Home Sinhala නිලක්ෂිකාගේ වේගවත් ඉනිමට වර්ෂාවෙන් කෙනෙහිළි

නිලක්ෂිකාගේ වේගවත් ඉනිමට වර්ෂාවෙන් කෙනෙහිළි

ICC Women's World Cup

28
ICC Women's World Cup

පන්දු 26ක් වැය කරමින් මෙවර ලෝක කුසලානයේ වේගවත් ම අර්ධ ශතකය වාර්තා කිරීමේ ගෞරවය නිලක්ෂිකා සිල්වා විසින් හිමි කර ගත්ත ද එහි ප්‍රතිඵලයක් නොලබමින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නවසීලන්තය සමඟින් අද (14)  පැවැති දිවා/රාත්‍රී තරගය විසඳුමකින් තොර ව අවසන් වුණා.

ඒ අනුව කණ්ඩායම 2ට ම ප්‍රසාද ලකුණ බැගින් හිමි වූ අතර ශ්‍රී ලංකාව මෙතෙක් සහභාගී වූ  තරග අතුරින් එලෙසින් අවසන් වූ 2 වැනි තරගයයි මේ. මීට පෙර ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වීමට නියමිතව තිබූ තරගය පන්දුවක් හෝ නොයවමින් අතහැර දැමුණ අතර ප්‍රසාද ලකුණු පුවරුවේ ශ්‍රී ලංකාව සතු වෙන්නේ එම තරග ද්විත්වයෙන් ලද ලකුණු 2 පමණයි.

එම තරග ද්විත්වයට අමතර ව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉන්දියාව සහ එංගලන්ත හමුවේ පරාජයට පත් වූ අතර මේ වන විට ඔවුන් තරග 4ක් අවසානයේ සැකසුණ ප්‍රසාද ලකුණු පුවරුවේ රැඳී සිටින්නේ කණ්ඩායම් 8ක් අතුරින් 7 වැනි ස්ථානයේයි.

අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 258ක් ලබා ගත් අතර එතැන් සිට පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තරගය නැවත ආරම්භ කිරීමට සිදු වෙන්නේ නැහැ.

මෙම තරගයේ දී පෙර තරගයට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවන්ගෙන් දෙව්මි විහංඟා සහ උදේශිකා ප්‍රබෝධනී ඉවත් කර තිබූ අතර ඒ වෙනුවට ප්‍රථම වරට පියුමි වත්සලා සහ මල්කි මදාරා මෙම තරගාවලියට එක් කර තිබුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, කවිශා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, පියුමි වත්සලා, අනුශ්කා සංජීවනී (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි, මල්කි මදාරා සහ ඉනෝකා රණවීර.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Sophie Devine (නායිකාව), Suzie Bates, Georgia Plimmer, Amelia Kerr, Brooke Halliday, Maddy Green, Isabella Gaze (කඩුලු රකින්නිය), Jess Kerr, Rosemary Mair, Eden Carson, Bree Illing.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකාරිනියන් වූ විශ්මි ගුණරත්න සහ නායිකා චමරි අතපත්තු සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. ඒ අනුව ඔවුන් දෙදනො එක් ව පළමු කඩුල්ලට එක් කළ ලකුණු සංඛ්‍යාව 101ක්. ඒ සඳහා පන්දු 139ක් වැය වෙනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ චමරි අතපත්තුගේ දැවී යැමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 53ක් ලබා සිටියා. එය ඇයගේ එක්දින ජාත්‍යන්තර තරග පිටියේ 20 වැනි අර්ධ ශතක වූ අතර මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් රැස් කරන ලද පළමු අර්ධ ශතකයයි.

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට එක් වෙන්නේ හසිනි පෙරේරා. ඇය සහ විශ්මි ගුණරත්න එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 25ක දී ලකුණු 24ක් එක් කරමින් සිටිය දී විශ්මි ගුණරත්න ලකුණු 42කට දැවී යනවා. ඒ වෙද්දී ඇය පන්දු 83කට මුහුණ දී සිටි අතර හතරේ පහර 3ක් ඊට එක් කර තිබුණා.

අනතුරු ව හසිනි පෙරේරා සහ හර්ෂිතා සමරවික්‍රම 3 වැනි කඩුල්ල සඳහා පන්දු 72ක දී ලකුණු 58ක් එක් කරනවා. එම සබඳතාව බිඳ වැටෙන්නේ හර්ෂිතා සමරවික්‍රම ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා.

එම දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 5 වැනි පන්දුවේ දී කවිෂා දිල්හාරි ලකුණු 4කට දැවී යන අතර ඉන් පසුව කඩුල්ලට හසිනි පෙරේරා ද දැවී යනවා. හසිනි පෙරේරා දැවී යන විට පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 44ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට පිතිකරු ලැයිස්තුවේ අංක 6 ස්ථානයෙන් පිටියට පිවිසි නිලක්ෂිකා සිල්වා පන්දු 28කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 55ක් ලබා සිටියා.

එය ඇයගේ 51ක් වන එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ සිව් වැනි අර්ධ ශතකය වන අතර ඒ සමඟින් ඇය තම එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ලකුණු 1000ක් වාර්තා කිරීමේ කඩඉමට ද පිවිසියා.

ඇය 6 වැනි කඩුල්ල වෙනුවෙන් පියුමි වත්සලා සමඟ එක් වෙමින් පන්දු 30ක දී ලකුණු 35ක සබඳතාවක් ද සහ අනුශ්කා සංජීවනී එක් ව 6 වැනි කඩුල්ලට පන්දු 14ක දී ලකුණු 25ක සබඳතාවක් ද එක් කරනවා.

එහි දී පියුමි වත්සලා පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සමගින් ලකුණු 7ක් ද සහ අනුශ්කා සංජීවනී පන්දු 6ක දී නොදැවී ලකුණු 6ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Sophie Devine ලකුණු 54කට කඩුලු 3ක් ලබා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර Bree Illing කඩුලු ද්විත්වයක් ද, Rosemary Mair කඩුල්ලක් ද දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 253 (50.0)විශ්මි ගුණරත්න 42, චමරි අතපත්තු 53, හසිනි පෙරේරා 44, හර්ෂිතා සමරවික්‍රම 26, නිලක්ෂිකා සිල්වා නොදැවී 55, Bree Illing2/39, Sophie Devine 3/54

තරගයේ විසඳුමක් නෑ.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය මේ මස 17 වැනිදා දකුණු අප්‍රිකාව සමඟින් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result
Sri Lanka Women
258/6 (50)
New Zealand Women

Batsmen R B 4s 6s SR
Vishmi Gunaratne b Rosemary Mair 42 83 3 0 50.60
Chamari Athapaththu c Maddy Green b Sophie Devine 53 72 7 0 73.61
Hasini Perera c Isabella Gaze b Bree Illing 44 61 6 0 72.13
Harshitha Samarawickrama c Isabella Gaze b Bree Illing 26 31 2 0 83.87
Kavisha Dilhari c Suzie Bates b Sophie Devine 4 4 1 0 100.00
Nilakshika Silva not out 55 28 7 1 196.43
Piumi Wathsala c Bree Illing b Sophie Devine 7 15 1 0 46.67
Anushka Sanjeewani not out 6 6 0 0 100.00
Extras 21 (b 3 , lb 3 , nb 0, w 15, pen 0)
Total 258/6 (50 Overs, RR: 5.16)
Bowling O M R W Econ
Bree Illing 7 0 39 2 5.57
Rosemary Mair 6 0 29 1 4.83
Eden Carson 9 0 44 0 4.89
Jess Kerr 7 0 34 0 4.86
Amelia Kerr 10 0 40 0 4.00
Sophie Devine 9 0 54 3 6.00
Maddy Green 2 0 12 0 6.00