ක්‍රීඩාවට ආදරය කරන ඔබ අප සියලු දෙනා සලිත කරවන ඉතාමත් කණගාටුදායක පුවතක් ඇමරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වෙන්නේ ලෝක පැසිපන්දු ඉතිහාසයෙහි එදා මෙදා තුර බිහි වූ අග්‍රගණ්‍යම ක්‍රීඩකයෙකු වන කොබේ බ්‍රයන්ට් සහ දහතුන් හැවිරිදි ඔහුගේ දියණිය මුළු ලොවක් හඬවමින් අවාසනාවන්ත අයුරින් හදිසියේම මෙලොවින් සමුගෙන ඇති බවයි.
ලොව හෙල්ලූ පැසිපන්දු ක්‍රීඩකයන් දහය
පැසිපන්දු ක්‍රීඩාව නරඹන්නන් වෙනුවෙන්ම …..
41ක් හැවිරිදි බ්‍රයන්ට් ඔහුට අයත් පෞද්ගලික හෙලිකොප්ටර් යානාවෙහි ගමන් ගන්නා අතරතුර දී එය අනතුරකට ලක්වීම මෙම ඛේදනීය සිදුවීමට මූලිකවම හේතුපාදක වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටී.
අනතුරට ලක්වන විට දහතුන් හැවිරිදි බ්‍රයන්ගේ කුඩා දියණිය ඇතුළුව තවත් පස්දෙනෙකු යානයෙහි ගමන් ගනිමින් සිට ඇති බවට වාර්තා වන නමුත් ඉන් කිසිවෙකුටත් දිවි ගලවා ගැනීමේ භාග්‍ය උදා වී නොමැති බවට කැලිෆෝනියා ප්‍රාන්ත ප්‍රධාන ෂෙරිෆ්වරයා නිල ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය.
සිද්ධිය වන අවස්ථාවේ දී ඒ අසල සිටි ගැවින් මාස්ක් මහතා තමන් සියැසින් දුටු එම බිහිසුණු අවස්ථාව විස්තර කර සිටියේ මෙසේයි.
“ඒක පාරටම ලොකු පිපුරුම් සද්දයක් ඇහුණා. මට මුලින්ම ඇහුණා හෙලිකොප්ටර් යානයක් ගමන් ගන්න සද්දයත්. මම ඉක්මනට මගේ පියත් එක්ක එළියට ගියා බලන්න මොකද්ද වුනේ කියලා බලන්න. එතකොට තමයි දැක්කේ අසල කඳු පන්තියෙන් අළු පාට දුමාරයක් පිටවෙනවා.”

මෙම සෝචනීය පුවත සැලවීමත් සමඟ දැඩි සේ කම්පාවට පත් වූ බ්‍රයන්ට් හට ආදරය කරන බොහෝ පිරිස ඔහුට උපහාර පිණිස නිර්මාණය කර ඇති ශෝක පණිවිඩ, ඡායාරූප ඇතුළු නොයෙකුත් සටහන් රැසකගෙන් මේ වන විටත් සමාජ මාධ්‍ය ජාලා ඉතිරි පිරී ගොස් ඇත. තවද ඇමෙරිකාව පුරා ක්‍රියාත්මක වන සියලුම පැසිපන්දු තරග ආරම්භ කිරීමට මත්තෙන් කෝබේ සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවක් පැවැත්වීමට තරග සංවිධායකවරුන් පියවර ගෙන තිබේ.

2008 වසරේ දී NBA තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලද බ්‍රයන්ට් තම හැකියා දක්ෂතාවන් NBA ලීගයට පමණක් සීමා නොකරන්නේ ඇමරිකා එක්සත් ජනපදයට පැසිපන්දු ඔලිම්පික් රන් පදක්කම පිටපිට දෙවතාවක් හිමිකරදීමට පුරෝගාමී සේවයක් ඉටු කරමිනි.
තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට





















