සිටි ලීග් තරගාවලියේ පළමු තරග සමයි  

City Football League President Cup 2023

257

මෙරට පාපන්දු පිටියේ උණුසුම වැඩි කරමින් පැවැත්වෙන City Football League President Cup 2023 තරගාවලිය ඊයේ (18) ආරම්භ වුනේ කොළඹ City පාපන්දු සංකීර්ණයේයි.

තරගාවලිය ආරම්භ කරමින් ඊයේ තරග දෙකක් පැවති අතර එම තරග දෙකම අවසන් වුනේ කණ්ඩායම් සමව ගෝල වාර්තා කරමිනුයි.

Saunders SC සහ Java Lane SC

පළමු තරගයේ වූ මෙම තරගය අවසන් වුනේ ගෝල 2-2ක් ලෙසයි.

තරගයේ පළමු අර්ධයේ දී ක්‍රියාත්මක වූ Saunders ක්‍රීඩක ඩිලාන් කෞෂල්‍ය සිල්වා එම අර්ධයේ අතිරේක කාලයේ දී ගෝලයක් වාර්තා කරමින් සිය කණ්ඩායම පෙරමුණට ගෙන ආවා.

63 වැනි මිනිත්තුවේ දී Java Lane ක්‍රීඩක මාලක පෙරේරා ගෝලයක් වාර්තා කරමින් ලකුණු තත්වය සම කළ අතර 71 වැනි මිනිත්තුවේ දී ගෝලයක් වාර්තා කරමින් මොහොමඩ් සෆ්‍රාන් Java Lane පෙරමුණට ගෙන ආවා.

නමුත් තරගය අවසන් වීමට මිනිත්තු 8ක් ඉතිරිව තිබිය දී Saunders ක්‍රීඩකයින් තරගය සම කළේ සුන්තරාජ් නිරේෂ් වාර්තා කළ ගෝලයත් සමඟිනුයි.

අවසන් ලකුණු තත්වය – Saunders SC 2 – 2 Java Lane SC

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • Saunders SC – ඩිලාන් කෞෂල්‍ය 45+4’, එස්. නිරේෂ් 82’
  • Java Lane SC – මාලක පෙරේරා 61’, මොහොමඩ් සෆ්‍රාන් 71’

Moragasmulla SC සහ Colombo FC

අවසන් මොහොත දක්වා පැවති තියුණු සටනකින් පසුව Moragasmulla කණ්ඩායමට එරෙහි තරගය සමව අවසන් කිරීමට සත්කාරක Colombo FC ක්‍රීඩකයින් සමත් වුනා.

ආරම්භයේ සිට තරගය ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තත් පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමට හැකි නොවූ නිසා එම අර්ධය ගෝල රහිතව අවසන් වුනා.

68 වැනි මිනිත්තුවේ ලැබූ දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් පළමු ගෝලය වාර්තා කිරීමට මොරගස්මුල්ල ක්‍රීඩක නිමල ධනංජයට හැකි වූවත්, 90 වැනි මිනිත්තුවේ ලැබුණු දඬුවම් පහරක් සාර්ථකව අවසන් කරමින් සිය කණ්ඩායම පරාජයෙන් ගලවා ගැනීමට සර්වාන් ජෝහාර්ට හැකි වුනා.

අවසන් ලකුණු තත්වය: Moragasmulla SC 01 – 01 Colombo FC

ගෝල රැස් කළ ක්‍රීඩකයින්,

  • Moragasmulla SC – නිමල ධනංජය 68’ (P)
  • Colombo FC – සර්වාන් ජෝහාර් 90’ (P)

දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<