*කාන්තා ජය කොස්වාඩිය විජය ක්‍රීඩා  සමාජයට
*පිරිමි ජය බොරලැස්ගමුව බලරැස් ක්‍රිඩා සමාජයට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වොලිබෝල් තරගාවලියක් වන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරග සීදුවේ දවිසමර මහා විදුහලේ `ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ´අනුස්මරණ ගෘහස්ථ වොලිබෝල් පිටියේදී පැවැත්විය.

වොලිබෝල් කණ්ඩායම් 4000ක සහ ක්‍රීඩක  ක්‍රීඩිකාවන් 48000ක පමණ සහභාගිත්වයෙන් වු මෙමතරගාවලිය සදහා 11වැනි වරටත් පුර්ණ අනුග්‍රහක දායකත්වය සපයන්නේ ලංකාවේ ප්‍රමුඛ සන්නිවේදන සමාගමක් වන ඩයලොග් ආසියාටා සමාගමයි.

කාන්තා අවසාන මහා තරගය  කොස්වාඩිය විජය ක්‍රිඩා සමාජය සහ රදාවාන ගොල්ඩන් බර්ඩ්ස් ක්‍රීඩා සමාජය අතර පැවැත්විය. ඉතා තියුණු තරගයකින් අනතුරුව 5ට 3ක් ලෙස කොස්වාඩිය විජය ක්‍රිඩා සමාජයට ජය හිමි වු අතර කාන්තා තෙවැනි ස්ථානය සියඹලාගොඩ කපිල ක්‍රීඩා සමාජය හිමිකර ගත්තේය.

පිරිමි අවසන් මහා තරගය බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩා සමාජය හා දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජය අතර පැවැත් වු අතර එහිදී තරග 3ට 0ලෙස අති විශිෂ්ට ජයක් ලබා ගැනිමට බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩා සමාජය සමත් වු අතර පිරිමි තෙවැනි ස්ථානය රදාවාන ගොල්ඩන් බර්ඩ්ස් පිළට හිමිවිය.

දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොස්වාඩිය විජය ක්‍රීඩා සමාජයේ දිනේෂා ප්‍රසාදිනිත්, දක්ෂතම ප්‍රහාරිකාව ලෙස රදාවාන බර්ඩ්ස් ක්‍රීඩා සමාජයේ ඉරොෂි උදයංගනිත්,දක්ෂතම ලිබරෝ ක්‍රීඩිකාව ලෙස දිලුශා සංජිවනිත් සම්මාන ලැබීය.

දක්ෂතම ක්‍රීඩකයා ලෙස බොරලැස්ගමුව බලරැස් ක්‍රීඩා සමාජයේ  ශමිල් මලිංගත්, දක්ෂතම ප්‍රහාරකයා ලෙස දෙබෑගම රන්තරු ක්‍රීඩා සමාජයේ ගයාන් ප්‍රේමරත්නත්, දක්ෂතම ලිබරෝ ක්‍රීඩකයා ලෙස බොරලැස්ගමුව බලරැස්ක්‍රීඩා සමාජයේ රුමේශ් එරංගත් සම්මාන ලැබිය.

තරගය නැරඹීමට සිටි ප්‍රේක්ෂකයන් අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර මහතා සහ ඩයලොග් ආසියාටා සමාගමේ සභාපතිවරයා වන ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා ද දැකගත හැකිවිම විශේෂත්වයකි.