ශ්‍රී ලාංකීක රග්බි පිටියේ තීරණාත්මකම තරඟාවලියක් වන ඩයලොග් රග්බි ලීග් තරඟාවලියේ අවසාන සති කිහිපය දක්වා මේවන විට පැමින අවසන් ය.
තරඟාවලියේ සියළුම ඡායාරෑප සඳහා මෙතනින් පිවිසෙන්න
එලඹෙන සති අන්තයෙන් තරඟාවලිය නිමාවට පත්වීමට නියමිත අතර තරඟාවලිය මුළුල්ලේම එක් අපරාජිත කණ්ඩායමක් ක්‍රීඩා පිටිය අතික්‍රමනය කරමින් තරඟ වදින අතර තරඟාවලිය පුරාම එකදු තරඟයක්වත් ජයග්‍රහනය නොකර පිලක් ද වෙයි. කෙසේ වෙතත් තරඟාවලියේ අවසානය ගැන තාමත් කිසිවෙකුට පුරෝකතනයන් සිදුකිරීම දුෂ්කර යැයි සිතමි.
පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව ගුවන් හමුදා ක්‍රීඩා සමාජය
නිමාවු සති අන්තය ගුවන් හමුදාව සහ පොලිස් පිල අතර පැවති තරඟයකින් අාරම්භ වුනි. එම තරඟය කොළඹ පොලිස් ක්‍රීඩා පිටියේදි පැවති අතර එහි ජයග්‍රහනය ලකුණු 24ක් ලබා ගත් පොලිස් කණ්ඩායම සතු විය.

දෙවන අර්ධය අාරම්භ වී සුළු මොහොතකට පසුව පොලිස් පිළ තම ලකුණු සංඛ්‍යාව 17ක් දක්වා වර්ධනය කර ගත් අතර ගුවන් හමුදා පිළ කිසිදු ලකුණක් නොලබා අසරණ වි සිටියේය. නමුත් තරඟය අවසාන වීමට මිනිත්තු දහයක් තිබිය දී ගුවන් හමුදා පිලෙහි ඉසුරැ ජයරත්න සහ නුවන් පෙරේරා ගේ උත්සාහක දිනුමත් සමඟ චරිත් සෙනෙවිරත්නගේ ප්‍රවර්ථනයක් ද සාර්ථක වී ලකුණු 12ක් තම ලකුණු පුවරැවේ සටහන් කරන ලදී. තරඟය අවසන් වන විට පොලිස් පිළ ලකුණු 24ක් ලබා පෙරමුනේ පසුවිය.
සියලු තරඟ නැවත නැරඹීම සඳහා මෙතනින් පිවිසෙන්න
පොලිස් පිළ ලකුණු 24 – සුදම් සුරියඅාරච්චි එක් උත්සහක දිනුමක්, රදීශ සෙනෙවිරත්න සහ උදාර චානක ප්‍රවර්තන 3ක් සහ රීසා මුබාරක් එක් දඬුවම් පහරකි
ගුවන් හමුදා පිළ ලකුණු 12 – ඉසුරැ ජයරත්න සහ නුවන් පෙරේරා උත්සහක දිනුම් 2ක්, චරිත් සෙනෙවිරත්න එක් ප්‍රවර්තනයකි
තරඟයේ වීරයා චාල්ස් ප්‍රවීන්
හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව CR & FC ක්‍රීඩා සමාජය
13වන සතියේ තවත් තරඟයක් ප්‍රභල හැව්ලොක්ස් පිල සහ CR & FC පිල අතර ඉකුත් 20වැනිදා හැව්ලොක්ස් ක්‍රීඩා පිටියේදි පැවැත්විනි.
එහිදි හැව්ලොක්ස් ක්‍රීඩා සමාජයේ ප්‍රසාත් මදුසංක CR & FC පිලට එරෙහිව ලබා ගත් දැවැන්ත උත්සහක දිනුම් හතරක් සමඟ හැව්ලොක්ස් පිලට ජයග්‍රහනය හිමි විය. මේවන විට ලකුණු පුවරැවේ දෙවන ස්ථානය හිමි ව සිටින හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය දෙවෙනි වන්නේ මහනුවර පිලට පමණි.

දෙවන අර්ධය අාරම්භවීමත් සමඟ ක්‍රියාත්මක වු හැව්ලොක්ස් පිල තම ලකුණු පුවරැවට ලකුණු එක් රැස් කරමින් CR පිල අසරණ කලත් මිනිත්තු කිහිපයකට පසුව හැව්ලොක්ස් ක්‍රීඩකයන් අභිබවා යමින් CR පිල ලකුණු රැස් කරන්නට විය. නමුත් පරාජය හුරැපුරැදු නොවු හැව්ලොක්ස් ක්‍රීඩයින් CR පිල හඹා යමින් තරඟය අවසන් වන විට ලකුණු 26ට 21ක් ලෙස තීරණාත්මක ජයක් ලබා ගැනීමට සමත් විය. වර්ශාවෙන් පිටිය මඩ බවට පත් වි තිබුනත් ක්‍රිඩයන්ගේ ක්‍රීඩාවට එය බාධාවක් නොවුනු ගානයි.
හැව්ලොක්ස් පිල ලකුණු 26 – ප්‍රසාත් මදුසංක උත්සහක දිනුම් 4ක් සහ රිස්මි ජමල්ඩීන් ප්‍රවර්තන 3කි
CR & FC පිල ලකුණු 21 – තරින්ද රත්වත්තේ සහ කාංචන රාමනායක උත්සහක දිනුමක් ද ප්‍රින්ස් චාමර දඬුවම් පහර 3ක් සහ එක් ප්‍රවර්තනයකි.
තරඟයේ වීරයා – ප්‍රසාත් මදුසංක
නාවික හමුදාවට එරෙහිව මහනුවර කණ්ඩායම
මෙතෙක් තරඟාවලිය පුරාවටම අපරාජිතව සිටින මහනුවර කණ්ඩායම සහ නාවික හමුදාව අතර තරඟය ද 20වන දා වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගනයේදි පැවැත්විය. එහි ද නාවිකයන්ට ලකුණු 8ක පරාජයක් හිමි කර දෙමින් මහනුවර පිල ජයග්‍රහනය කළේය.

දෙවැනි අර්ධය අාරම්භ වන විට පිටිය අැද හැලී තිබුනු වර්ශාව නිසා පිටිය මඩ ගොහොරැවක් වී තිබීම එක්තරා අතකට කණ්ඩායම් දෙකටම ලකුණු රැස්කිරීමට බාධාවක් විය. කෙසෙ නමුත් තරඟය අත් නොහැරැ ක්‍රීඩකයන් සුපුරැදු ප්‍රවේගකාරී රංගනය ක්‍රීඩා පිටිය මත රඟ දැක්වු අතර දෙවන අර්ධය අවසන් වන විට නාවිකයො ලකුණු 8ක් ලබා ගත් අතර මහනුවර පිළ ලකුණු 19 ක් ලබා තරඟයේ ජයග්‍රහනය අතැතිව සිටියේය.
මහනුවර පිල ලකුණු 19 – ශ්‍රීනාත් සූරියබණ්ඩාර, නයිජල් රත්වත්තේ, ඔෂාන් පෙරේරා උත්සාහක දිනුම් වාර්තා කළ අතර නයිජල් රත්වත්තේ ප්‍රවර්තන දෙකකි.
නාවික හමුදා පිල ලකුණු 8 – ස්ටෙෆාන් ගේර්රැ එක් උත්සහක දිනුමක්, තිළිණ වීරසිංහ එක් ප්‍රවර්තනයක්
තරඟයේ වීරයා – නයිජල් රත්වත්තේ
CH & FC කණ්ඩායමට එරෙහිව යුධ හමුදා කණ්ඩායම
තරඟ සතියේ අවසන් තරඟය වන මෙය කොළඹ තුරඟ තරඟ පිටියේදි පැවැති අතර සුපුරැදු 13වැනි පරාජය ලබාගත් CH පිල අභිබවා ලකුණු 35කින් යුධ හමුදා කණ්ඩායම ජයග්‍රහනය කරන ලදි.

කෙසෙ නමුත් දෙවන අර්ධය පුරාවටම යුධ හමුදා පිලෙහි ප්‍රවේගකාරී රංගනය දිස්වු අතර දෙවන අර්ධය අවසානයේ ලකුණු 38ක් ලබා ගැනීමට යුධ හමුදා පිලට හැකි විය.
CH & FC පිල ලකුණු 3 – ජනිත් චන්දිමාල් එක් දඬුවම් පහරකි
යුධ හමුදා පිල ලකුණු 38 – සුදාරක දික්කුඹුර සහ රෝසා සම්පත් උත්සහක දිනුම් 2ක්, රන්ජන් ජයරත්න සහ ඔමන්ත පන්තියාවත්ත එක් උත්සහත දිනුමක්ද, ගයාන් සාලින්ද ප්‍රවර්තන 3ක් සහ බවන්ත පෙරේරා එක් ප්‍රවර්තනයකි
තරඟයේ වීරයා – සුදාරක දික්කුඹුර





















