හොංකොං සය සාමාජික ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහි ව ලකුණු 21ක ජයග්‍රහණයක් ලබා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ Bowl කුසලානය දිනා ගැනීමට සමත් වූවා.
ගිය වර තරගාවලියේ ශූරයන් වූ ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ දී පළමු වටයේ කිසිදු තරගයක් ජයග්‍රහණයක් ලබා නොගැනීම හේතුවෙන් තරගාවලියේ පසු පසට ඇද වැටෙන අතර, ඒ හේතුවෙන් ඔවුන්ට ශූරතා කුසලාන තරගාවලිය අහිමි වෙනවා. ඉන් අනතුරුව පැවැති තරගවල දී ඔවුන් දැක් වූ දක්ෂතා හේතුවෙන් Bowl කුසලාන අවසාන මහා තරගය දක්වා පිවිසෙනවා. ඒ අනුවයි ඔවුන් මෙම කුසලානය දිනා ගන්නේ.
හොංකොං හි Mission Road ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 106ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ් ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලබා ගන්නේ ලකුණු 85ක් පමණයි.
ශ්‍රී ලංකා Sixes කණ්ඩායම
ලහිරු මදුශංක (නායක), ලහිරු සමරකෝන්, සචිත ජයතිලක (කඩුලු රකින්නා), ධනංජය ලක්ෂාන්, නිමේෂ් විමුක්ති, තරිඳු රත්නායක.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය Sixes කණ්ඩායම
Khalid Shah (නායක සහ කඩුලු රකින්නා), Saghir Khan, Muhammad Arfan, Nilansh Keswani, Zahid Ali, Muhammad Farooq.
පළමුවෙන් පන්දුවට පහර දීමට අවස්ථාව ලද ශ්‍රී ලංකාවට තම ඉනිම ආරම්භ කිරීමට සිදු වෙන්නේ අසාර්ථකවයි. පෙර තරගයේ දී අර්ධ ශතකයක් ලබා ගනිමින් ඉනිම අතරමඟ නතර කළ ලහිරු සමරකෝන් පළමු පන්දුවාරයේ දී ම ලකුණු 14කට දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 4කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසියේ සචිත ජයතිලක. ඔහු ඉනිමේ තෙවැනි පන්දුවාරයේ දී හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමඟින් ප්‍රතිවාදීන්ට එරෙහි ව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරමින් ශ්‍රී ලංකා ඉනිම සක්‍රීය කරනවා.
ඒ වෙද්දී කණ්ඩායමේ නායක ලහිරු මධුශංකට සිදූ වූයේ එක් පසෙකට වී බලා සිටීමට පමණයි. ඔහු ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පිවිස, සිව් වැනි පන්දුවාරයේ පළමු පන්දුවේ දී දැවී යන විට පන්දු 4කට පමණක් සහභාගී වෙමින් ලබා සිටියේ ලකුණු 3ක් පමණයි. නමුත් ඔහු සහ සචිත ජයතිලක හා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 15ක දී ලකුණු 48ක සබඳතාවක් එක් කරනවා.
ශ්‍රී ලංකා ඉනිමේ සිව් වැනි පන්දුවාරයේ අවසන් පන්දුවේ දී හයේ පහරක් එල්ල කළ සචිත ජයතිලක පන්දු 13ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 52ක් ලබා ගනිමින් තරගයේ නීති රීති අනුව ඉනිම හැර යනවා.
ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට ධනංජය ලක්ෂාන් පන්දු 9ක දී හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 15ක් ද සහ නිමේෂ් විමුක්ති පන්දු 7ක දී හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 13ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Saghir Khan සහ Zahid Ali කඩුල්ල බැගින් දවා ගන්නවා.
- ශ්‍රී ලංකාව Bowl අවසන් තරගයට සුදුසුකම් ලබයි
- ධනංජය සහ ලහිරුලා UAE පරාජය කරයි
- ආසන්නත ම ශූරයෝ හොංකොං හමුවේ පරාජය වෙයි
- ඉන්දියාව ලෝක ශූරියන්ගේ ලැයිස්තුව ආක්‍රමණය කරයි
- රැජිණියන්ගේ මංගල ගැටුමේ ජය අනුලා විද්‍යාලයට
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩයාමේ වැඩිම ලකුණුලාභියා වූයේ Nilansh Keswani. ඔහු පන්දු 19ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 44ක් ලබා ගන්නවා. ඊට අමතර ව Khalid Shah ආබාධිත තත්ත්වයක් හේතුවෙන් පිටිය හැර යන විට පන්දු 14ක දී හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී නිමේෂ් විමුක්ති සහ ධනංජය ලක්ෂාන් කඩුල්ල බැගින් ලබා සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා Sixes කණ්ඩායම – කඩුලු 2ක් දැවී 106 (6.0) සචිත ජයතිලක නොදැවී පිටියෙන් ඉවත් වූවා 52, ධනංජය ලක්ෂාන් නොදැවී 15, නිමේෂ් විමුක්ති නොදැවී 13, Saghir Khan 1/18
එක්සත් අරාබි එමීර් රාජ්‍ය Sixes කණ්ඩායම – කඩුලු 2ක් දැවී 85 (6.0) Khalid Shah 23, Nilansh Keswani 44, නිමේෂ් විමුක්ති 1/06
ශ්‍රී ලංකා Sixes කණ්ඩායමට ලකුණු 21ක ජයක්.
- තරගයේ වීරයා – සචිත ජයතිලක (ශ්‍රී ලංකාව)
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















