සංචාරක එංගලන්ත කණ්ඩායම හා සමඟ පැවැත්වෙන් තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ හෙට (22) සිට ආරම්භ වීමට නියමිතයි. මෙම තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට යෝජිතයි.
1 වැනි එක්දින තරගය – ජනවාරි 22දා
2 වැනි එක්දින තරගය – ජනවාරි 24දා
3 වැනි එක්දින තරගය – ජනවාරි 27දා
>>එංගලන්තය සමඟ ගැටෙන ශ්‍රී ලංකා එක්දින සංචිතය ප්‍රකාශයට පත් කරයි!<<
දෙරට ඉතිහාසය මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 79කින් සමන්විත අතර ඉන් තරග 38ක ජයග්‍රහණ එංගලන්තය ද සහ තරග 37ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව ද සතු කර ගෙන තිබෙනවා. ඉතිරි තරග අතුරින් එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් ව ඇති අතර අනෙක් තරග 3 නිමා ව ඇත්තේ විසඳුමකින් තොරවයි.
ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ ජාත්‍යන්තර තරගාවලියක් සඳහා එක් වෙන පළමු රට වෙන්නේ එංගලන්තයයි. ඒ 1982 වසරේ දී එංගලන්ත කණ්ඩායමේ මෙරට සම්ප්‍රාප්තියත් සමඟිනුයි. එම තරගාවලියේ පළමු තරගයෙන් කඩුලු 5ක පරාජයකට මුහුණ දෙන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පැවැති 2 වැනි තරගයෙන් ලකුණු 3ක ජයග්‍රහණයක් හිමි කර ගනිමින් තරගාවලිය 1-1ක් ලෙසින් නිමා කිරීමට සමත් වීම කැපී පෙණුණා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එම තරගාවලිය සඳහා එක් වෙන්නේ 1979 වසරේ පැවැති 2 වැනි ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරු ව වසර 3කට පසුවයි. ඒ වෙද්දී ඔවුන්ගේ එක්දින තරග ඉතිහාස තරග 6කට පමණක් සීමා වී තිබූ අතර ඉන් තරග 4ක් පරාජය වී තවත් තරගයක් නොවිසදී නිමා වී තිබූණා. අනෙක් තරගය ශ්‍රී ලංකා ඉතිහාසයට එක් ව තිබුණේ මෙරට ජයග්‍රාහී මංගල එක්දින ජාත්‍යන්තර තරගය ලෙසයි. එම තරගයේ ප්‍රතිවාදීන් වූයේ අසල්වැසි ඉන්දියාවයි.
ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ දෙරට ක්‍රීඩකයෝ මේ දක්වා තරගාවලි 13කට සහභාගී වී ඇති අතර ඉන් තරගාවලි 6ක් බැගින් දෙරට ක්‍රීඩකයෝ ජයග්‍රහණය කර තිබෙනවා. තරගාවලි ආරම්භ කරමින් පැවැති මංගල තරගාවලිය නිමා වී ඇත්තේ තරග 1-1ක් ලෙසින් සම වෙමිනුයි.
කෙසේ වෙතත් මේ දක්වා පැවැති තරගාවලි අතුරින් අවසන් තරගාවලි ත්‍රිත්වයේ ජයග්‍රහණයන් එංගලන්ත ක්‍රීඩකයන් සතු කරගෙන ඇති අතර ඔවුනොවුන් අවසන් වරට හමුව ඇත්තේ 2021 වසරේ දී යි.
- මාලින්ද පුෂ්පකුමාර පළමු පෙළ කඩුලු 1000 සමාජයට
- ගැටලු විසඳා ගැනීමට ICC නියෝජිතයින් බංග්ලාදේශයට යයි
- T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සිය එළි දක්වයි
- LPL 2026 සඳහා ක්‍රීඩක වෙන්දේසියක් නැහැ!
| ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ජාත්‍යන්තර තරගාවලි ලැයිස්තුව | |||||
| සත්කාරක | තරග | තරගාවලියේ විසඳුම සහ තරගාවලිය පැවැති වසර | ශ්‍රී ලංකා නායක | එංගලන්ත නායක | |
| 1 | ශ්‍රී ලංකාව | 2 | තරග 1-1ක් ලෙස සම වේ. (1982) | බන්දුල වර්ණපුර | Keith Fletcher |
| 2 | එංගලන්තය | 1 | එංගලන්තයට තරග 1-0ක ජයක්. (1988) | රංජන් මඩුගල්ලේ | Graham Gooch |
| 3 | ශ්‍රී ලංකාව | 2 | ශ්‍රී ලංකාවට තරග 2-0ක ජයක්. (1993) | අර්ජුණ රණතුංග | Alec Stewart |
| 4 | එංගලන්තය | 3 | ශ්‍රී ලංකාවට තරග 3-0ක ජයක්. (2001) | මාවන් අතපත්තු | Graham Thorpe |
| 5 | ශ්‍රී ලංකාව | 3 | ශ්‍රී ලංකාවට තරග 1-0ක ජයක්. (2003) | මාවන් අතපත්තු | Michael Vaughan |
| 6 | එංගලන්තය | 5 | ශ්‍රී ලංකාවට තරග 5-0ක ජයක්. (2006) | මහේල ජයවර්ධන | Andrew Strauss |
| 7 | ශ්‍රී ලංකාව | 5 | එංගලන්තයට තරග 3-2ක් ජයක්. (2007) | මහේල ජයවර්ධන | Paul Collingwood |
| 8 | එංගලන්තය | 5 | එංගලන්තයට තරග 3-2ක් ජයක්. (2011) | තිලකරත්න ඩිල්ශාන් | Alastair Cook |
| 9 | එංගලන්තය | 5 | ශ්‍රී ලංකාවට තරග 3-2ක ජයක්. (2014) | ඇන්ජලෝ මැතිව්ස් | Alastair Cook |
| 10 | ශ්‍රී ලංකාව | 7 | ශ්‍රී ලංකාවට තරග 5-2ක ජයක්. (2014) | ඇන්ජලෝ මැතිව්ස් | Alastair Cook |
| 11 | එංගලන්තය | 5 | එංගලන්තයට තරග 3-0ක ජයක්. (2016) | ඇන්ජලෝ මැතිව්ස් | Eoin Morgan |
| 12 | ශ්‍රී ලංකාව | 5 | එංගලන්තයට තරග 3-1ක ජයක්. (2018) | දිනේෂ් චන්දිමාල් | Jos Buttler |
| 13 | එංගලන්තය | 3 | එංගලන්තයට තරග 2-0ක ජයක්. (2021) | කුසල් පෙරේරා | Eoin Morgan |
ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ සුවිශේෂී කඩඉම්
366/6 (50.0) : ශ්‍රී ලංකාව විසින් 2018 වසරේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී වාර්තා කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
333/9 (50.0) : 1983 වසරේ දී Taunton හි දී වාර්තා කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව දෙරට ඉතිහාසයේ එංගලන්ත කණ්ඩායමක් විසින් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
67/10 (24.0) : ශ්‍රී ලංකා කණ්ඩායම 2014 වසරේ දී Manchester හි දී වාර්තා කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් විසින් ලබා ගන්නා ලද අඩු ම ලකුණු සංඛ්‍යාවයි.
88/10 (46.1) : 2003 වසරේ දී රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී වාර්තා වූ ලක මෙම ලකුණු සංඛ්‍යාව දෙරට ඉතිහාසයේ එංගලන්ත කණ්ඩායමක් ලබා ගන්නා ලද අඩු ම ලකුණු සංඛ්‍යාවයි.
645 : දෙරට ඉතිහාසයේ කණ්ඩායම් 2 එක් ව ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වෙන්නේ මෙයයි. මෙම ඉනිම් ද්විත්වය 2006 වසරේ Leeds හි දී වාර්තා වූවා.
140 : දෙරට ඉතිහාසයේ කණ්ඩායම් 2 එක් ව වාර්තා කරන ලද අඩු ම ලකුණු සංඛ්‍යාව වෙන්නේ මෙයයි. මෙම ඉනිම් ද්විත්වය 2003 වසරේ දී රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දි වාර්තා වූවා.
219 : ශ්‍රී ලංකාව විසින් 2018 වසරේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ලබා ගන්නා ලද මෙම ජයග්‍රාහී ලකුණු සංඛ්‍යාව දෙරට ඉතිහාසයේ කණ්ඩායමක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු පරතරයකින් යුත් ජයග්‍රහණයයි.
1625 : දෙරට ඉතිහාසයේ පිතිකරුවෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව කුමාර් සංගක්කාර සතු වෙනවා. ඔහු මෙම දක්ෂතාව සිදු කරන්නේ තරග 44ක ඉනිම 41කදීයි.
| Player | Team | M | Runs | HS | Ave | 100 | 50 | 4s | 6s | |
| 1 | කුමාර් සංගක්කාර | ශ්‍රී ලංකාව | 44 | 1625 | 134* | 47.7 | 4 | 11 | 152 | 5 |
| 2 | මහේල ජයවර්ධන | ශ්‍රී ලංකාව | 47 | 1562 | 144 | 40.0 | 5 | 8 | 147 | 4 |
| 3 | සනත් ජයසූරිය | ශ්‍රී ලංකාව | 35 | 1195 | 152 | 37.3 | 4 | 3 | 145 | 28 |
| 4 | Joe Root | එංගලන්තය | 29 | 1178 | 121 | 62.0 | 2 | 9 | 82 | 7 |
| 5 | තිලකරත්න ඩිල්ශාන් | ශ්‍රී ලංකාව | 34 | 966 | 108* | 34.5 | 2 | 5 | 98 | 6 |
162 : දෙරට ඉතිහාසයේ පිතිකරුවෙක් විසින් ඉනිමක රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙන්නේ එංගලන්තයේ Jason Roy විසින් 2016 වසරේ දී The Oval ක්‍රීඩාංගණයේ දී වාර්තා කරන ලද මෙම ඉනිමයි.
5x100 : දෙරට ඉතිහාසයේ වැඩිම ශතක ප්‍රමාණයක් වාර්තා කරන ලද පිතිකරු වන්නේ මහේල ජයවර්ධන.
28x6s : දෙරට ඉතිහාසයේ වැඩිම හයේ පහර ප්‍රමාණයක් එල්ල කළ ක්‍රීඩකයා වෙන්නේ සනත් ජයසූරිය.
48 : දෙරට ඉතිහාසයේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා වෙන්නේ ලසිත් මාලිංග.
| Player | Team | M | Over | Md | Runs | Wkt | BBI | Ave | 5 | |
| 1 | ලසිත් මාලිංග | ශ්‍රී ලංකාව | 30 | 242.5 | 15 | 1284 | 48 | 5/44 | 26.7 | 1 |
| 2 | දිල්හාර ප්‍රනාන්දු | ශ්‍රී ලංකාව | 16 | 137.0 | 2 | 722 | 36 | 6/27 | 20.0 | 1 |
| 3 | James Anderson | එංගලන්තය | 24 | 203.1 | 16 | 917 | 34 | 4/18 | 26.9 | 0 |
| 4 | චමින්ද වාස් | ශ්‍රී ලංකාව | 30 | 252.4 | 25 | 1121 | 32 | 3/13 | 35.0 | 0 |
| 5 | සනත් ජයසූරිය | ශ්‍රී ලංකාව | 35 | 232.2 | 2 | 1142 | 32 | 6/29 | 35.6 | 1 |
6/27 (8.0) : දෙරට ඉතිහාසයේ පන්දු යවන්නෙක් විසින් පෑ ඉහළ ම දක්ෂතාව දක්වන්නේ දිල්හාර ප්‍රනාන්දු. ඔහු කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී 2007 වසරේ දී මෙම දක්ෂතාව දක්වනවා.
286 : දෙරට ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සබඳතාව එක් කිරීමේ ගෞරවය උපුල් තරංග සහ සනත් ජයසූරිය සතු වෙනවා. ඔවුන් මෙම ඉනිම ක්‍රීඩා කරන්නේ 2006 වසරේ Leeds හී පැවැති තරගයේ 1 වැනි කඩුල්ලටයි.
ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින තරගාවලියේ සියලු උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















