13 වැනි කාන්තා ලෝක කුසලාන තරගාවලියේ තවත් තරග කිහිපයක් පසුගිය දිනවල දී නිමා වූ අතර ඒ අතර එහි දී දකුණු අප්‍රිකාවේ Tazmin Brits තවත් මාස 2ක කාලයක් ඉතිරි ව තිබිය දී කැලැන්ඩර් වසරක් තුළ වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනියන් අතර පෙරමුණට පිවිසීමට සමත් වූවා.
- 7 වැනි තරගය (දිවා/රාත්‍රී), Indore, ඔක්තෝබර් 06, 2025, ICC Women’s World Cup
කාසියේ වාසිය – නවසීලන්තය
- නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 231 (38.3) Georgia Plimmer 31, Amelia Kerr 23, Sophie Devine 85, Brooke Halliday 45, Nonkululeko Mlaba 4/40
- දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 4ක් දැවී 234 (40.5) Tazmin Brits 101, Sune Luus 83, Amelia Kerr 2/62
දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Tazmin Brits (දකුණු අප්‍රිකාව)
නිමා වූ තරගයේ සුවිශේෂී වාර්තාවන්.
232 : දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ මෙම තරගයේ දී ලකුණු 232ක් හඹා ගොස් ජයග්‍රහණය කරන අතර එය කාන්තා ලෝක කුසලාන තරග ඉතිහාසයේ නවසීලන්තයට එරෙහි ව කණ්ඩායමක් විසින් හඹා ගිය වැඩිම ලකුණු සංඛ්‍යාව වූවා.
ඊට පෙර මෙම වාර්තාවේ රැඳී සිටියේ ද දකුණු අප්‍රිකානුවන් වීම ම විශේෂත්වයක්. ඔවුන් 2022 වසරේ Hamilton හි දී ලකුණු 229ක් හඹා යමින් කඩුලු 2ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.
101 : Tazmin Brits ලබා ගත් මෙම ශතකයත් සමඟින් කාන්තා එක්දින ලෝක තරග ඉතිහාසයේ කැලැන්ඩර් වසරක් තුළ වැඩිම ශතක ලැබූ පිතිකාරිනිය බවට පත් වූවා. ඇය මෙතෙක් නිමා වූ මෙම වසරේ දී ඉන්දියාවට (109), බටහිර ඉන්දීය කොදෙව්වන්ට (101), පාකිස්තානයට (101*) සහ නැවත පාකිස්තානයට එරෙහි ව (171*) ලෙසින් ශතක වාර්තා කර තිබෙනවා.
ඊට පෙර කැලැන්ඩර් වසරක් තුළ මෙතෙක් වැඩිම ශතකලාභී පිතිකාරිනිය බවට පත් ව සිටියේ ඉන්දියාවේ Smriti Mandhana. ඇය නිමා වූ 2024 වසරේ දී සේ ම මේ වසරේ දී ද ශතක 4ක් බැගින් ලබා ගනිමින් මේ ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැඳී සිටියා.
- Tazmin Brits ගේ මෙම ඉනිම තරග 7ක් වන ලෝක කුසලාන තරගවල මංගල ශතකයයි. ඇය ගේ මෙම තරග ලැයිස්තුවේ මීට පෙර තිබූ වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට එරෙහි ව 2022 ලෝක කුසලානයේ දී Mount Maunganui හි දී පන්දු 46කින් ලබා ගත් ලකුණු 23යි.
- Tazmin Brits විසින් මේ රැස් කළේ තම තරග 41ක් වන ජාත්‍යන්තර කාන්තා එක්දින තරගවල 7 වැනි ශතකයයි.
- ඇය තම ශතකය 87 වැනි පන්දුවේ දී වාර්තා කරන ලද අතර එය ඇයගේ ශතක අතර වේගවත් ම ශතකය ද වූවා මෙන් ම නවසීලන්ත කාන්තා එක්දින තරග ඉතිහාසයේ සිව් වැනි වේගවත් ම ශතකය බවට ද පත් වුණා.
- ඇය ගේ මෙම ඉනිමත් සමඟින් මේ වසරේ දී මේ වන විට එක්දින ජාත්‍යන්තර ලකුණු 749ක් ලබා සිටිනවා. එය නවසීලන්ත තරග ඉතිහාසයේ කැලැන්ඩර් වසරක් තුළ 2 වැනියට ලැයිස්තු ගතවන වැඩිම දක්ෂතාවයි.
මෙහි පළමු ස්ථානය වෙන්කර ගෙන තිබෙන්නේ Laura Wolvaardt. ඇය 2022 වසරේ දී ලකුණු 882ක් ලබා ගනිමින් ස්ථානයේ රැඳී සිටිනවා.
159 : Tazmin Brits සහ Sune Luus එක් ව 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 159ක සබඳතාවක් එක් කරන ලද අතර එය දකුණු අප්‍රිකා කාන්තා එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සබඳතාව බවට පත් වුණා.
එහි ඊට පෙර රැදී තිබුණේ Cuttack වසරේ දී Marizanne Kapp සහ Dane van Niekerk විසින් පාකිස්තානයට එරෙහි ව 6 වැනි කඩුල්ලට නොදැවී එක් කළ ලකුණු 128යි.
- මෙම තරගයේ දී එක් වූ ලකුණු 159 දකුණු අප්‍රිකා කාන්තා එක්දින ලෝක කුසලාන තරග ඉතිහාසයේ 2 වැනි කඩුල්ල සඳහා වන තෙවැනියට වැඩිම ලකුණු සංඛ්‍යාවයි. එහි පළමු ස්ථානය 2017 වසරේ දී Potchefstroom අයර්ලන්තයට එරෙහි ව Trisha Chetty සහ Laura Wolvaardt එක් ව ලබා ගත් ලකුණු 179ත් සහ 2 වැනි ස්ථානය 2022 වසරේ දී Dublin හි දී Lara Goodall සහ Andrie Steyn එක් ව නොදැවී ලබා ගත් 165ත් ඇතුලත්.
30 : නවසීලන්තය වෙනුවෙන් කාන්තා එක්දින තරග ඉතිහාසයේ වැඩිම කඩුලු (119) ලබා ඇති දකුණතින් මද වේග පන්දු යවන Lea Tahuhu නිමා වූ මෙම තරගයේ දී ලබා ගත් කඩුල්ලත් සමඟින් කාන්තා ලෝක කුසලාන තරග ඉතිහාසයේ නවසීලන්ත පන්දු යවන්නියක විසින් දවා ගත් වැඩිම කඩුලු අතර පළමු ස්ථානයට පත් වීමට සමත් වූවා.
ඊට පෙර මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැඳී සිටියේ කඩුලු 29ක් දවා ගෙන සිටි දකුණතින් පිට දඟ පන්දු යැවූ Catherine Campbell.
350 : නවසිලන්තයේ Suzie Bates මෙම තරගයත් සමඟින් ජාත්‍යන්තර තරග වැඩිම ප්‍රමාණයකට සහභාගී වූ ක්‍රීඩිකාව බවට පත් වූවා. ඇයගේ මෙම එකතුව එක්දින ජාත්‍යන්තර තරග 173කින් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 173කින් සමන්විතයි.
- ශ්‍රී ලංකා ක්‍රිකට් නව පුහුණුකරුවන් දෙදෙනෙකු කැඳවයි
- Stats : දකුණු අප්‍රිකාව 69ට දැවී යයි
- Stats : ඉනෝකා සහ උදේශිකා ජ්‍යෙෂ්ඨයන් අතර පෙරමුණ ගනී
- දකුණු අප්‍රිකාව සහ එංගලන්තය ජයග්‍රහණ වාර්තා කරයි
- කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ සුල-මුල
- 8 වැනි තරගය (දිවා/රාත්‍රී), Guwahati, ඔක්තෝබර් 07, 2025, ICC Women’s World Cup
කාසියේ වාසිය – එංගලන්තය
- බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 178 (49.4) Sharmin Akhter 30, Sobhana Mostary 60, Rabeya Khan නොදැවී 45, Linsey Smith 2/33, Sophie Ecclestone 3/24, Charlie Dean 2/28, Alice Capsey 2/31
- එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 182 (46.1) Heather Knight නොදැවී 79, Nat Sciver-Brunt 32, Alice Capsey 20, Charlie Dean නොදැවී 27, Marufa Akter 2/28, Fahima Khatun 3/16
එංගලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 4ක ජයක්.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Heather Knight (එංගලන්තය)
නිමා වූ තරගයේ සුවිශේසී වාර්තාවන්
94 : මෙම තරගයත් සමඟින් කාන්තා ලෝක කුසලාන තරග ඉතිහාසයේ වැඩි ම තරග සංඛ්‍යාවකට සහභාගී වූ කණ්ඩායම් අතර ඕස්ට්‍රේලියාව සමඟින් සම ව අසුන් ගැනීමට එංගලන්ත ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
60 : බංග්ලාදේශයේ Sobhana Mostary, මෙම තරගයේ දී අර්ධ ශතකයක් වාර්තා කරන ලද අතර එය ඇයගේ එක්දින ජාත්‍යන්තර තරග 25ක හොඳම ඉනිමයි.
- එමෙන් ම ඇය විසින් මේ එක් කරනු ලැබුවේ ලෝක කුසලා තරග ඉතිහාසයේ බංග්ලාදේශ ක්‍රීඩිකාවක් තෙවැනියට වාර්තා කරන ලද අර්ධ ශතකය ලෙසිනුයි.
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















