ඕස්ට්‍රේලියානුවෝ තව දුරටත් අපරාජිත බව රැකගනී

ICC U 19 Cricket World Cup 2026

1
ICC Men's Under-19 World Cup 2026 - 28th January

16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ 14 වැනි දිනය ඊයේ (28) අවසන් වෙද්දී තරගාවලියේ සුපිරි 6 වටයෙන් පිටියට පිවිසි ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්වෝ පරාජය කරමින් තව දුරටත් තරගාවලියේ අපරාජිතවයන් බවට පත් වීමට සමත් වුණා.

31 වැනි තරගය, Super Sixes, Group 1, ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර

Harare ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 314ක් ලබා ගත්තා.

එම ඉනිමේ පළමු කඩුල්ලට ම ලකුණු 73ක සබඳතාවක් එක් කරමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට Will Malajczuk සහ Nitesh Samuel සමත් වුණා. එහි දී Will Malajczuk පන්දු 30කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකණු 48කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.

අනතුරු ව 3 වැනි කඩුල්ලට ද ලකුණු 85ක සබඳතාවක් එක් කිරීමට Nitesh Samuel සහ Oliver Peake සමත් වෙනවා. එවර දැවී යන්නේ Nitesh Samuel. ඒ වෙද්දී ඔහු පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 56ක් ලබා සිටියා.

Oliver Peake ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් 7 වැනි කඩුල්ලට දැවී යද්දී ලකුණු 109කට දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 117කට මුහුණ දී සිටි අතර හතරේ පහර 9ක් සහ හයේ පහරක් ද එල්ල කර තිබුණා.

ඔහු Alex Lee Young සමඟ ද 4 වැනි කඩුල්ලට ලකුණු 69ක සබඳතාවක් ගොඩ නගනවා. එහි දී Alex Lee Young පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 45ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Jakeem Pollard සහ R’Jai Gittens කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.

ලකුණු 315ක දැවැන්ත ඉලක්කයක් කරා යෑමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ ද සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. ඉනිම ආරම්භ කළ Tanez Francis සහ Zachary Carter එක් ව පන්දු 69ක දී ලකුණු 88ක සබඳතාවක් එක් කරනවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Zachary Carter පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 64ක් ලබා ගත්තා. ඊට අමතර ව නායක Joshua Dorne පන්දු 97කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තා.

 ඊට අමතර ව Jewel Andrew පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ද සහ Kunal Tilokani පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී Charles Lachmund ලකුණු 66කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Aryan Sharma සහ Hayden Schiller කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 7ක් දැවී 314 (50.0) Will Malajczuk 48, Nitesh Samuel 56, Oliver Peake 109, Alex Lee Young 45, Jayden Draper 29, Jakeem Pollard 2/37, R’Jai Gittens 2/45
  • බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 9ක් දැවී 292 (50.0) Tanez Francis 27, Zachary Carter 64, Jewel Andrew 44, Joshua Dorne 62, Kunal Tilokani 35, Jonathan van Lange 26, Charles Lachmund 4/66, Hayden Schiller 2/54, Aryan Sharma 2/47

ඕස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 22ක ජයක්.

තරගයේ වීරයා – Oliver Peake (ඕස්ට්‍රේලියාව)

2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<