2025 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තමන් ගේ අවසන් තරගයේ දී දකුණු අප්‍රිකාවට එරෙහි ව සුවිශේෂී ජයග්‍රහණයක් ලබා ගත් ඕස්ට්‍රේලියානුවෝ කාන්තා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට තවත් වාර්තා කිහිපයක් ම එක් කළා.
- 26 වැනි තරගය (දිවා/රාත්‍රී), Indore,ඔක්තෝබර් 25, 2025, ICC Women’s World Cup
කාසියේ වාසිය – ඕස්ට්‍රේලියාව
දකුණු අප්‍රිකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – සියලුම දෙනා දැවී 97 (24.0)Laura Wolvaardt 31, Sinalo Jafta 29, Alana King 7/18
ඕස්ට්‍රේලියාකාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 3ක් දැවී 98 (16.5) Georgia Voll නොදැවී 38, Beth Mooney 42, Marizanne Kapp 1/11
ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – Alana King (ඕස්ට්‍රේලියාව)
Stats : Alana King රජ ඉනිමක නිරත වෙයි
නිමා වූ තරගයේ සුවිශේෂී කඩඉම්
15 : කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ පිට පිට වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගත් කණ්ඩායම ලෙසින් මේ වෙද්දී වැජඹී සිටින්නේ ඕස්ට්‍රේලියාවයි. එය තරග 15ක දිගුවක්.
ඔවුන් පළමු වරට මේ වාර්තාව සතු කර ගන්නේ 1997 ලෝක කුසලාන තරගාවලියේ දී තරග 7ක් සහ 2000 ලෝක කුසලාන තරගාවලියේ දී තරග 8ක් ජයග්‍රහණය කරමිනුයි.
එදා ඔවුන්ගේ මේ ජයග්‍රහණ දාමය කඩා දමන්නේ නවසීලන්තය විසිනුයි. එවර තරගාවලියේ අවසන් තරගය වූ එම තරගයෙන් නවසීලන්තය ලකුණු 4ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.
ඉන් අනතුරු ව නැවත ඕස්ට්‍රේලියාව මේ දාම ජයග්‍රහණ මාවතට පිවිසෙන්නේ 2017 ලෝක කුසලාන තරගාවලියේ 2 වැනි අවසන් පූර්ව තරගයෙන් ඉන්දියාව හමුවේ ලකුණු 36ක පරාජයක් ලැබීමෙන් අනතුරුවයි.
එතැන් සිට ගෙවුණ ලෝක කුසලාන තරගාවලි ද්විත්වයේ දී ඔවුන් තරග 15ක් ජයග්‍රහණ කරමින් තමන් විසින් ම තබා ඇති මෙම වාර්තාවේ සමතැන් ගැනීමට මේ වෙද්දී සමත් ව සිටිනවා. එම ගමනේ දී ඔවුන් 2022 ලෝක කුසලාන තරගාවලියේ දී පිට පිට තරග 8ක් ජයග්‍රහණය කරන්නේ, තරගාවලියේ අපරාජිතයන් සේ ම එවර ලෝක ශූරියන් ලෙසින් ද අභිශේක ලබා ගනිමිනුයි.
ඉන් අනතුරු ව මෙවර පැවැත්වෙන තරගාවලියේ දී ඔවුන් මේ දක්වා සහභාගී වූ තරග 7 ම ජයග්‍රහණය කරමින් අපරාජිත ව ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය ද හිමිකර ගෙන සිටිනවා.
ඒ අනුව ඔවුන්ට තමන් විසින් ම 1997 සහ 2000 ලෝක කුසලාන තරගාවලි ද්විත්වයේ දී ප්‍රතිඵලයන් අනුව තබා ඇති වාර්තාව අභිබවා යෑමේ මඟ ද මේ වෙද්දී විවර වී තිබෙනවා. ඒ මේ වන විට ද තරගාවලියේ කණ්ඩායම් තීරණය වී ඇති 2 වැනි අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාව පරාජය කිරීමේ අවස්ථාව ලදොත් පමණයි.
- සම සත්කාරකයන්ගේ 2025 ලෝක කුසලාන වන්නම්
- Stats : Mandhana සහ Rawal කාන්තා එක්දින ඉතිහාසය කළඹයි
- Stats : දකුණු අප්‍රිකාව 69ට දැවී යයි
- Stats : Gardner සහ Sophie ශතක ලබා ගනී
97 : මෙම තරගයේ දී දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියානුවන් හමුවේ ලකුණු 97කට තම ඉනිම සීමා කරගන්නා ලද අතර එය එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ දකුණු අප්‍රිකා කණ්ඩායමක් ඕස්ට්‍රේලියාව හමුවේ දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාවයි.
මීට පෙර ඔවුන් ලබා සිටි අඩු ම ලකුණු සංඛ්‍යාව වී තිබුණේ 2024 වසරේ Adelaide හි දී ලකුණු 105කට දැවී යෑමයි.
24.0 : දකුණු අප්‍රිකානුවන්ගේ එම ඉනිම කාන්තා ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායමක් ක්‍රීඩා කළ අඩු ම පන්දුවාර ප්‍රමාණයන් අතර සිවු තැනට පත් ඉනිම වන අතර ඔවුන් මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයේ හැරෙන්නට අනෙක් අවස්ථාවන් ද්විත්වයේ ද රැඳී සිටිම විශේෂත්වයක්.
එහි පළමු ස්ථානයේ රැඳී සිටින්නේ 1997 ලෝක කුසලාන තරගාවලියේ දී Hyderabad හි දී පාකිස්තානය පන්දුවාර 13.4ක දී ඕස්ට්‍රේලියාව හමුවේ දැවී යෑමයි.
100 – : මෙවර තරගාවලියේ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවෝ ලකුණු 100කට අඩුවෙන් දැවී ගිය 2 වැනි අවස්ථාවයි මේ. ඊට පෙර ඔවුන් Guwahati හි දී එංගලන්තය හමුවේ ලකුණු 69කට දැවී යනවා.

7/18 (7.0) : ඇය ගේ මෙම දක්ෂතාව කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියක ඉනිමක දී කඩුලු 7ක් දවා ගත් පළමු අවස්ථාව ලෙසින් ද ඉතිහාසයට එක් වෙනවා.
ඊට පෙර මෙම වාර්තාව සතු කරගෙන සිටියේ 1982 වසරේ දී ඉන්දියාවට එරෙහි ව Auckland හි දී ලකුණු 10කට කඩුලු 6ක් දවා ගත් නවසීලන්තයේ පා දඟ පන්දු යවන Jackie Lord.
- Alana Kingගේ මෙම දක්ෂතාව ඕස්ට්‍රේලියානු කාන්තා එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ හොඳම පන්දු යැවීම බවට ද පත් වුණා.
ඊට පෙර එම වාර්තාව සතු කරගෙන සිටියේ එංගලන්තයට එරෙහි ව 2019 වසරේ දී දකුණතින් මඳ වේග පන්දු යවන Ellyse Perry විසින් එංගලන්තයට එරෙහි ව Canterbury හි දී ලකුණු 22කට දවා ගත් කඩුලු 7යි.
- Alana Kingගේ46ක් වන එක්දින තරග ඉතිහාසයේ ඉහළ ම දක්ෂතාව බවට ද මෙම පන්දු යැවීම පත් වුණා. ඊට පෙර ඇයගේ දක්ෂතාව වී තිබුණේ එංගලන්තයට එරෙහි ව මේ අවුරුද්දේ ජනවාරියේ Hobart හි දී ලකුණු 46කට දවා ගත් කඩුලු 5යි.
21 : මෙම තරගයේ දී Alana King තම පළමු කඩුලු 5 දවා ගැනීම සඳහා වැය කරන්නේ පන්දු 21ක් පමණක් වන අතර එය කාන්තා එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ අඩු ම පන්දු ප්‍රමාණයක් වැය කරමින් දවා ගත් කඩුලු 5 ලෙසින් වාර්තා පොත් අතරට එක් වුණා.
ඊට පෙර එම දක්ෂතාව දක්වා තිබුණේ අයර්ලන්තයේ වමතින් දඟ පන්දු යවන Aimee Maguire, 2024 වසරේ දී එංගලන්තයට එරෙහි ව පන්දු 23කින් දැක් වූ එම දක්ෂතාවයි.
39 : මෙම තරගයේ දී ඕස්ට්‍රේලියාවේ දකුණතින් මඳ වේග පන්දු යවන Megan Schutt කඩුල්ලක් දවා ගන්නා ලද අතර ඒ අනුව ඇය කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම කඩුලුලාභීන් අතර 2 වැනි ස්ථානයේ සම තැන් ගන්නවා.
එහි පළමු ස්ථානය කඩුලු 43ක් දවාගෙන තිබෙන ඉන්දියාවේ Jhulan Goswami රැඳී සිටින අතර අනතුරු ව කඩුලු 39ක් බැගින් දවා ගෙන තිබෙන ඕස්ට්‍රේලියාවේ Lyn Fullston, දකුණු අප්‍රිකාවේ Marizanne Kapp සහ Megan Schutt මෙහි ලැයිස්තු ගත වෙනවා.
- ඒ සමඟින්Megan Schutt ඕස්ට්‍රේලියා කාන්තා ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලුලාභිනියන් අතර Lyn Fullston සමඟ ද සම දක්ෂතා දක්වනවා.
කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















