ICC ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද (13) සාන්ත ලුසියා හී ඩැරන් සමී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර A කාණ්ඩයේ තරගයෙන් කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ සමත් විය.
කතාන්දර කොතෙක් තිබුණත් දක්ෂතා එසේ නොවේ
ආජන්ටිනාවේ දී පැවති තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 …
කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාවගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ලකුණු 99ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ තවත් පන්දු 9ක් ඉතිරිව තිබිය දී කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 102ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැත. පළමු කඩුල්ල ඉනිමේ තෙවැනි පන්දු වාරයේ දී අහිමි වූයේ නායිකා චමරි අතපත්තු ලකුණු 3කට දැවී යෑමත් සමගිනි. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ ලකුණු 5ක් ලෙසිනි. ඒ හා සමඟම දෙවැනි කඩුල්ල ද ඊළඟ පන්දු වාරයේ දී අහිමි විය. එවර දකුණු අප්‍රිකානුවන්ට ගොදුරු වූයේ යසෝදා මෙන්ඩිස් (1) ය.
තෙවැනි කඩුල්ල වෙනුවෙන් යන්තම් ලකුණු 21ක සබඳතාවක් ගොඩ නැගෙමින් පවතිද්දී හසිනි පෙරේරා ද තම කඩුල්ල අහිමි කර ගත්තේ ය. ඒ වෙද්දී ඇය ලබා සිටි ලකුණු සංඛ්‍යාව 6ක් වූ අතර ශ්‍රී ලංකා ඉනිම ලකුණු 26ක් විය.
අනතුරුව ශෂිකලා සිරිවර්ධන සහ ඕෂදී රණසිංහ එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 18ක සබඳතාවක් එක් කිරීමට සමත් වූහ. ශෂිකලා සිරිවර්ධන පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ලබා ගත්තා ය. ඕෂදී රණසිංහ ලබා ගත් ලකුණු සංඛ්‍යාව 5කි.
නිලක්ෂි ද සිල්වා ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 67 රැඳී තිබුණි. ඇයත් එෂානි ලොකුසූරියත් (9) එක්ව එම කඩුල්ල සඳහා එක් කළ ලකුණු සංඛ්‍යා 19කි. ඉනිමේ හොඳම කඩුලු සබඳතාව ඩිලාන් මනෝදරා සහ එෂානි ලොකුසූරිය එක්ව ගොඩ නැගූහ. 7 වැනි කඩුල්ලට ඔවුන් එක් කළ ලකුණු සංඛ්‍යාව 31කි.
කතාන්දර කොතෙක් තිබුණත් දක්ෂතා එසේ නොවේ
ආජන්ටිනාවේ දී පැවති තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 …
එම කඩුල්ල ලකුණු 98 දී අහිමි වූ අතර ඉනිම අවසන් වෙන විට ඩිලානි මනෝදරා පන්දු 12කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ලබා සිටියේ ය. ඇයත් සමඟ අනෙක් පසින් උදේශිකා ප්‍රබෝධනී ලකුණු නොලබා පිටියේ රැඳී සිටි අතර ශ්‍රීපාලි වීරක්කොඩි ලකුණු නොලබාම දැවී ගියා ය.
කඩුලු බිඳ දැමීමේ දී ශබ්නිම් ඉස්මයිල් ලකුණු 10කට කඩුලු 3ක් ලබා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා ය.
පිළිතුරු ඉනිම වෙනුවෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ පිටියට පිවිසියේ තරමක් ප්‍රමාද වෙමිනි. ඒ ශ්‍රී ලංකා ඉනිම අවසානයේ ඇද වැටුණ වර්ෂාව හේතුවෙනි.
මද පමාවකින් ආරම්භ වූ දකුණු අප්‍රිකා ඉනිමේ ආරම්භක කඩුලු ද්විත්වය ලකුණු 6ක් වෙද්දී නැවත ක්‍රීඩා විවේකාගාරය වෙත හරවා යැවීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ඉනිමේ ආරම්භක පන්දු වාරයේ අවසන් පන්දුවේ දී ලෝරා වොල්වර්ඩ් ලකුණු 4ක් ලබා සිටිය දී දවා ගැනීමට උදේශිකා ප්‍රබෝධනී සමත් වූවා ය. අනතුරුව යැවුණ පන්දු වාරයේ පළමු පන්දුවේ දී ලිසෙල්ලි ලී (1) ශ්‍රීපාලි වීරක්කොඩිගේ පන්දුවකට ඩිලානි මනෝදරා වෙත උඩපන්දුවක් දෙමින් දැවී ගියා ය.
කතාන්දර කොතෙක් තිබුණත් දක්ෂතා එසේ නොවේ
ආජන්ටිනාවේ දී පැවති තෙවැනි යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 …
ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන්ට පන්දු 7ක් තුළ ලත් උද්දාමය පමණක් හිමිකර දෙමින් ඉන් අනතුරුව ඉනිම පවත්වා ගෙන යෑමට දකුණු අප්‍රිකාවෝ සමත් වූහ.
ඔවුන්ගේ තෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 67කි. මරිසන්නේ කෙප් සහ නායිකා ඩැන් වැන් නිකේක් එක්ව මෙම සබඳතාව ගොඩ නගමින් පවතිද්දී ශෂිකලා සිරිවර්ධනගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින් මරිසන්නේ කෙප් දැවී ගියා ය. ඒ වන විට ඇය පන්දු 44කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියා ය.
ඉනිම අවසන් වන විට නායිකා ඩැන් වැන් නිකේක් පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ලබා සිටි අතර අනෙක් අන්තයෙන් මිග්නන් ඩු ප්‍රීස් පන්දු 16ක දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා ගෙන සිටියා ය.
පන්දු යැවීමේ දී ශෂිකලා සිරිවර්ධන තම පන්දුවාර 4 ලකුණු 12කට සීමා කරමින් කඩුල්ලක් දවා ගත්ත ද අනෙකුත් පන්දු යවන්නියන්ට එරෙහිව දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ සාර්ථකව මුහුණ දෙමින් තරගය ජයග්‍රහණය කරා ගෙන ගිය හ. උදේශිකා ප්‍රබෝධනී සහ ශ්‍රීපාලි වීරක්කොඩිට ද කඩුල්ල බැගින් හිමි විය.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 8ක් දැවී 99 (20): ශෂිකලා සිරිවර්ධන 21, ඩිලානි මනෝදරා නොදැවී 20, ශබ්නිම් ඉස්මයිල් 3/10
දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 3ක් දැවී 102 (18.3): මරිසන්නේ කේප් 38, ඩෑන් වැන් නිකේක් නෙදැවී 33, මිග්නන් ඩු ප්‍රීස් නොදැවී 16, ශෂිකලා සිරිවර්ධන 1/12
ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 15 වැනිදා බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග සාන්ත ලුසියා හිදී ම පැවැත්වීමට නියමිත ය.
එංගලන්තය සහ බංග්ලාදේශ අතර තරගය (A කාණ්ඩය)
සාන්ත ලුසියා හි දී පැවති මෙම තරගයෙන් එංගලන්ත ක්‍රීඩිකාවෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.
එංගලන්ත කණ්ඩායමේ ක්‍රිස්ටි ගොර්ඩන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් නම් කෙරුණි.
බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 9ක් දැවී 76 (20)
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 3ක් දැවී 64 (9.3)
තරගාවලියේ තවත් උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <






















