ශ්‍රී ලාංකීය ක්‍රිකට් වංශකතාව දිග්විජය කළ, පාසල් යොවුන් ක්‍රීකට් තරැ සොයායන ගමනේ අද අපේ නවාතැන කැළණිය ගුරුකුළ විද්‍යාලයයි.
අගනුවර තදාසන්න පෙදෙසක ඉතා මනරම් භූමි භාගයක ස්ථානගත වි ඇති කැළණිය ගුරුකුළ විද්‍යාලය, ක්‍රිකට් ක්‍රීඩාවේ මුලකුරු කියවන්නේ 1948 දිය. බොහෝ බාධක හා කම්කටොළු මැද පාසලේ ආරම්භ වන ක්‍රීකට් ක්‍රිඩාවේ පළමු ක්‍රිකට් කණ්ඩායම දේශීය පාසල් ඉතිහාසයට එක්වන්නේ වර්ෂ 1960 දිය. එදා මෙදා තුර මෙම පාසලෙන් දේශීය ක්‍රිකට් වංශකතාවට දයාද කළ ක්‍රීඩකයින් ගණන අතිවිශාලය. එය මනාවට කියාපාමින් 2011 වර්ෂයේ දි වයස අවුරුදු 19 පහළ ජාතික යොවුන් ක්‍රිකට් කණ්ඩායමට ගුරුකුළ සිංහ පැටව් දෙදෙනකු දයාද කරයි. ඔවුන් නමින් අශාන් දුමිදු සහ රොෂාන් අනුරුද්ධය.
දෙළොස් වසරක සිට අද දක්වා ගුරුකුළ ක්‍රිකට් කණ්ඩායමට තම ස්වකිය ගුරුහරුකම් ලබාදෙමින් ඔවුන් සුපෝෂිත ක්‍රීඩකයින් කරන ගුරුකුළයේ වර්තමාන පුහුණුකරු ලාල් සේනාරත්න මහතා අප හා මෙලෙස එක් විය.
ඇත්තටම මගේ කණ්ඩායම ඉතා හොද දක්ෂතා අතර සිටින කණ්ඩායමක්. අප පසුගිය තරඟ කාල සිමාවේ ජයග්‍රහණය ත්‍රිත්වයක් වාර්තා කොට තිබෙනවා. අපේ අරමුණ ගෙවුනු අවසන් අදියරයෙන් පාඩම් උගෙන අනාගතය සැලසුම් කිරිමයි.

`මේ මගේ පස්වන වසරයි. මගේ අත්දැකීම් උපයෝගි කරගෙන අප සහභාගි වු තරඟ සදහා ශක්තිමත්ව මුහුණ දුන්නා. අද මේ මට්ට්ම දක්වා කණ්ඩායම ගෙන එමට විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයත් විශේෂයෙන්ම අපේ පුහුණුකරු ලාල් සර්ගෙනුත් විශාල පිටුවහලක් ලැබුණා. අපේ අරමුණ මේ වසරත් ගුරුකුළ ක්‍රිකට් කණ්ඩායමට ජයග්‍රාහී වසරක් කරන්නයි.´

දක්ෂතා මතින් ඉදිරියට ඇදෙන ගුරුකුළ සිංහ පෝතකයින්ට ඉදිරි ගමන අතිශය දුෂ්කර වනු ඇත. නමුත් එය යථාර්ථයක් කරගන්නට පුහුණුකරුගේ දොළොස් වසරක අත්දැකීම් ද සහ ක්‍රීඩකයින්ගේ අප්‍රතිහත උත්සහය ද ඔවුන්ව ජයග්‍රහණය සදහා කැදවාගෙන යනු ඇත.
ඔවුන්ගේ එම සුබ සිහින යථාර්ථයක් වේවායි ThePapare.com අපේ පැතුමයි.






















