International Masters Cricket (IMC) සංවිධානය කරන වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා 40s ප්‍රවීනයන්ගේ කණ්ඩායම සහ Rest of Gulf 40s ප්‍රවීණයන්ගේ කණඩායම සමඟින් කටාර් හී DHA ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයෙන් ලකුණු 101ක පරාජයකට මුහුණ දීමට ශ්‍රී ලංකා 40s ප්‍රවීනයන්ගේ කණ්ඩායමට සිදු වූවා.
මෙම තරගයේ කාසියේ වාසිය ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Rest of Gulf 40s ප්‍රවීණයන්ගේ කණඩායම කඩුලු 4ක් දැවී ලකුණු 255ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ කණඩායමට සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 154ක් පමණයි.
- ශ්‍රී ලංකා 40s ප්රවීනයෝ නැවත ජයග්‍රාහී මාවතට
- 2026 T20 ලෝක කුසලානයේ තරග කාලසටහන ප්‍රකාශයට පත් කරයි!
- Rest of World 40s ප්රවීනයෝ ශ්‍රී ලංකාව පරාජය කරයි
- Usman Tariq කඩුලු ත්‍රිත්වයක් ලබා ගනිමින් සිම්බ්බාවේ පරාජය කරයි
- ශ්‍රී ලංකාව 40s ඇමරිකාවට පරාජය වෙයි
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Rest of Gulf 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 17 දී දැවී ගිය ද 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 54ක දී ලකුණු 104ක සබඳතාවක් ගොඩ නැගීමට Muhammad Hassan Arif සහ Rehan Khan සමත් වෙනවා. Rehan Khan පන්දු 36කට මුහුණ දෙමින් හතෙර් පහර 3ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 68ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
අනතුරු ව Muhammad Hassan Arif 3 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 48ක් ලබා සිටියා.
ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Choudhry Muhammad Imran. ඔහු පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 5ක් සමඟින් නොදැවී ලකුණු 80ක් ලබා ගන්නවා. ඊට අමතර ව Sibtain Raza ද පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ලබා ගන්නවා.
කඩුලු ලබා ගැනීමේ දී උදය කුමාර, ලංකා රොද්‍රිගෝ, සුනෙත් සම්පත් සහ රුවන් ප්‍රේමතිලක කඩුල්ල බැගින් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ දසිස් ඉසන්තමාල්. ඔහු පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 46ක් ලබා ගන්නවා.
ඊට අමතර ව උදය කුමාර පන්දු 23කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් ද සහ සුනෙත් සම්පත් පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 26ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී Ali Imran ලකුණු 27කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ වැඩිම කඩුලුලාභියා වූ අතර ඊට අමතර ව නායක M Waqas Alvi සහ Farasat Afridi කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නා ලද අතර Ali Rizwan Akhtar සහ Atif Ur Rehman කඩුල්ල බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- Rest of Gulf 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම – කඩුලු 4ක් දැවී 255 (20.0) Muhammad Hassan Arif 48, Rehan Khan 68, Choudhry Muhammad Imran නොදැවී 80, Sibtain Raza 33, උදය කුමාර 1/36, ලංකා රොද්‍රිගෝ 1/36
- ශ්‍රී ලංකා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම – සියලුම දෙනා දැවී 154 (18.3) සුනෙත් සම්පත් 26, දසිස් ඉසන්තමාල් 46, උදය කුමාර 29, Farasat Afridi 2/27, Ali Imran 4/27, M Waqas Alvi 2/20
Rest of Gulf 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායමට ලකුණු 101ක ජයක්.
මෙම තරග පරාජයත් සමඟින් ශ්‍රී ලංකා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම තරගාවලියේ Play Offs වටයට එක් වූ අතර ඒ අනුව කැනඩා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම සමඟින් පැවැත්වෙන තරගය හෙට (29) Southend Club ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















