එංගලන්තය අවසන් මහා තරගයට

ICC U 19 Cricket World Cup 2026

1
ICC U 19 Cricket World Cup 2026

16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගයෙන් ආසන්නත ම වසරේ ලෝක ශූරයන් මෙන් ම මෙවර තරගාවලියේ මේ දක්වා අපරාජිතයන් බවට පත් ව සිටි  ඕස්ට්‍රේලියාව පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ අද (02)  සමත් වෙනවා.  

ඔවුන් වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට එක් වෙන 3 වැනි අවස්ථාවයි මේ. මීට පෙර 1998 දී සහ 2022 වසරවල දී ඔවුන් එම කඩඉමට පිවිසියා.

අද Bulawayo හී Queens ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණඩායම සතු කර ගත්තා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් ගේ ඉනිමේ ආරම්භය අසාර්ථක වූව ද 2 වැනි කඩුල්ලේ දී පන්දු 63ක දී ලකුණු 54ක සබඳතාවක් එක් කිරීමට Joseph Moores සහ  Ben Mayes සමත් වෙනවා.

ඒ අතුරින් Joseph Moores පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගනිමින් 2 වැනි කඩුල්ලට දැවී යන අතර Ben Mayes පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටිය දී 3 වැනි කඩුල්ලට දැවී යනවා.

අනතුරු ව නායක Thomas Rew සහ Caleb Falconer එක් ව 4 වැනි කඩුල්ලට පන්දු 132ක දී ලකුණු 135ක සබඳතාවක් එක් කිරීමට සමත් වෙනවා. ඔවුන් දෙදෙනා අතුරින් Caleb Falconer පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 40ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.

Thomas Rew ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 110ක් ලබා සිටියා.

එංගලන්ත ඉනිම අවසන් වන විට Farhan Ahmed පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 28ක් ලබා සිටි අතර ඒ වෙද්දී එංගලන්ත ඉනිම කියැවුණේ කඩුලු 7කට ලකුණු 277ක් ලෙසයි.

කඩුලු දවා ගැනීමේ දී Hayden Schiller සහ Naden Cooray කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව Will Byrom සහ Aryan Sharma කඩුල්ල බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 250ක් පමණයි.

තවත් පන්දු 15ක් ද ඉතිරි වූ එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක Oliver Peake. ඔහු පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණ 100ක් ලබා ගත්තා. එය ඔහු මෙවර තරගාවලියේ පිට පිට වාර්තා කරන ලද 2 වැනි ශතකයයි.

ඔහුට අමතර ව Nitesh Samuel පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 47ක් ලබා ගනිද්දී Aryan Sharma පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී James Minto, Sebastian Morgan, Ralphie Albert සහ Manny Lumsden කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව Alex French සහ Farhan Ahmed කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • එංගලන්තවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 7ක්දැවී 277 (50.0) Joseph Moores 25, Ben Mayes 24, Thomas Rew 110, Caleb Falconer 40, Farhan Ahmed නොදැවී 28, Hayden Schiller 2/31, Naden Cooray 2/49
  • ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී250(47.3) Nitesh Samuel 47, Oliver Peake 100, Aryan Sharma 34, Sebastian Morgan 2/33, James Minto 2/30, Manny Lumsden 2/55, Ralphie Albert 2/45

එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 27ක ජයක්.

තරගයේ වීරයා – Thomas Rew (එංගලන්තය)

2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<