පාකිස්තානයේ තරග සංචාරයක නිරත ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම් නායක චරිත් අසලංක සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාව බලා පැමිණෙන බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව තහවුරු කර ඇති අතර, අසනීප තත්වයක් හේතුවෙන් ඔවුන් සංචාරය අතර මැද මෙසේ දිවයිනට පැමිණීමට නියමිත බවයි සඳහන් වන්නේ.
මේ හේතුව නිසාවෙන් ම ඊයේ පැවැත්වුණු ශ්‍රී ලංකා – පාකිස්තාන තෙවැනි එක්දින තරගයට ද මෙම දෙදෙනා ම සහභාගී වුනේ නැහැ.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
ශ්‍රී ලංකා, පාකිස්තාන සහ සිම්බාබ්වේ විස්සයි විස්ස තුන් කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය එළඹෙන 20 පැවැත්වීමට නියමිතයි.
මෙහි දී චරිත් අසලංකගෙන් හිස් වන නායකත්ව වගකීම වත්මන් උපනායක දසුන් ශානක හට හිමි වනු ඇති. එමෙන්ම මෙම සංචිතයට පවන් රත්නායකගේ නම ද ඇතුළත් කර තිබෙනවා.
20 වැනිදායින් පසුව ශ්‍රී ලංකාව පිළිවලින් 22, 25 සහ 27 යන දිනවල දී අනෙක් තරග ක්‍රීඩා කිරීමට නියමිතයි. එමෙන්ම තරගාවලියේ අවසන් තරගය එළඹෙන 29 වැනි දා පැවැත්වෙනු ඇති.
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, එමෙන්ම තරගාවලියේ සියලු තරග ThePapare හරහා සජීවී ව නැරඹීමේ අවස්ථාව ද ඔබට හිමි වනු ඇති. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















