ඩයලොග් රග්බි ලීගයේ සිව්වැනි සතියේ තරග හෙට (19) සිට සෙනසුරාදා (21) දක්වා පැවැත්වීමට නියමිතයි. තෙවැනි සතියේ දී මහනුවර ක්‍රීඩා සමාජය විසින් පසුගිය තරග වාරයේ යුද හමුදා ක්‍රීඩා සමාජයෙන් වාඩුව ගැනීමෙන් අනතුරුව, මේ සතියේ පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියි.
CH&FCට එරෙහිව නාවික හමුදා ක්‍රීඩා සමාජය
- දිනය: 2019-12-19
- ස්ථානය: තුරඟ තරග පිටිය
- වෙලාව: සවස 3.43

තරගාවලියේ පළමු තරගයම යුද හමුදාවට එරෙහිව ජය පැරදුමකින් තොරව අවසන් කළ CH කණ්ඩායම දෙවැනි සතියේ දී ඔවුන්ගේ ප්‍රධානතම ප්‍රතිවාදියා මුණගැසුණු අතර එම තරගයෙන් අනපේක්ෂිත පරාජයකට මුහුණ දීමට සිදු විය. එසේම පසුගිය සතියේ දී හැව්ලොක් කණ්ඩායමට එරෙහිව ද දරුණු පරාජයකට මුහුණ දුන් CH කණ්ඩායමත් මේ සතියේ දී තම පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සූදානමින් සිටියි.
මෙවර තරගය පරාජිතයින්ගේ තරගයක් ලෙස හැඳින්විය හැකි අතර මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම මෙවර තරග වාරයේ දී තම පළමු ජය වාර්තා කරනු ඇත.
ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට එරෙහිව හැව්ලොක් කණ්ඩායම
- දිනය: 2019-12-21
- ස්ථානය: රත්මලාන.
- වෙලාව: සවස 3.45

පොලිස් කණ්ඩායමට එරෙහිව දෙවැනි සතියේ දී අවාසනාවන්ත ලෙස පරාජය වූ හැව්ලොක් කණ්ඩායම තෙවැනි සතියේ දී ශක්තිමත් මානසික මට්ටමකින් CH කණ්ඩායමට එරෙහිව ජයග්‍රහණය වාර්තා කළේය. ජයග්‍රාහී මානසිකත්වයකින් මෙවර තරගයට අවතීර්ණ වන හැව්ලොක් කණ්ඩායම තමන්ගේ තුන්වැනි ජය වාර්තා කිරීමට සූදානමින් සිටියි.
මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව පොලිස් ක්‍රීඩා සමාජය
- දිනය: 2019-12-21
- ස්ථානය: පොලිස් ක්‍රීඩා පිටිය
- වෙලාව: සවස 3.45

පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන ෆීජි ජාතික ඉමොසි වුණිවොසාට තම දස්කම් දැක්වීමට මෙම තරගය කදිම අවස්ථාවක් වනු ඇත. මහනුවර ක්‍රීඩා සමාජයට කොළඹ දී ක්‍රීඩා කරන තරග එතරම් සුබදායක නැත. ඔවුන්ට මෙවර පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ජයග්‍රහණයක් වාර්තා කිරීමට හැකි වෙයි ද? නැතිනම් පොලිස් ක්‍රීඩා සමාජයට මහනුවර ක්‍රීඩා සමාජයේ අපරාජිත වාර්තාව බිඳ දැමීමට අවස්ථාවක් හිමි වෙයි ද?
CR&FC කණ්ඩායමට එරෙහිව යුද හමුදා ක්‍රීඩා සමාජය
- දිනය: 2019-12-21
- ස්ථානය: ලොන්ඩන් පෙදෙස.
- වෙලාව: සවස 3.45

තරගාවලියේ පළමු තරගය CH කණ්ඩායමට එරෙහිව සම කරන්නට සමත් වූ යුද හමුදාව දෙවැනි තරගයේ දී ගුවන් හමුදාවට එරෙහිව පහසු ජයක් අත්කර ගත්තේය. එසේම පසුගිය තරගයේ දී මහනුවර ක්‍රීඩා සමාජයට එරෙහිව දරුණු පරාජයකට මුහුණ දුන් ඔවුන්ට මේ සතියේ දී ඔවුන්ගේ සුපුරුදු රිද්මයට පැමිණීමට හැකි වෙයි ද?
තරගාවලියේ සජීව විකාශය හා සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<






















