වාර්තා කරගැනීමට අවස්ථාවක් ලබානොදෙමින් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට සමත් විය.
සම්පූර්ණ කාලය: Real Madrid 3 – 2 Levante UD
ගෝල ලාභීන්
- Real Madrid – Karim Benzema 25’ 31’, Carlos Casemiro 40’
- Levante UD – Borja Mayoral 49’, Gonzalo Melero 75’
Atletico Madridට Real Sociedadගෙන් නොසිතූ අභියෝගයක්

කණ්ඩායම් දෙකම පළමු අර්ධයේ ගෝල වාර්තා කරගැනීමට නොහැකි වුවත් Real Sociedad ක්‍රීඩකයින් දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක් දියත් කරමින් ප්‍රතිවාදීන්ට ප්‍රබල තර්ජනයක් එල්ල කරන්නට විය.
ඔවුන් ගෝලයක් වාර්තා කරගැනීමට සමත් වූ උත්සාහය දෙවැනි අර්ධයේ දී Martin Odegaard සහ Nacho Monreal විසින් මිනිත්තු 3ක කාලයක් තුළ ගෝල ද්විත්වයක් වාර්තා කරගැනීමත් සමඟ සාර්ථක වූ අතර ඒත් සමඟම තරගයේ ජයග්‍රහණය තහවුරු කරගන්නට ඔවුන් සමත් විය.
සම්පූර්ණ කාලය: Atletico Madrid 0 – 2 Real Sociedad
ගෝල ලාභීන්
- Real Sociedad – Martin Odegaard 58’, 61’
Messi නොමැති Barcelona වෙන් ගෝල වැස්සක්

එහි දී Barcelona කණ්ඩායමේ 16 හැවිරිදි ක්‍රීඩක Ansu Fati පළමු වරට ආරම්භක සංචිතයේ සිය ස්ථානය වෙන්කර ගනිමින් ගෝලයක් වාර්තා කරගනිමින් ඉහළ දස්කම් දැක්වීම කැපී පෙනෙන්නට විය.
තරගයට ප්‍රබල ආරම්භයක් ලබාගත් Barcelona ක්‍රීඩකයින් පළමු මිනිත්තු 10 තුළ Ansu Fati හා Frenkie de Jong හරහා ගෝල වාර්තා කරගනිද්දී, Kevin Gameiro විසින් Valencia වෙනුවෙන් පළමු අර්ධයේ දී ගෝලයක් වාර්තා කරගනිමින් ඔවුන්ව තරගයට අවතීර්ණ කරන්නට සමත් විය.
දෙවන අර්ධයේ දීත් සිය සුපුරුදු ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශය දියත් කළ Barcelona ක්‍රීඩකයින් Gerard Pique හා ආබාධයකින් සුවය ලබමින් තරගයට ආදේශ කළ Luis Suarez විසින් වාර්තා කර ගත් ගෝල ද්විත්වයෙන් තරගයේ ජයග්‍රහණය තහවුරු කරගනිද්දී ප්‍රතිවාදීන්ට එහි දී ලබා ගැනීමට හැකි වූයේ Maximiliano Gomez වාර්තා කර ගත් ගෝලය පමණි.
සම්පූර්ණ කාලය: FC Barcelona 5 – 2 Valencia
ගෝල ලාභීන්
- FC Barcelona – Ansu Fati 2’, Frenkie de Jong 7’, Gerard Pique 51’, Luis Suarez 61’ 82’
- Valencia – Kevin Gameiro 27’, Maximiliano Gomez 90+2’
කවිඳුට ගෝලයක් වාර්තා කරගන්න තිබුණා – පකීර් අලි
2022 FIFA ලෝක කුසලානය හා 2023 ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුස්සන් තේරීමේ …
Mane සහ Salah නැවතත් දක්‍ෂතා අතරට

Jetro Willems විසින් Newcastle United වෙනුවෙන් ගෝලයක් වාර්තා කරගනිමින් ඔවුන්ට හොඳ ආරම්භයක් ලබා දෙන්නට සමත් වුවත්, Sadio Mane විසින් Liverpool වෙනුවෙන් පළමු අර්ධය තුළ ගෝල ද්විත්වයක් වාර්තා කරගනිමින් ඔවුන්ව තරගයේ පෙරමුණට රැගෙන යන්නට සමත් විය.
අනතුරුව දෙවන අර්ධයේ දී Mo Salah විසින් තවත් ගෝලයක් වාර්තා කරගනිමින් ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කරන්නට සමත් විය.
සම්පූර්ණ කාලය: Liverpool 3 – 1 Newcastle United
ගෝල ලාභීන්
- Liverpool – Sadio Mane 28’ 40’, Mo Salah 72’
- Newcastle United – Jetro Willems 7’
Manchester United නැවතත් ජයග්‍රාහී මාවතට

7 වැනි මිනිත්තුවේ දී Leicester City ක්‍රීඩක Caglar Soyuncu විසින් Marcus Rashford හමුවේ සිය ගෝල රාමු කලාපය තුළ සිදු කළ ‘foul’ කිරීමක් වෙනුවෙන් පිරිනැමුණු දඬුවම් පහර සාර්ථක කර ගත් Rashford සිය කණ්ඩායම තරගයේ පෙරමුණට රැගෙන යන්නට සමත් විය.
තරගය පුරාවට කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කර ගැනීමට අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් කිසිවෙකු ඒවා සාර්ථක කරගැනීමට සමත් නොවීමත් සමඟ වාර්තා වූ එම ගෝලයෙන් Manchester United ජයග්‍රහණය තහවුරු විය.
සම්පූර්ණ කාලය: Manchester United 1 – 0 Leicester City
ගෝල ලාභීන්
- Manchester United – Marcus Rashford 7’
Tammy Abrahamගෙන් Chelsea වෙනුවෙන් ගෝල ත්‍රිත්වයක්

Chelsea ක්‍රීඩකයින් තරගයට ප්‍රබල ආරම්භයක් ලබා ගනිමින් පළමු අර්ධයේ දී ගෝල 3ක් වාර්තා කරගන්නට සමත් විය. ඒ Fikayo Tomori විසින් වාර්තා කර ගත් ගෝලය සහ Tammy Abraham විසින් වාර්තා කර ගත් ගෝල ද්විත්වය හරහා ය.
අනතුරුව දෙවන අර්ධයේ දී Abraham සිය ගෝල ත්‍රිත්වය සම්පූර්ණ කරගනිද්දී Mason Mount ඔවුන් වෙනුවෙන් තවත් ගෝලයක් වාර්තා කරගනිමින් ඔවුන්ගේ ජයග්‍රහණය තහවුරු කරද්දී ප්‍රතිවාදී Wolves කණ්ඩායමට වාර්තා කරගත හැකි වූයේ Abraham හරහා වාර්තා වූ ‘own goal’ අවස්ථාව සහ Patrick Cutrone වාර්තා කරගත් ගෝලය පමණි.
සම්පූර්ණ කාලය: Chelsea 5 – 2 Wolves
ගෝල ලාභීන්
- Chelsea – Fikayo Tomori 31’, Tammy Abraham 34’ 41’ 55’, Mason Mount 90+6’
- Wolves – Tammy Abraham 69’ (OG), Patrick Cutrone 85’
සුජාන්ගේ වීර ක්‍රියා හමුවේ උතුරු කොරියාවට නොසිතූ අභියෝගයක්
2022 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියට හා 2023 ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට …
Tottenhamගෙන් පළමු අර්ධයේ ප්‍රබල ආක්‍රමණයක්

එහි දී Tottenham ක්‍රීඩකයින් වාර්තා කර ගත් ගෝල 4ම පළමු අර්ධයේ වාර්තා වූ අතර දෙවන අර්ධයේ කිසිදු ගෝලයක් වාර්තා කර ගැනීමට කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් සමත් වූයේ නැත.
Son Heung-min ගේ ගෝල ද්විත්වයෙන්, Patrick Van Aanholtගේ ‘own goal අවස්ථාවෙන් සහ Erik Lamelaගේ ගෝලයෙන් ඔවුන්ගේ ගෝල 4 සමන්විත විය.
සම්පූර්ණ කාලය: Tottenham Hotspur 4 – 0 Crystal Palace
ගෝල ලාභීන්
- Tottenham Hotspur – Son Heung-min 10’ 23’, Patrick Van Aanholt 21’ (OG), Erik Lamela 42’
Norwich Cityගෙන් Premier League ශූරයින්ට පාඩමක්

Kenny McLean සහ Todd Cantwell විසින් Norwich City වෙනුවෙන් පළමු අර්ධයේ දී ගෝල වාර්තා කරගනිමින් සිය කණ්ඩායම තරගයේ ඉදිරියට රැගෙන එන්නට සමත් විය.
Sergio Aguero විසින් පළමු අර්ධය අවසානයේ දී Manchester City වෙනුවෙන් ගෝලයක් වාර්තා කර ගනු ලැබුවත් Teemu Pukki විසින් දෙවැනි අර්ධයේ දී ප්‍රතිවාදීන් වෙනුවෙන් ගෝලයක් වාර්තා කරගමිනින් නැවතත් ලකුණු පරතරය ඉහළ නංවා ගන්නට සමත් විය.
Rodrigo Hernandez විසින් Manchester City වෙනුවෙන් පසුව ගෝලයක් වාර්තා කර ගනු ලැබුවත් එය Norwich City කණ්ඩායමේ ජයග්‍රහණය වළකාලන්නට ප්‍රමාණවත් වූයේ නැත.
සම්පූර්ණ කාලය: Norwich City 3 – 2 Manchester City
ගෝල ලාභීන්
- Norwich City – Kenny McLean 18’, Todd Cantwell 28, Teemu Pukki 50’
- Manchester City – Sergio Aguero 45’, Rodrigo Hernandez 88’
Dortmundට පහසු ජයක්

Paco Alcacer විසින් පළමු අර්ධයේ දී Dortmund වෙනුවෙන් වාර්තා කර ගත් ගෝලයෙන් අනතුරුව දෙවන අර්ධයේ දී Marco Reus ගෝල ද්විත්වයක් සහ Raphael Guerreiro ගෝලයක් වාර්තා කරගනිමින් ඔවුන්ට මෙම තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර දෙන්නට සමත් විය.
සම්පූර්ණ කාලය: Borussia Dortmund 4 – 0 Bayer 04 Leverkusen
ගෝල ලාභීන්
- Borussia Dortmund – Paco Alcacer 28’, Marco Reus 50’ 90’, Raphael Guerreiro 83’
RB Leipzig තවමත් පෙරමුණේ

Robert Lewandowski විසින් තරගය ආරම්භයේ දී ගෝලයක් වාර්තා කරගැනීමට සමත් වුවත් පළමු අර්ධය අවසානයේ දී Lucas Hernandez විසින් Yussuf Poulsen හමුවේ සිය ගෝල රාමු කලාපය තුළ සිදු කරනු ලැබූ ‘foul’ කිරීම වෙනුවෙන් පිරිනැමුණු දඬුවම් පහර Emil Forsberg විසින් සාර්ථක කරගැනීමත් සමඟ තරගය ජය-පැරදුමකින් තොරව අවසන් විය.
සම්පූර්ණ කාලය: Bayern Munich 1 – 1 RB Leipzig
ගෝල ලාභීන්
- Bayern Munich – Robert Lewandowski 3’
- RB Leipzig – Emil Forsberg 45+3’ (P)
නින්දා අපහාස මධ්‍යයේ Neymarගෙන් දස්කම්

පසුගිය ක්‍රීඩකයින් හුවමාරු කිරීමේ කාලසීමාව තුළ සුපිරි ක්‍රීඩක Neymar විසින් PSG කණ්ඩායමෙන් වෙනත් ක්‍රීඩා සමාජයකට මාරුවීමට ගත් දැඩි උත්සාහය හේතුවෙන් PSG ක්‍රීඩාලෝලීන් තරගය පුරාවට ඔහුට අපහාස කිරීම් සිදු කළ නමුත් ඔහු ඒවාට කදිම පිළිතුරක් ලබා දුන්නේ තරගයේ අවසන් මිනිත්තු කිහිපය තුළ ඉතා විශිෂ්ට ‘overhead kick’ පහරක් හරහා ගෝලයක් වාර්තා කරමින් කණ්ඩායමට ජයග්‍රහණය හිමිකර දෙමිනි.
සම්පූර්ණ කාලය: Paris Saint-Germain 1 – 0 RC Strasbourg Alace
ගෝල ලාභීන්
- Paris Saint-Germain – Neymar Jr 90+2’
Juventus-Fiorentina සටන ජය-පැරදුමෙන් තොරයි

කණ්ඩායම් දෙකටම තරගය පුරාවට ගෝල වාර්තා කරගැනීමට අවස්ථාවන් කිහිපයක්ම හිමිවුවත් ඔවුන් කිසිවෙක් එම අවස්ථාවන් සාර්ථක කරගැනීමට සමත් වූයේ නැත.
සම්පූර්ණ කාලය: Juventus 0 – 0 Fiorentina
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<





















