13 වැනි කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන තවත් පුහුණු තරග ද්විත්වය (27) අවසන් වුණා.
එහි දී මෙරට දී පැවැති ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයෙන් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ ලකුණක ජයග්‍රහණයක් ද සහ ඉන්දියාවේ දී පැවැති ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගයෙන් ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 4ක ජයග්‍රහණයක් ද ලබා ගත්තා.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර තරගය (දිවා/රාත්‍රී) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
කාසියේ වාසිය දිනාගත් බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 242ක් ලබා ගන්නවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ Sharmin Akhter. ඇය පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 71ක් ලබා ගන්නවා.
ඊට අමතර ව Sumaiya Akter පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 38ක් ද සහ Rubya Haider පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 33ක් ද ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී කවීෂා දිල්හාරි, දෙව්මි විහංගා සහ මල්කි මදාරා කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලබා ගන්නේ ලකුණු 241ක් පමණයි. එම ඉනිම වෙනුවෙන් නිලක්ෂිකා සිල්වා සහ කවිෂා දිල්හාරි අර්ධ ශතක ඉනිම් වාර්තා කරනවා.
ඔවුන් දෙදෙනා එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 102ක දී ලකුණු 98ක සබඳතාවක් ගොඩ නගන අතර එහි දී කවීෂා දිල්හාරි පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 63කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
නිලක්ෂිකා සිල්වා 8 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 75ක් ලබා සිටියා.
ඊට අමතර ව ආරම්භක පිතිකාරිනී හසිනි පෙරේරා පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත් අතර හර්ෂිතා සමරවික්‍රම පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Nahida Akter ලකුණු 28කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Fahima Khatun සහ Marufa Akter කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
බංග්ලාදේශ කාන්තා කණ්ඩායම – කඩුලු 8ක් දැවී 242 (50.0) Rubya Haider 33, Sharmin Akhter 71, Nigar Sultana 20, Sumaiya Akter 38, Fahima Khatun නොදැවී 26, මල්කි මදාරා 2/38, කවීෂා දිල්හාරි 2/24, දෙව්මි විහංගා 2/26
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 241 (50.0) හසිනි පෙරේරා 34, හර්ෂිතා සමරවික්‍රම 25, කවීෂා දිල්හාරි 63, නිලක්ෂිකා සිල්වා 75, Marufa Akter 2/49, Nahida Akter 3/28, Fahima Khatun 2/38
බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට ලකුණක ජයක්.
- කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ සුල-මුල
- Isabella සහ Natalie ශතක ලබා ගනී
- කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ සුල-මුල (තරාගවලි 1 සිට 6 දක්වා)
- 19න් පහළ යෞවනයෝ කොදෙව් හී පෑ දක්ෂතා
- කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ඉන්දියාව සහ නවසීලන්තය අතර තරගය (දිවා/රාත්‍රී) Bengaluru BCCI ක්‍රීඩාංගණයේ දී.
වර්ෂාව හේතුවෙන් පන්දුවාර 42.0කට සීමා වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 232ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඉන්දීය ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.
නවසීලන්ත ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනිය වන්නේ නායිකා Sophie Devine. ඇය පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 54ක් ලබා ගත්තා.
ඇය Amelia Kerr සමඟ එක වෙමින් 3 වැනි කඩුල්ලට ලකුණු 91ක සබඳතාවක් ගොඩ නගනවා. Amelia Kerr පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 40ක් ලබා ගත්තා.
ඊට අමතර ව නවසීලන්ත ඉනිම අවසන් වන විට Maddy Green පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 49ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Shree Charani ලකුණු 49කට කඩුලු 3ක් දවා ගත් අතර Kranti Goud සහ Arundhati Reddy කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
ඉන්දීය පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වෙන්නේ Harleen Deol. ඇය තම ඉනිම නොදැවී අත් හැර යන විට පන්දු 79කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 74ක් ලබා සිටියා.
ඇය නායිකා Harmanpreet Kaur සමඟ 3 වැනි කඩුල්ලට ලකුණු 132ක සබඳතාවක් ද ගොඩ නගනවා. Harmanpreet Kaur ලබා ගත් ලකුණු සංඛ්‍යාව 69ක්. ඇය ඒ සඳහා පන්දු 86කට මුහුණ දෙන අතර හතරේ පහර 8ක් ඊට ඇතුලත් කරනවා. ඊට අමතර ව Uma Chetry පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී Bree Illing සහ Jess Kerr කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
නවසීලන්ත කාන්තා කණ්ඩායම – කඩුලු 8ක් දැවී 232 (42.0) Amelia Kerr 40, Sophie Devine 54, Maddy Green නොදැවී 49, Isabella Gaze 21, Kranti Goud 2/31, Arundhati Reddy 2/42, Shree Charani 3/49
ඉන්දියා කාන්තා කණ්ඩායම – කඩුලු 6ක් දැවී 237 (40.2) Uma Chetry 38, Harleen Deol 74, Harmanpreet Kaur 69, Bree Illing 2/34, Jess Kerr 2/43
ඉන්දියා කාන්තා කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන් තවත් පුහුණු තරග ද්විත්වයක් අද (28) මෙරට දී සේ ම ඉන්දියාවේ දී ද පැවැත්විමට නියමිතයි.
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















